
(අංජුල මහික වීරරත්න)
වැඩි මිලට සහල් විකුණන වෙළඳුන් අත්අඩංගුවට ගැනීම සඳහා පාරිභෝගික සේවා අධිකාරියට රාත්‍රී කාලයේ වැටලීම් කරන ලෙසට දැනුම් දුන් බව කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පැවසීය.
පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් සවස පහෙන් පසු වැටලීම් වලට නොඑන නිසා කූඨ වෙළෙඳුන් සවස පහෙන් පසුව පමණක් සහල් විකුණන බවට ලැබුණු තොරතුරු වලට අනුව මෙම පියවර ගත් බව නාමල් කරුණාරත්න මහතා සඳහන් කළේය.
නීතිය ඉතා තදින් ක්‍රියාත්මක කර ගොවියා සහ පාරිභෝගිකයා ආරක්ෂා කරන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
ඉදිරියේදී පාරිභෝගික සේවා අධිකාරියේ වැටලීම් තවත් වේගවත් කරන අතර පාලන මිලෙන් එහාට සහල් විකුණන්න කිසිසේත් ඉඩ දෙන්නේ නැතැයි ද සහල් පාලන මිල කිසි ලෙසකින් වැඩි කරන්නේ නැතැයි ද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
කෘෂිකර්ම අමාත්‍යාංශයේ අද (27) පැවති මාධ්‍ය හමුවක් අමතමින් කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා මේ බව සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුළුවන් කියලා හිතුවාට බෑ නේද 2/3 තිබිලත්?
පාරේ කෑගහන එක තරම් ලෙසි නේද වගකීමක් අරන් වැඩ කරන එක. මේ මිනිස්සුන්ට හරියන්නේ වැඩවර්ජන , උද්ගෝෂණ විත්රමය් . කිසිම මනුස්සෙයෙකුට රට ඉස්සරහට ගන්ඩ දුන්නේ නැහැ , පුද්ගලික කරණය කරන්ඩ දුන්නෙම නැහැ , දැන් මුන් ඔක්කොම කරනවා , සුපිරිම කාලකන්නි සෙට් එකක් .