(ඉන්දිකා රාමනායක)

රංගල ප්‍රදේශයේ උඩවෙල සහ රංගල නගරයේ දී ව්‍යාජ නෝට්ටු 52: සමග සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

රංගල උඩවෙල ප්‍රදේශයේ දී 1000 ව්‍යාජ මුදල් නෝට්ටුවක් ලබා දී වෙළඳ සැලකින්භාණ්ඩ මිලදී ගැනීමට තැත්කළ සැකකරුවකු ව්‍යාජ මුදල් නෝට්ටු දෙකක් සමග පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය..

එම සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී කිරීමේ දී හෙළිකරගත් තොරතුරු අනුව රංගල නගරයේදී 1000 ව්‍යාජ මුදල් නෝට්ටු 50 ක් ළඟ තබාගෙන සිටි තවත් සැකකරුවකු පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත

සැකකරුවන් දෙදෙනා උඩිස්පත්තුව ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලිසිය පවසයි.