
(බී.ජී. චතුරංග )
රුපියල් පන්දහසේ ව්‍යාජ මුදල් නෝට්ටු දෙකක් මුද්‍රණය කර එය සූක්ෂම ලෙස සකසා මාරු කිරීමට ගිය පාසල් සිසුන් දෙදෙනෙකු ඊයේ (25 ) අත්අඩංගුවට ගත් බව තන්තිරිමලය පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ තන්තිරිමලේ පන්සල පාරේ පදිංචි 16 හැවිරිදි සිසුන් දෙදෙනෙකි.
තන්තිරිමලය රජමහා විහාරය ඉදිරිපිට රථ ගාල ආසන්නේ බුලත් වෙළඳාමේ නිරත පුද්ගලයෙකු විසින් සිදු කල පැමිණිල්ලකට අනුව සැකකාර සිසුන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
බුලත් වෙළඳසැලට පැමිණ ඇති සැකකාර සිසුන් දෙදෙනා රුපියල් 5000 නෝට්ටුවක් මාරු කර ගැනීමට යාමේදී එය ව්‍යාජ මුදල් නෝට්ටුවක් බවට සැක සිතී වෙලදසැල් හිමියා විසින් ඔවුන් දෙදෙනා, වෙළෙඳ සැලේ රඳවා ගෙන තන්තිමලය රජමහා විහාරය ඉදිරිපිට රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන් දැනුවත් කර තිබූ බව පොලිසිය සඳහන් කලේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd