IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


හොරෙන් එන්ගලන්තයට පනින්න ආ දෙන්නෙක් මාට්ටු

(ටී.කේ.ජී.කපිල )

කූඨ ලෙස සකස් කළ මෙරට ගමන් බලපත්‍ර උපයෝගී කර ගෙන නේපාලයේ කත්මණ්ඩු නුවර හරහා එංගලන්තය වෙත පැන යාමට තැත් කළ ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු අද(31) කටුනායක ගුවන් තොටුපොළේ දී ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

මොවුන් අතරින් පළමු වැන්නා මඩකලපුව ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි අයෙකි .

ඔහු 31 දින උදෑසන 07.10 ට නේපාලයේ කත්මණ්ඩු නුවර බලා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව යාමට නියමිත ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි.- 282 දරන ගුවන් යානයට පිවිසීම සදහා ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

ඔහු සියලුම ගුවන් සේවා නිශ්කාශන කටයුතු නිම කර , විගමන කටයුතු සදහා ආගමන විගමන නිලධාරීන් වෙත පැමිණ සිටිය දී ඔහුගේ සැක කටයුතු ඉරියව් නිරීක්ෂණය කළ එම නිලධාරීන් , ඔහුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම් වලදී අනාවරණය වූ කරුණු අනුව , වැඩිදුරටත් ඔහුගේ ගමන් මලු පරීක්ෂා කිරීමේදී , ඒවා තුළ සගවා ගෙන තිබූ ඔහුගේ රුවට සමාන රුවක් යොදා , ඔහුගේ ජීව දත්ත තොරතුරු ඇතුළත් කර කූඨ ලෙස  සකස් කර තිබූ ව්‍යාජ ශ්‍රී ලංකා ගමන් බලපත්‍රයක් ද සොයා ගැනීමට හැකි වී තිබේ .

ඒ අනුව තවදුරටත් ඔහුගෙන් ප්‍රශ්න කිරීම් සිදු කළ අතර , එහිදී ඔහුත් සමග තවත් මෙවැනිම කූඨ ලෙස සකස් කළ ව්‍යාජ ශ්‍රී ලංකා ගමන් බලපත්‍රයක් රැගත් පුද්ගලයෙකු මේ වනවිට , ගුවන් තොටුපොළ සියලුම නිශ්කාශන කටයුතු නිමා කර , ඉන්දීය ගුවන් යානය වෙත ද පිවිසී සිටින බව අනාවරණය කර තිබේ .

 



අදහස් (0)

හොරෙන් එන්ගලන්තයට පනින්න ආ දෙන්නෙක් මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 577 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 285 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1087 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site