(අංජුල මහික වීරරත්න)
නිශ්පාදන අංශයට අදාලව 2022 වර්ෂයේ පැවැත්වූ හය වන කොරියා භාෂා ප්‍රවීණතා විභාගයේ දෙවන අදියරෙන් අපේක්ෂකයින් 3950 දෙනෙකු සමත් වී ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
2022.07.04 දින සිට 2023.02.03 දින දක්වා මාර්ගගත ක්‍රමයට මෙම විභාගය පැවැත්විණි. අපේක්ෂකයින් 24378 ක් විභාගයට අයදුම් කරන තිබුණද, විභාගය සඳහා පෙනී සිට ඇත්තේ අයදුම්කරුවන් 18269 කි.
විභාගයේ ප්‍රථිඵල www.slbfe.lk වෙබ් අඩවියේ පළ කර ඇති අතර, විභාගය සමත් වූ අයදුම්කරුවන් සම්මුඛ පරීක්ෂණ හා වෛද්‍ය පරීක්ෂණ සඳහා පැමිණිය යුතු දිනයන් ඉදිරියේදී දැනුම් දෙන බව කාර්යංශය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd