(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධානීන් මෙච්චර දූෂණ වංචා කරද්දි ඒ අය රැකීමට කවුරුන් හෝ කටයුතු කරන්නේ නම් මෙරටට යන කලදසාව තමාට සිතාගත නොහැකි යැයි ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (10) පැවසීය.
ක්‍රිකට් ගැටලුවේදී නීතිපතිවරයාගේ ක්‍රියාකලාපය ගැන විශ්වාසයක් නැති බව පැවසූ අමාත්‍යවරයා ක්‍රිකට් ආයතනයට එරෙහිව කටයුතු කිරීමට
පෞද්ගලික නීතිඥවරුන් සම්බන්ධ කර ගන්නා බවද ප්‍රකාශ කළේය.
සාධාරණයක් වෙනුවෙන් සඳුදා ශ්‍රේෂ්ඨාධිකරණයට යන බවද ඔහු කීවේය.
වසර විස්සකට වැඩි දිස්ත්‍රික් ක්‍රිකට් සංගම් විසුරුවා හැර නව ඡන්දයක් පැවැත්වීමට කටයුතු කරන බව පැවසූ අමාත්‍යවරයා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද අල්ලන්නේ නැති ආයතනයක් පුද්ගලයකු නැති තරම් යැයිද සඳහන් කළේය.
අමාත්‍යවරයා මෙසේ පැවසුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ස්ථාවර නියෝග 27(2) යටතේ මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
රොෂාන් රණසිංහ මහතා මෙසේද පැවසීය.
මම විගණකාධිපතිතුමාගේ කාර්යාලයට ගියා. ක්‍රිකට් ආයතනය විගණනය කරලා දෙන්න කියලා ඉල්ලුවා. පාර්ලිමේන්තුවෙන් යෝජනාවක් ආවොත් තමයි කරන්න පුළුවන් කියලා එතුමා කිව්වා. වෝහාරික විගණනය පවත්වන ක්‍රමවේදය කුමක්ද.
කතානායක මහින්ද යාපා මහතා :
අමාත්‍යාංශ ලේකම් හරහා විගණකාධිපතිට යොමු කරන්න.
රොෂාන් රණසිංහ මහතා:
ඒක වෙන්නේ නෑ.
කතානායක:
එහෙනම් ඒක කෝප් කමිටුවට යොමු කරන්න.
මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා;
මේ ගැන කෝප් කමිටුව සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීතුමාගේ කාලේ වෝහාරික විගණනයක් කළා. ලේකම්තුමා හරහා කෝප් කමිටුවට එවන්න. ඒක තමයි කරන්න පුළුවන් හොඳම ක්‍රියාදාමය.
ජාතික ජන බලවේගය පක්ෂයේ මන්ත්‍රීඅනුර කුමාර දිසානායක මහතා :
ක්‍රිකට් බෝර්ඩ් එකේ ප්‍රශ්නය අද ඊයේ පැන නැගුණු එකක් නොවෙයි. දීර්ඝ කාලයක් තිස්සේ තිබුණා. සුනිල් හඳුන්නෙත්තිගේ කාලේ කෝප් කමිටුව වෝහාරික විගණනයක් කළා. ඒකේ සම්පූර්ණ වාර්තාව තියෙනවා. දැන් තියෙන්නෙ ඒක ක්‍රියාත්මක කරන්න. දත්ත තොරතුරු ඇති තරම් තියෙනවා. ක්‍රියාමාර්ග ගන්න පුළුවන්.
මන්ත්‍රී නිමල් ලාන්සා මහතා:
කෝප් එකට මේ ගැන පූර්ණ බලතල තියෙනවා.
රොෂාන් රණසිංහ මහතා;
එල්පීඑල් එකේ ලොකු වංචාවක් තියෙනවා. අපි ඉල්ලන්නේ වෝහාරික විගණනයක්. අනිත් වැඩ පැත්තක තියලා ප්‍රමුඛතාවයට නියෝගයක් දෙන්න.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට වගකීම් විශාල ප්‍රමාණයක් තියෙනවා. මම මේ ගැන කටයුතු කරන්න කියලා නීතිපතිතුමාගෙන් ඉල්ලුවා. ක්‍රීඩා පනත සංශෝධනය කිරීමට කටයුතු කරනවා. ක්‍රීඩා නියාමනයට අධිකාරියක් පත් කිරීම වැදගත්. ක්‍රිකට්වල දූෂණ නතර වෙන්න ඕන නම් මෙවැනි ක්‍රමවේදවලට යන්න ඕන. හොරුන්ට මේක දෙනවාද මහත්තයකු පත්කරලා ඉදිරියට ගෙනියනවාද කියන ප්‍රශ්නය තමයි මෙතන තියෙන්නෙ. මම සඳුදා අභියාචනාධිකරණයට යනවා. එහෙම නැත්නම් ශ්‍රේෂ්ඨාධිකරණයට යනවා.
ක්‍රිකට්වලදී නීතිපතිවරයාගේ වැඩපිළිවෙළ ගැන මට විශ්වාසයක් නෑ. මේ නිසා මම පෞද්ගලික නීතිඥයන් අල්ලනවා. ක්‍රිකට් එකේ සල්ලි මාර බලවත්. ඒ ගොල්ලන් අල්ලන් නැති ආයතනයක් නෑ. අල්ලන්න ඇති පුද්ගලයකු නැහැ. ඕන මිනිහෙකුට තර්ජන කරනවා.සමාජ මාධ්‍ය හරහා ගහනවා.
අවුරුදු විසි ගාණක් ඉන්න ලංකාවේ ක්‍රිකට් සංගම් විසුරුවාහරින්න තීන්දුවක් ගන්නවා. සංගම් විසුරුවා හැරලා නව ඡන්දයකට යන්න තීන්දු කරනවා. මෙච්චර දූෂණ කරද්දි මේ අය රකින්න කවුරුහරි උත්සහ දරනවා නම් මේරටට යන කලදසාව මට හිතාගන්න බෑ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක පිටිපස්සේ ඉන්නේ පොඩි මයිනයි, මයිනා පවුලේ අයයි...!
මයිනාට පිටින් යන්න රොෂාන්ට බෑ... යන්නෙත් නෑ...!
දැන් නම් රොෂාන්..., ඔයා හොරු සමග හෙළුවෙන් ඉන්න බව තමයි පේන්නේ...!
පාර්ලිමේන්තුව රජයේ ආයතනවල දූෂණ, වංචා දූෂණ එළි වුණාම මේ ආකාරයට පාර්ලිමේන්තුව කෙලින්ම මැදිහත් වෙලා පක්ෂ බේධ පැත්තක තියලා රටටම දැකගන්න පුළුවන් විදිහට වාද විවාද කරලා අවංකවම ප්‍රශ්න විසඳන්න ඉදිරිපත් වෙනවා නම් ජනතාව සතුටුවේවි.. සුරාබදු ස්ටිකර් හොරකම, ආදායම් බදු එකතු නොකර ගැනීම පිළිබඳ ප්‍රශ්න, රේගු, ආගමන විගමන, මෝටර රථ දෙපාර්තමේන්තුවල අක්‍රමිකතා සහ දූෂණවලට විරුද්ධවත් මේ ආකාරයට කටයුතු කළොත් අපේ රට මේ ආර්ථික අගාධයෙන් ඉතා ඉක්මණට ගොඩ ඒවි...
මෙයත් හොරු කට්ටියක් එක්ක සෙට් වෙලා. හොර පවුල් වල සහෝදරයෝ, පුතාලා.. මොකට දා ගන්නවාද? ඔක්කොම එකයි. මේ තරගයත් සල්ලි කෑදර කමම තමයි...
ක්‍රිකට් කියන්නේ ක්‍රීඩාවක් , විනෝදාස්වාදයක් මිසක් ජනතාවගේ ජිවිතය නොව. රටේ ජනතාව කන්න බොන්න නැතිව, ආර්ථික ප්‍රශ්න වලට මුහුණ දෙනවා ,ජිවිත පවා අහිමි වෙලා තියෙනවා . මෙවා යට ගහන්න රජයට සහා සමහර බයි කල්ලියක අවශ්‍යයි
දැන් ක්‍රිකට් යෝජනාව සම්මත කරලා අවසන්, ඒක ගැන දිගින් දිගටම කතා කරමින් කාලය විනාශ කරන්න එපා. දැන් මම යෝජනා කරනවා ඔය පක්ෂ විපක්ෂ දෙපැත්තම එකතුවෙලා අර සුරාබදු හොර ස්ටිකර් වංචාව ගැන සොයාබලා එම වංචාවට දායකත්වය දුන් නිලධාරීන් සහ සමාගම් බලධාරීන්ට විරුද්ධව කටයුතු කරන්න අරම්භ කරන්න. වැරැදි කාරයින්ගේ දඩ සහ බදු පමණක් එකතු කරගෙන මදි... වංචාවලට ඔවුන් හිරේ දමන්නත් පුළුවන් විදිහට නීති සම්පාදනය කරන්න. අනාගතේදීත් මෙවැනි වැරැදි නොකරන්න නීති හදන බලතල තිබෙන්නේ පාර්ලිමේන්තුවට...!
රොෂාන් මහතා ! ජපානේ ඉඳලා ලංකාව හරහා ප්‍රති අපනයනය කරන්න අප්‍රිකාවට, වාහන ගෙන්වීමේ මගඩි ගැන හොයන්න ඕනෑ. ඒ මදිවාට මහවැලි ඉඩම් මගඩි ඒවත් හොයන්න ඕනෑ. නැත්නම් හොරෙක් ගැන කතා කරයි වගේ...!