(සුජිත් හේවාජුලිගේ )
රටපුරා අනිද්දා පැවැත්වීමට නියමිත හර්තාලයට කිසිදු සහයක් ලබා නොදෙන බවත් එම කාලයේදී අත්‍යවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යෑමට සියලු පියවර ගන්නා බවත් අත්‍යවශ්‍ය සේවා සපයන ආයතන රැසක වෘත්තී සමිති නියෝජිතයෝ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අද (3) පොරොන්දුවූහ.
පටු දේශපාලන වුවමනා මත මේ වැඩ වර්ජනය පවත්වන්නේ ජනතාව අපහසුතාවයට පත් කිරීමේ අරමුණින් බවද එම නියෝජිතයෝ සඳහන් කළහ.
නියෝජිත පිරිස මෙසේ පැවසුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ කොළඹ කොටුවේ ජනාධිපති මන්දිරයේදී අද (3) පස්වරුවේ පැවති සාකච්ඡාවකදීය.
එම වැඩ වර්ජනය සේවක අයිතීන් වෙනුවෙන් නොව දේශපාලන පක්ෂ කිහිපයක වුවමනාවක් මත සිදු කෙරෙන්නක් බවද වෘත්තීය සමිති නියෝජිතයෝ පෙන්වා දුන්හ.
ආර්ථික අර්බුදය තවදුරටත් උග්‍ර හැරවීම සහ මහජනතාව පීඩාවට පත් කිරීම මෙම වැඩවර්ජනයේ ප්‍රධාන අපේක්ෂාව බවත් ඒ තත්වය තේරුම්ගෙන ජන ජීවිතය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යෑමට කටයුතු කිරීම සියලු සේවකයන්ගේ යුතුකම සහ වගකීම බවත් ඔවුහු පැවසූහ .
ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා නව ක්‍රමවේදයන්ට යොමුවීමේ සහ දේශපාලන භේදවලින් ඉවත්වීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය .
ආර්ථික අර්බුදය තවදුරටත් උග්‍ර අතට හැරවීම වැඩ වර්ජනය පිටුපස ඇති දේශපාලන අරමුණ බවත් එය වටහාගෙන ආයතන බිද වැටීමට ඉඩ නොතැබිය යුතු බවත් ජනාධිපතිවරයා කීවේය.
රටපුරා පසුගිය 28 වැනිදා පැවති වැඩවර්ජනය නොතකා රාජකාරි ඉටුකළ සේවකයන්ට ස්තූතිය පුද කළ ජනාධිපතිවරයා පවතින තත්වය වටහා ගෙන ජන ජීවිතය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යෑමට අවශ්‍ය සහාය ලබා දෙන ලෙස සියලු වෘත්තීය සමිතිවලින් ඉල්ලීමක් කළේය.
මේ අවස්ථාවට අමාත්‍යවරුන්වන දිලුම් අමුණුගම, මොහාන් ද සිල්වා කාංචන විජේසේකර, ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ, ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් යන මහත්වරුන්ද ප්‍රවාහන, විදුලිබල, වරාය හා නාවික බලශක්ති අමාත්‍යාංශවල ලේකම්වරුන් හා ආයතන ප්‍රධානීහු ඇතුළු පිරිසක්ද සහභාගි වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වෙලාවේ වර්ජන හොඳ නෑ. ඒත් මේ බලෙන්ම ඉන්න අනවශ්‍ය පාලක පවුල එක්ක වෙන කරන්න දෙයක් නෑ නොවේද?
කොහොමද මේක පටු දේශපාලන වාසියක් වෙනුවෙන් වෙන්නේ...? ඒවා කරන්නේ රාජපක්ෂලා... බලමුකෝ අත්‍යාවශ්‍ය ඒවා කරන විදිහ...
ආයිත් අමුතුවෙන් අපහසුතාවයකට පත්වෙන්න දෙයක් තියේද මේ කන කට්ට මදිද..? ඔව් දේශපාලන වෙනසක් කරන්න දේශපාලන අරමුණක් තියෙන්න ඕනේ... ඔබලා කියන්නේ මෙයාලව තියාගෙන මල් පූජා කරන්න කියලාද ?
ආයතන රැසක වෘත්තීය සමිති නියෝජිතයින් කිව්වට කිසිම නමක් නැහැනේ...
හොරාකාපුවා දෙන්න.
ඔය අමුණුගම ඔය විදියට තමයි කෝච්චි දුවනවයි කිව්වේ... මීට ඉස්සෙල්ලා තිබිච්ච දුම්රිය එක්දින වර්ජනයේදී... මේ සැරෙත් වෙන්නේ ඒ ටිකමයි. කිසිම හරි හමන් පදනමක් නැති වෘත්තීය සමිති නායකයින් කියන සට්ටැඹියන් ටිකක් ගෙන්නලා ලොකු ටෝක්ස් දෙනවා. අන්තිමට පච වෙනවා ජනතාවට...
ඇත්තටම ඒ දේ තමයි විය යුත්තේ. පටු දේශපාලන අරමුණු ඉටුකර ගන්න මුලු රටක්ම අගාධයට ඇද දමන්න සැරසෙන දේශපාලකයින් ගැන ජනතාව දැනුවත් කළ යුතුයි...
අපි බඩුගන්න එන්නේ නෑ..
මෙයාලට නම් මොකද කියා වුණත් මිනිස්සු ගේනවනේ..!
කිසිම සැබෑ අරමුණක් නැතිව කරන හර්තාල් වලින් තවත් රට ආපස්සට යන එකයි වෙන්නේ. බොරු වැඩ. රජය අපහසුතාවට පත්කිරීමට 2015 බොරු කියලා මිනිස්සුන්ව රවට්ටපු කට්ටිය තමයි මේවා කරන්නේ...
කරන්නන් වාලේ කරන්නේ නැතුව, රැල්ලට යටවෙන්නේ නැතිව කල්පනාවෙන් වැඩ කරන්න. කව්ද මේවා මෙහෙයවන්නේ...? කවුරුත්ම දැන්නේ නැහැ. අසරණ මිනිස්සු ඔහේ කෑගහනවා. අපි අපිටම වලකපාගන්න එකතමයි මේ කරගන්නේ. අමාරුවෙන් ජීවත්වෙන මිනිස්සු තවත් අපහසුවට පත්වෙනවා. බුද්ධිමත් මිනිසුනේ තේරුමක් ඇති විදිහේ දෙයක් කරන්න. අපේ රට වලපල්ලට යවන්න බලාගෙන ඉන්න පිරිසේ අතකොළු වෙන්න එපා. ඇස්ඇරලා බලන්න මේ වගේ ප්‍රශ්න ආපු රටවල් වලට දැන් මොකදවෙලා තියෙන්නේ කියලා හිතන්න. අපිත් එතැනට යනවද? අපිට වෙන රටක් නැහැ. මේක රැකගමු. කවුරුවත් හිතුවාද මේවාට මුදල් යොදවන්නේ කව්ද කියලා...?
අනේ ඔව්, ඔව්... පහුගිය අවුරුදු දෙකහමාරක් තිස්සේ රට කොච්චර ඉස්සරහට ගිහිල්ලද කිව්වොත් ඉන්දියාවෙත් හැප්පිලා, බංගලිදේශයේත් හැප්පිලා.. අර ඇමෙරිකාවෙත් හැප්පෙන්න යනවා. යන වේගෙට..
රට අවුල් කිරීමට උත්සාහ කරන විරෝධතාකරුවන්ට එරෙහිව රජය අවශ්‍ය පියවර ගැනීම ගැන අපි ඉතා සතුට පත් වෙමු. ආණ්ඩුවක් වැඩ කළ යුත්තේ මෙහෙමයි. මේක පිටිපස්සේ ඉන්නේ JVP එකයි තව මෝඩයෝයි . ලේ වැගිරෙන මෝඩයන් සහ නූගත් තරුණයින්. මෝඩයෝ නොවී රටට වැඩදායි දෙයක් කරන්න
මේ බත්බැලයින්ගෙන් ජනතාව සහ වැඩ කරන ජනතාව ප්‍රවේසම් වියයුතුයි...
මේ රට තවත් අගාධයකට දාන්නේ ඇයි? මෝඩ තකතීරු රැළ රට වෙනුවෙන් කියනවා... දරුවන්ගේ අනාගතේ ගැන කියලා ලොකුවට පම්පෝරි ගහනවා. පාසල් දරුවන්ගේ අනාගතේ බල්ලට දාලා.. රටේ ඉන්න උගත්, බුද්ධිමත් අය දැන්වත් මේ ටික තේරුම් ගත්තොත් හොඳයි.
මනෝ පුබ්බන්ගමා ධම්මා - මනෝ සෙට්ඨා මනෝමයා... මනසාචේ පසන්නේන - භාසතිවා කරෝතිවා.... තතෝනං සුඛමංවේති - ඡායාව අනපායිනී...