
( ෂේන් සෙනෙවිරත්න)
මානව හිමිකම් කොමසාරිස් යනුවෙන් ව්‍යාජව යෙදූ විශාල දැන්වීම් පුවරුවක් සහිත සුඛෝපභෝගී කැබ් රථයක් මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ .
ශ්‍රී ලංකා මානව හිමිකම් කොම්ෂන් සභාවේ මහනුවර සම්බන්ධීකාරක විරංජන් ඩයස් සුමනසේකර මහතා විසින් මධ්‍යම පලාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට සිදුකරන ලද ලිඛිත පැමිණිල්ලකට අනුව සිදු කරන ලද විමර්ශනයකින් අනතුරුව පොලිස් බාරයට ගෙන තිබේ .
ශ්‍රී ලංකාවේ විශාල ව්‍යාපාර ජාලයකට හිමිකම් කියනු ලබන කාන්තාවක් විසින් එම රථය භාවිතා කොට ඇති අතර ඇය පොලිසියට පවසා ඇත්තේ කොළඹ ප්‍රදේශයේ පුද්ගලයකු එම දැන්වීම් පුවරුව සහ හැඳුනුම්පතක් ඇයට ලබා දුන් බවයි .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනිවාර්යයෙන්ම මේක කුඩු හෝ වෙනත් ජාවාරමක් කරන්න භාවිතා කරපු බවක් පෙනෙනවා. බැලු බැල්මට මේක පෙනෙන්නේ රජයේ වහනයක් ලෙස. මෙවැනි බෝර්ඩ් ගසාගෙන යන රජයේ වාහන වල අනන්‍යතාවය පොලිස් මාර්ග බාදක වලදී පරික්ෂා කිරීම අනිවාර්යයෙන් කළ යුතුය.
මේක ලොකු ගේම් එකක්.
අමතක වීම, නොදැන සිටීම වගේ ඒවටත් මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කලා නම් ඔක්කොම හොරු හරි පාරට එනවා.
මේවා සුකොපබෝගී රථ වුනේ කවද්ද? මං ඉන්න රටේ පෝර අදින්නේත් මේ වගේ ඒවාවල...
පව් ....
මෙහෙම දේවල් වලක්වා ගතයුතුය. මේ පිටුපස කතා සොයා ගතයුතු වේ.
ඔයවගේ බෝඩ් ගහගෙන තව වාහන කොච්චරක් ලංකාවේ පාරවල්වල යනවා එනවා ඇතිද?
පුදුමයි රට මේ තරමට හරි ඉතුරුවෙලා තිබුණා.