(නිමන්ති රණසිංහ)
විදේශ ගතවීමේදී ගුවන්තොටුපල බලධාරීන්ට ඉදිරිපත් කරන පී සී ආර් පරීක්ෂණ වාර්තා මෙරට ප්‍රධාන පෙළේ රෝහලක වාර්තාවලට සමාන ලෙස ව්‍යාජව සකස්කර රුපියල් ලක්ෂ 50කට අධික මුදලක් වංචාකළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් කෝටිපත් ව්‍යාපාරිකයන් දෙදෙනකු ලබන 08 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද (22) නියෝග කළේය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරු වන කෝටිපති මැණීක් ව්‍යාපාරිකයකු වන අලුත්ගම දර්ගා නගරයේ පදිංචි මොහොමඩ් සුහයින් සහීර් ශ්‍යාම් සහ ක`ථතර පදිංචි කෝටිපති ව්‍යාපාරිකයකු වන වටවල කංකානම්ගේ දොන් දිල්ෂාන් මධුරංග යන අයවලුන්ය.
මෙරට ප්‍රධාන පෙළේ රෝහලක පී. සී. ආර්. වර්ථාවල ඇති “ක්‍යු ආර්” කේතය සූක්ෂම අයුරින් භාවිත කර මෙම සැකකරුවන් පී සී ආ් වාර්තා දහසකට ආසන්න ප්‍රමාණයක් මේ වන විට නිකුත් කර ඇති බවට තොරතුරු හෙළිවී ඇතැයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කර ඇත.
මොවුන් කලක් තිස්සේ මෙම ඡාවාරම සිදුකර ඇති අතර, මෙරට ප්‍රසිද්ධ පෞද්ගලික රෝහලේ වෙබ් අඩවියට සමාන වෙබ් අඩියක්ද සහිතව මෙම පී සී ආර් වාර්තා ‘ක්‍යු ආර්” කේතයද අනුව යොදමින් ගුවන් තොටුපල නිලධාරින්ගේ පරිගණක දත්තවලට හසුනොවන ආකාරයෙන් මෙය සිදුකර ඇතැයි ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබේ.
මෙහි තවත් සැකකරුවකු වන මරාදන ප්‍රදේශයේ පදිංචි මරික්කාර් මොහොමඩ් නසාර් මොහොමඩ් යන අය මින් පෙර අධිකරණයට ඉදිරිපත් කළ අතර, ඔහු 23 (හෙට) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇතැයි ද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුනු ඉදිරිපත් කර තිබේ.
මෙම සැකකරුවන් ලංකා දණ්ඩ නිති සංග්‍රහයේ 452, 457, 263, බුද්ධිමය දේපල පනතේ 186, නිරෝධායන පනත හා රෝග වැළැක්වීමේ පනත සහ 2015 අංක 13 දරන ව්‍යසන කළමණාකරණ පනතේ 24 වග්නිතය ප්‍රකාරව වරදවල් සිදුකර ඇතැයි මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ ඩිජිටල් වෝහාරික විද්‍යාගාරයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්. කේ. සේනාරත්න මහතා අධිකරණයට කරුණු වාර්තා කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවේ ඩිජිටල් වෝහාරික අංශයේ අධ්‍යක්ෂ කාවින්ග ප්‍රියසේකර මහතාගේ උපදෙස් මත ඩිජිටල් වෝහාරික විද්‍යාගාරයේ ස්ථානාධිපතිවරයා ඇතු`ථ නිලධාරින් කන්ඩායමක් පරීක්ෂණ සිදුකරන බව ද අධිකරණයේදී කරුණු ඉදිරිපත් විණී’
ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සැකකරුවන් ලබන 08 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර එදින තෙක් නඩුව කල් තැබීය.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
හොරට පී.සී.ආර් වාර්තා හැදු තිදෙනා රිමාන්ඩ්
සනත් ඉතාලිය Tuesday, 22 February 2022 05:41 PM
හොඳ වෙලාවට සිංහල, මුස්ලිම් කම්බයින් එකක් වුනේ... නැත්නම් මෙතන ඉන්න විචාරකයින් නානගෙ ඇට 204ම කුඩුපට්ටම් කරලා නවතින්නේ... ඔය දෙන්නා තනි සිංහල වුණා නම් එක්කෝ රාජපක්ෂලාගේ, නැත්නම් පුතාණෝගේ... එහෙමත් නැත්නම් අනුරායියගේ ගිණුමට දාලා මෙතැන යකා නටනවා... දැන් ශුවර් එකට ඕක කිඹුලගේ ගිණුමට දානවා... බලමුකෝ කට්ටියගේ ප්‍රතිචාර...!