IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


හොරගොල්ලේදී තරුණයකු කපා කොටා මරා දමලා

(තිලකරත්න දිසානායක)

ගණේමුල්ල, හොරගොල්ල ප්‍රදේශයේදී පුද්ගලයකු කපා කොටා ඝාතනය කොට ඇති බව ගණේමුල්ල පොලීසිය සදහන් කරයි. 

තියුණු ආයුධයකින් පහරදීමකින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ගනිල් චතුරංග නමැති 28 හැවිරිදි අයෙකි.

පුද්ගලික ආරවුලක් දුර දිග යාමෙන් ඊයේ (29) රාත්‍රීයේදී  මෙම ඝාතනය සිදුව ඇති බවත් මේ  සිද්ධිය සම්බන්ධයෙන් ගණේමුල්ල පොලීසිය මගින් හොරගොල්ල ප්‍රදේශයේම පදිංචි පුද්ගලයකු අත් අඩංගුවට ගෙන ඇති බවත් පොලීසිය පවසයි. 

මේ සම්බන්ධයෙන් ගම්පහ කොට්ඨාසය භාර ජේෂ්ඨ පොලිස් අධිකාරී ජගත් රෝහණ මහතාගේ උපදෙස් පරිදි සහකාර පොලිස් අධිකාරී කමල් සේනානායක මහතාගේ අධීක්ෂණය මත ගණේමුල්ල පොලිස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක යූ.ඩී.ඒ.කේ.දේවප්‍රිය මහතාගේ මෙහෙයවීම යටතේ වැඩි දුර පරීක්ෂණ සිදු කෙරේ. 



අදහස් (0)

හොරගොල්ලේදී තරුණයකු කපා කොටා මරා දමලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 413 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 236 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1025 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site