IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


හොර පාරෙන් ආ ෆොන් -ලැප් ටොප් ගුවන්තොටේ හිරවෙයි

(ටී.කේ.ජී.කපිල )

රුපියල් කෝටියක් පමණ වටිනා " අයි පෝන් " වර්ගයේ ජංගම දුරකථන 36 ක් සහ ලැප්ටොප් පරිගණක 06 ක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , තීරු බදු නොගෙවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මගීන් තිදෙනෙකු  ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් අත් අඩංගුවට ගෙන තිබේ .

මොවුන් කොළඹ , දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 40 - 45 අතර පසුවන ව්‍යාපාරිකයන් තිදෙනෙකි .

එසේ පැමිණි ඔවුන් ගුවන් තොටුපොළෙන් පිටතට යමින් සිටියදී , ඔවුන්ගේ ගමන් මලු තුළ සගවා ගෙන තිබූ මෙම ජංගම දුරකථන  සහ ලැප්ටොප් පරිගණක තොගය සොයා ගෙන අත් අඩංගුවට ගෙන තිබේ .

පසුව මොවුන් තිදෙනා සහ ඔවුන් විසින් නීතිවිරෝධී ලෙස රැගෙන ආ ජංගම දුරකථන සහ ලැප්ටොප් පරිගණක ද සමග මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබුණි .

එහිදී විධිමත් රේගු පරීක්ෂණය සිදු කර මෙම ජංගම දුරකථන සහ ලැප්ටොප් පරිගණක තොගය රාජසන්තක කර , මොවුන් තිදෙනාට රුපියල් ලක්ෂ 16 ක දඩ මුදලක් ගෙවන ලෙස ද එය පැවැත් වූ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂවරයා නියෝග කර තිබුණි .

 



අදහස් (2)

හොර පාරෙන් ආ ෆොන් -ලැප් ටොප් ගුවන්තොටේ හිරවෙයි

Sanath Sunday, 11 August 2024 02:51 PM

රේගුව මඟහැරලා එළියට එන්න නම් ඇතුළෙන් උදව්වක් ලැබෙන්න ඇති...

:       1       12

Kumara Sunday, 11 August 2024 07:48 PM

ජරාව දුන්නේ නැති නිසා ඇති...

:       1       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 609 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 295 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site