
(සුජිත් හේවාජුලිගේ)
කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහි දූෂණ චෝදනා පැමිණිල්ල සම්බන්ධයෙන් තොරතුරැ දීමට පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීහු තිදෙනෙක් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙරවරැවේ පෙනී සිටියහ.
මෙසේ පෙනී සිටියේ නියෝජ්‍ය අධ්යක්ෂ (පාලන) සහකාර අධ්යක්ෂ (මුදල්) සහ ප්‍රවාහන නිලධාරී යන තිදෙනාය.
කතානායකවරයාට එරෙහි දූෂණ චෝදනාව සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා අදාළ පාර්ලිමේන්තු ප්‍රධානීන් යොමු කරන ලෙස අල්ලස් කොමිසම පාර්ලිමේන්තු මහා ලේකම් නීතිඥ කුෂානි රෝහණදීර මහත්මියට පසුගියදා දැනුම් දුන්නේය.
එසේම කතානායකවරයාට සපයා ඇති පහසුකම් සම්බන්ධයෙන් සම්පූර්ණ තොරතුරු වාර්තාවක් වහාම ඉදිරිපත් කරන ලෙසටද කොමිසම මහ ලේකම්වරියට වැඩිදුරටත් දැනුම්දී අැත.
කතානායකවරයා පාවාච්චි කරන නිල නිවාස, වාහන සහ ඒ සඳහා ලබාගත් ඉන්ධන, පාර්ලිමේන්තුවෙන් ලබාගත් ආහාරපාන සහ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ විස්තර ඇතුළත් ලිපි ලේඛන මෙසේ ඉදිරිපත් කරන ලෙස දන්වා ඇත.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කතානායකවරයාට ඒරෙහිව මෙම විමර්ශනය පසුගියදා ආරම්භ කරන ලද්දේ පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා කළ පැමිණිල්ලක් අනුවය.
ඔහු මෙම පැමිණිල්ල කර තිබුණේ පසුගිය පෙබරවාරි මස 02 වැනිදාය.
ඒ සම්බන්ධයෙන් කොමිසම චමින්ද කුලරත්න මහතාගෙන් පසුගිය 13 වැනිදා ප්‍රකාශයක්ද සටහන් කර ගත්තේය. කුලරත්න මහතා විසින් ඒම දුෂණ චෝදනාවලට අදාල ලිපි ගොනු රැසක්ද ඒහිදී බාර දෙනු ලැබීය.
වාහන අවභාවිතය, නීතිවිරෝධී ලෙස ඉන්ධන දීමනා දෙකක් ලබා ගැනීම, පාර්ලිමේන්තු මාධ්‍ය අංශය සතු උපකරණ අවභාවිතය, නියමිත මුදල් නොගෙවා පාර්ලිමේන්තු ගිණුම යටතේ අමතර දිවා ආහාර පහසුකම් ලබා ගැනීම,නීතිවිරෝධි ලෙස පත් කරන ලද විමර්ශන නිලධාරියෙකු සදහා රජයේ අනුමත චක්‍රලේඛවලට පිටින් මුදල් ගෙවීම, රජයට අයත් නිල නිවාස දෙකක් නීතීවිරෝධි ලෙස භාවිතා කිරීම, තොරතුරු පනත යටතේ ඉල්ලා සිටි තොරතුරු ලබා දීම නිතිවිරෝධි ලෙස ප්‍රතික්ෂේප කර තම වංචා දූෂණ හෙළිදරව් වීම වැලැක්ව්මට ක්‍රියා කිරීම සහ පාර්ලිමේන්තු පරිපාලනයට අනීතික ලෙස මැදිහත්වීම යනාදී චෝදනා ඔහු විසින් අල්ලස් කොමිසමට ඉදිරිපත් කෙරිණ.
එම කටයුතුවලදී රජයට රුපියල් කෝටි තිහක පමණ පාඩුවක් සහ මූල්‍ය අවභාවිතයක් සිදුව ඇති බව ඉහත පැමිණිල්ලේ සඳහන්විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳයි, මේ ආණ්ඩුව යටතේ සෑමකෙනෙකුටම චෝදනා තියෙනවනම් පැමිණිලිකෙරුවා, ඒ ගැන ලිව්වා, කතාකෙරුව කියල සුදු වෑන් එන්නේ නෑ. නිදහස ප්‍රථමවරට ලැබිල තියෙනව බයනැතිව චෝදනාවක් තියෙනවනම් ඉදිරිපත් කරන්න.
ඔවා දෙනු පර හට තමා සම්මතයේ පිහිටා සිට.” වත්මන් කතානායකයාට තම නිර්දෝෂීතාවය ඔප්පු කරන්න හොඳ ස්වර්ණමය අවස්ථාවක්.
හිටපු කතානායකලා කෝටි 7 හමාරක තෙල් ගහන කොට, පවුල් පිටින් පාර්ලිමේන් තු කාර්ය මණ්ඩලයට පත් කරගෙන ඉන්නකොට මේ අය අල්ලස් කොමිසමට පැමිණිලි කරාද? මේ නිළධාරියා රජයේ වියදමෙන් ලෝකේ වටේ රවුම් ගහපු ඒවාට නඩු නැද්ද?