IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


හොර විදේශ රැකියා ඒජන්සි 2ක් වටලයි

 

(යොහාන් භාසුර)

අම්පාර සහ කල්මුණේ නගරවල වලංගු බලපත්‍රයක් නොමැතිව පවත්වාගෙන ගිය ව්‍යාජ විදේශ රැකියා ආයතන දෙකක් වටලා සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

අම්පාර, බුද්ධංගල පාරේ සහ කල්මුණේ පල්ලිය පාරේ විදේශ රැකියා ආයතන දෙකක් පවත්වාගෙන ගිය පුද්ගලයන් දෙදෙනකකු මෙසේ අත්අඩංගුවට ගත් බවත් එහිදී නඩු භාණ්ඩ ලෙස විදේශ ගමන් බලපත්‍ර 21 ක්, විදේශ රැකියා අයදුම්පත්, නාමපුවරු බැනර් ඇතුළු ලේඛන රැසක් අත්අඩංගුවට ගත් බවත් විදේශ සේවා නියුක්ති කාර්යාංශය කීය.

එම පුද්ගලයන් අම්පාර  සහ කල්මුණේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහුන්ගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණය භාරයට ගෙන අප මත මුදාහැරි බවත් මෙම වැටලීම් සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ සරත් විමලවීර, බුද්ධික විදානපතිරණ, මිහිරාජ් චමින්ද, වසන්ත ඒකනායක සහ සංජීව ධර්මසිංහ යන නිලධාරීහූ සහභාගි වූ බවත් එම කාර්යාංශය සඳහන් කළේය.



අදහස් (0)

හොර විදේශ රැකියා ඒජන්සි 2ක් වටලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 281 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 188 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site