IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


හොර සල්ලි ජාවාරමේ ගිය අම්මයි දුවයි මාට්ටු

(ලක්මි කුඩලිගම)

වෙළෙඳසල්වලට ව්‍යාජ මුදල් නෝට්ටු දී භාණ්ඩ හා ඉතිරි මුදල් රැගෙන පලා යන කූට ජාරම් කාරියක සහ ඇගේ 16 හැවිරිදි දියණිය ඇතුළු තිදෙනකු  අත්අඩංගුවට ගත් බව අගලවත්ත පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර ප්‍රදේශයේ පදිංචි මවක සහ දියනියක සමග ඔවුන් පැමිණි කූලි රථය පැදවූ රියදුරු වන කළුතර දකුණ පදිංචි 43 හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය පවසයි.

බුලත්සිංහල කලවැල්ලාව ප්‍රදේශයේ වෙළෙඳ සැලකට රුපියල් 5000ක ව්‍යාජ මුදල් නොට්ටුක් දී භාණ්ඩයක් හා ඉතිරි මුදල් රැගෙන කාර් රථයකින් කලවැල්ලාව සිට අගලවත්ත දෙසට එමින් සිටියදී අගලවත්ත පොලිසියට ලද තොරතුරක් මත ඔවුන් පැමිණි රථයද සමග අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් අවස්ථාවේ ව්‍යාජ මුදල් ලබා දී මිලදී ගත් භාණ්ඩ කීපයක් හා බිල්පත් සමග ඉතිරි මුදල්ද අත්අඩංගුවට ගත් බවත් මෙම කාන්තාව ඇගේ දියනිය ද සමගින් මෙම කූට ව්‍යාපාරය කලක් තිස්සේ කුලියට ගන්නා ලද කාර් රථයකින් අගලවත්ත,මතුගම, බුලත්සිංහල ඇතුළු ප්‍රදේශය පුරා කරගෙන ගොස් ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බත් පොලිසිය පවසයි.

 



අදහස් (0)

හොර සල්ලි ජාවාරමේ ගිය අම්මයි දුවයි මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 605 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site