
(ජේ. ඒ. එල්. ජයසිංහ)
තෙල්දෙණිය වික්ටෝරියා ජලාශය ආසන්නයේ පිහිටි හෝටලක මුහුණු පොත සාදයක් පැවැත් වූ 41 දෙනකු අයිෂ් ,හෑෂ් ,ගංජා, මත් පෙති 20 ක්, නීතී විරෝධී දුම්වැටි තොගයක්, බීර බෝතල් 28 ක් ,විවිධ වර්ගයේ මත් පැන් බෝතල් 12 ක් ,අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මෙම සැකකරුවන් අතර තරුණියන් 05 ක් සිටි බව පොලීසිය පවසයි.
තෙල්දෙණිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩී එම් චන්ද්‍රපාල මහතාට ලද රහසිගත තොරතුරක් මත වැටලීම සිදු කළ බව පොලීසිය පවසයි.
අත් අඩංගුවට ගත් පිරිස ලංකාවේ විවිධ ප්‍රදේශවලින් මුහූණු පොත හරහා මෙම සාදයට සහභාගි වී ඇති බව පොලිස් පරීක්ෂණ වලදී හෙළිව ඇත,
මධ්‍යම දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක ,නියෝජ්‍ය පොලිස්පති සුදත් මාසිංහ, තෙල්දෙණිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී හර්ෂ ලොකුගේ යන මහත්වරුන්ගේ අධීක්ෂණ මත තෙල්දෙණිය පොලිස් මූලස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩී එම් චන්ද්‍රපාල මහතා ඇතුළු පිරිසක් මෙම වැටලීම සිදු කළහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd