
(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
වැලිගම මිරිස්ස සංචාරක හෝටලයක ගණකාධිකාරීවරයකු ඇමරිකන් ඩොලර් 100 හොර නෝට්ටු 28 ක් සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත්අඩංගුවට ගත් බව මාතර අපරාධ කොට්‌ඨාසය පවසයි.
මාතර පොලිස් විශේෂ කාර්යාංශයේ නිලධාරීනට තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කර තිබේ.
විදේශීකයන් සමග මුදල් ගණුදෙනු කිරිමේදී එම ව්‍යාජ ඩොලර් නෝට්ටු තමන් වෙත ලැබී ඇති බවට ඔහු පොලීසිය වෙත ප්‍රකාශ කර ඇත.
කෙසේ වෙතත් එම ප්‍රකාශය සම්බන්ධයෙන් සැකසංකා මතු වන බවත් ඔහු විදේශීය ජාතිකයකු සමග එකතු වී හොර ඩොලර් නෝට්ටු ජාවාරමක යෙදුනේදැයි තව දුරටත් විමර්ශනය කරන බවත් උසස් පොලිස් නිලධාරියෙකු පැවසීය.
එම නිසා සැකකාර ගණකාධිකාරීවරයාගේ ගාල්ලේ පිහිටි නිවස පොලීසිය ගොස් පරික්ෂා කර ඇති අතර එහිදී සැක කටයුතු කිසිවක් හමු වී නොමැත.
60 හැවිරිදි සැකකරු මාතර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක ලෝකයේ සිදුවන දෙයක්. හඳුනාගැනීම හරිම අපහසුයි. අලුත් ඩොලර් 100 හොර ඒවා නොවන අතර පරණ ඒවා හොර විදියට හදයි. ඩුබායි හා සිංගප්පූරුව වැනි රටවල මේවා හඳුනා ගැනීමට පහසුකම් ඇති නිසා හොර නෝට්ටු ලංකාව තුළ මාරු කර ඇත්ත මුදල් රටින් පිට කරනු ලැබේ...