(දසුන් රාජපක්ෂ)
වෛද්‍යවරුන් ලෙස පෙනී සිට රෝගීන්ට ප්‍රතිකාර කරන බොරු දොස්තරවරුන්ට එරෙහිව අධිකරණ මගින් මෙතෙක් ලබා ලබාදුන් දඩ මුදල රුපියල් 5000 සිට රුපියල් 50,000 දක්වා ඉහළ නැංවීමට අධිකරණ අමාත්‍යංශය තීරණය කර තිබේ.
හොර දොස්තරවරුන්ගේ සංඛ්‍යාව වාර්තා වීම ඉහළ ගොස් ඇති නිසා එම තත්ත්වය මැඩපැවැත්වීම සඳහා එකී චෝදනාවන්ට වරදකරුවන් වන පුද්ගලයන්ට ලබාදුන් දඬුවම් සංශෝධනය කිරීමට තීරණය කළ බව අධිකරණ අමාත්‍යංශයේ ප්‍රකාශකයකු අද (21) පැවසීය.
පවතින නීතිය සංශෝධනය කර හොර දොස්තරලාට එරෙහිව අලුත් නීති සම්පාදනය කරන්න ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය සහ රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය අධිකරණ අමාත්‍යාංශය දැනුම්වත් කර තිබුණු බවද එම ප්‍රකාශකයා සඳහන් කළේය.
හොර දොස්තරවරුන්ට එරෙහිව රුපියල් 50,000ක දඩයට අමතරව වසර 5ක සිරදඬුවමක් ද නියම කෙරෙන පරිදි නීති සම්පාදනය කළ බව එම ප්‍රකාශකයා වැඩිදුරටත් කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රාජ්‍ය දොස්තරවරු වර්ජනය කියන වචන ටික කටපාඩම් කරනකොට අසරණ ලෙඩුන් කුමක් කරම්ද? අමාරුවට කවුරුහරි වහ ලියලා දුන්නත් විකල්පයක් නැති අසරණ කමටම පාවිච්චි කරනවා. ඊළඟට ප්‍රමිතියෙන් තොර බෙහෙත්වර්ග කොපමණ රටතුළ තිබෙනවාද? සුදුසුකම් නොමැති කීදෙනෙක් පෞද්ගලික ඔසුසල්වල බෙහෙත් නිකුත් කරනවද? මේ හැමදේකම එකතුව තමයි හොර දොස්තරලා බිහිවීමේ මුල...
දඩයට අමතරව මොවුන්ට අවුරුදු 25ක විතර සිරා දඬුවමකුත් දිය යුතුවේ.
අපේ උතුමාණෝ කියනවා වාගේ මේ නීති ලිහිල් කරන්න ඕනෑ. නීති තද රටවල් දියුණු වෙන්නේ නැහැ. නිතිය අවරට යන අවනීතිය රජයන රටක් අපිටත් අපේ උතුමානන්ටත් වාසනාවන්.
50,000/= මොකක්ද. දවස් දෙක තුනක ආදායම නොවේද? හරිනම් හිරේ අරින්නයි ඕනේ. අපේ ඥාතියෙක් ඔහොම බෙහෙත් කලා කඳාන පැත්තේ පොල්පිතිමුකලානේ. අවුරුදු 30ක් 40 ක් විතර. කිසි කරදරයක් නැතිව මියැදෙන තෙක්ම රැකියාව කළා. දොස්තරකම කොහොම වෙතත් ආයුර්වේදේ ඉගෙන ගත්ත අවුරුදු දෙකක් විතර. අසමත් වීම නිසා අස් වෙලා බෙහෙත් කළා. හැබැයි ඉංග්‍රීසි වෙදකම.
හොර දොස්තරවරුන් බිහි වන්නේ ඇයි? මින් පැහැදිලි වන්නේ රටේ සිටිනා වෛද්‍යවරුන්ගේ ප්‍රමාණය ප්‍රමාණවත් නොමැති බව නොවේද..? එසේ නම්කළ යුත්තේ කුමක්ද..? වසරකට වෛද්‍ය විද්‍යාලවලට ඇතුළත් කරගන්න ශිෂ්‍ය සංඛ්‍යාව ඉහළ දැමීම නොවේද..?