
(සුජිත් හේවාජුලිගේ )
ඉදිරි ජනාධිපතිවරණයේදී හොර ක්‍රියා මැර ක්‍රියා සිදුවන ඡන්ද මධ්‍යස්ථාන ශුන්‍ය කරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.
පසුගිය මැතිවරණවලදීද එවැනි ශූන්‍ය කිරීම් කළ බව ඔහු සඳහන් කළේය.
මේ අතර මැතිවරණ දූෂණ වැළැක්වීම සඳහා පුද්ගලයන්ගේ ජාතික හැඳුනුම්පත් වසර පහෙන් පහට වෙනස් කිරීම වැදගත් බව කොමිසම සඳහන් කරයි.
මේ අතර ඉදිරි ජනාධිපතිවරණයේ ආරක්ෂාව සඳහා විශේෂිත ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු යොදා ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා පැවසීය.
පසුගිය කාලයේදී මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා සුලභව පැවතුණු ප්‍රදේශවලට ඉදිරි ජනාධිපතිවරණයේදී වැඩි ආරක්ෂක විධිවිධාන සැලසීමට පියවර ගන්නා බවද ඔහු කීවේය.
පසුගිය මැතිවරණ වලදී මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා වැඩි වශයෙන් සිදුවුණු ප්‍රදේශ විස්සක් පමණ හඳුනාගෙන ඇතැයි කොමිසම සඳහන් කරයි.
මේ අතර ජනාධිපතිවරණයට අවශ්‍ය උපරිම ආරක්ෂාව ලබාදෙන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණතිලක මහතා මැතිවරණ කොමිෂන් සභාවට පසුගියදා දැනුම් දුන්නේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයිට වැඩිය සරලයි නේද කොමසාරිස්තුමනි..? හොර ඡන්ද දාන්න එක අයගේ ඔලුවටම තියන්න කිව්වා නම් මහින්ද දේශප්‍රිය මහතා කිව්වා වගේ...
කොහොමත් මේ සැරේ ගොඩක් දේවල් සිදුවෙයි. මොකද ආණ්ඩු පක්ෂයට මේ ඡන්දය දිනන්න අමාරු නිසා. ආණ්ඩුව මැරකම් ගොඩක් කරයි කියලා අපිට කියන්න පුළුවන්.
රනිල්ට තමයි වාසිය...!
හරි සරලයි පරදින පලාත් ටිකේ මැර වැඩ කලාම හරිනෙ
ඔන්න ඔතැන තමයි ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ. යම් කිසි නිශ්චිත අපේක්ෂකයෙකුට වැඩි වාසි ඇති බවට විශ්වාස කරන මධ්‍යස්ථානවල හිතා මතාම මේ වගේ ප්‍රශ්න ඇතිකරවලා ඒ අපේක්ෂකයාට ලැබිය හැකිව තිබෙන ඒ ඡන්ද ඔහුට හෝ ඇයට අහිමි කරවලා ප්‍රතිඵලය තමන්ට ඕනෑ විදියට හැරවීමට යම් අයුතු බලය යොදන පිරිසකට සැබෑ ජනමතය කොල්ල කන්න පුළුවනි. ඒ නිසා මේ කතා හරියන්නේ නැහැ. මේ ඡන්දය අතිශයින්ම තීරණාත්මකයි. දැඩි ආරක්ෂාවක් යොදලා හරි සර්ව සාධාරණ ඡන්දයක් පැවැත්විය යුතුමයි. දන්නවානේ මේ රටේ එක්කෙනෙක් ඉන්නවා.. ඕනෑම නීතියක් තමන්ට ඕනෑ විදියට කඩලා බොහෝම හෑල්ලුවෙන් කතා කරලා ඒක එහෙම තමයි කියලා එයාම ඒක ස්ථිර කරගන්න හදන කෙනෙක් සහ එයා ගාවට ගිය සහ යමින් ඉන්න රටේම ඉන්න එපාම කරපු සෙට් එකක්...
මට නම් මේ මැතිවරණ කොමසාරිස් ගැන විශ්වාසයක් නෑ. රනිල්ගේ ඉත්තෙක් වගේ, හොර ඡන්ද වලට ඕනෑ වටපිටාව මෙයා හදනවා බොහෝම සියුම් විදියට..
උපරිම ආරක්ෂාව කියන්නේ චන්දෙ දාන්න එන කට්ටියටත් යන්න බැරිවෙන්න ආරක්ෂාව දෙන්නද යන්නේ ?
ජන බලවේගයට වැඩියෙන් චන්ද ,චන්ද පොළවල් වලට වැඩක් දෙන්න ක්‍රමයක් හොයාගත්තා වගේ ?
මැතිවරණ කොමසාරිස් කියන්නේ ජනාධිපති ලේකම්ගේ හොඳ යාළුවෙක් සහ බැජ්මේට් කෙනෙක්ලු. අපේ විශ්වාසය පොඩ්ඩක් අඩුවෙනවා.