(ෂේන් සෙනෙවිරත්න)

ඉඩම් ඔප්පු වලට කූඨ ලේඛන සකස් කොට රුපියල් කෝටි 60 ක පමණ මූල්‍ය වංචාවක් සිදු කළ බව කියන නීතිඥවරයකු කොළඹ මූල්‍ය වංචා අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් මහනුවර මඩවල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි .
පෙරේදා (13) පස්වරුවේ මඩවල ප්‍රදේශයේ ඔහුගේ කාර්යාලයේ දී අත්අඩංගුවට ගෙන ඇති මෙම නීතිඥවරයා මෙරට ප්‍රකට ඉස්ලාම් සංවිධානයක මහනුවර දිස්ත්‍රික් සභාපතිවරයා ලෙස ද කටයුතු කරන බව පොලීසිය කියයි .