
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
හොරණ ග්‍රේස්ලන්ඩ් වත්ත ප්‍රදේශයේදී ව්‍යාපාරිකයාට වෙඩි තැබූ බවට හඳුනාගෙන තිබූ ප්‍රධාන සැකකරු සිද්ධියෙන් පැය කීපයකට පසු ඩුබායි රාජ්‍ය වෙත පලායාම සඳහා පැමිණි අවස්ථාවේදී කටුනායක ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හොරණ කුඩා උඩුව හොරකැටිය ප්‍රදේශයේ පදිංචි 31 පුද්ගලයෙකි.
සැකකරු වෙඩි තැබූ බවට බරපතල තුවාල ලද ව්‍යාපාරිකයා විසින් රෝහල්ගත කිරීමේදී ප්‍රකාශ කර තිබූ අතර මේ සම්බන්ධයෙන් ඇති වූ සැකයක් මත සැකකරු සම්බන්ධයෙන් දිවයිනේ පොලිසි වලට මෙන්ම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙතද දැනුම් දී තිබිණි.
ගුවන් තොටුපලේ ස්ථාපිත කර තිබෙන ආරක්ෂිත කැමරා ආශ්‍රිතව මුහුණු මගින් සැකකරුවන් හඳුනා ගන්නා තාක්ෂණය ඔස්සේ මෙම සැකකරු හඳුනාගෙන තිබූ බව පොලිසිය කියයි.
මම සැකකරු මීට දින කීපයකට ඉහතදී ඩුබායි රාජ්‍යයේ සිට මෙරටට පැමිණි පුද්ගලයකු බවත් අද (6) දින එරටට නැවත යාමට නියමිතව සිටි ඔහු වෙඩි තැබීමෙන් අනතුරුව කඩිමුඩියේ ඊයේ 5 ඩුබායි රාජ්‍ය වෙත යාම සඳහා පැමිණ තිබූ බව පොලිස් නිලධාරියකු පැවසීය.
සැකකරු හොරණ පොලිසිය වෙත රැගෙන ඒමෙන් අනතුරුව වෙඩි තැබීම සඳහා පැමිණි පැදිකරු සහ වෙඩිතැබීමට යොදාගත් ගිනි අවිය සම්බන්ධයෙන් ප්‍රශ්න කර ප්‍රකාශ ලබා ගන්නා බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
2025 දෙසැම්බර් මස 18
442
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
247
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1035
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හොරණ වෙඩික්කරු රට පනිද්දී මාට්ටු
fairoos Sunday, 05 May 2024 06:36 PM
කොහොමද ලංකාවේ පොලිසිය...? නියමයි...!