
(දයාරත්න ඇඹෝගම)
ව්‍යාජ අධ්‍යාපන සහතික සහ කුඨ ලේඛණ ඉදිරිපත් කොට පත්විම් ලබාගත් උතුරු මැද පළාතේ උපාධිධාරි හා පුහුණු ගුරැවරු 14 දෙනකුගේ සේවය අවසන් කළ බව උතුරු මැද ප්‍රධාන අමාත්‍යාංශයේ සහ අධ්‍යාපන අමාතයාංශයේ ලේකම් සිරිමෙවන් ධර්මසේන මහතා පැවසිය.
පසුගිය 1997 වසරේ සිට උතුරු මැද පළාතේ පාසල්වල සේවය සදහා විටින් විට බදවාගත් උපාධිදාරි හා පුහුණු ගුරුවරුන් 14 දෙනකුගේ සේවය මෙසේ අවසන් කොට තිබේ.
මෙසේ සේවය අවසන් කරන ලද ගුරුවරුන් වසර අටත් වසර විසිපහත් අතර කාලයක් උතුරු මැද පළාතේ පාසල්වල සේවය කොට තිබුණි.
මොවුන් ගුරුවරුන් ලෙස සේවයට බැදෙන අවස්ථාවේදි ඉදිරිපත් කර තිබු අපොස සාමන්‍ය පෙළ,අපොස උසස් පෙළ හා උපාධි සහතික සියල්ල ව්‍යාජ ඒවා බවට තහවුරැ වු බවද ප්‍රධාන අමාත්‍යාංශයේ ලේකම් සිරිමෙවන් ධර්මසේන මහතා පැවසිය.
මෙම ගුරුවරුන්ගේ අධ්‍යාපන සහතික හා අනෙකුත් ලේඛණ පරික්ෂා කිරිම සදහා පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව මගින් කමිටුවක් පත්කොට තිබුණි.සමහර උපාධිදාරින් ගුරුපත්විම් ලබාගැනිම සදහා විදේශ රටවල විශ්ව විද්‍යාල වලින් පවා අධ්‍යාපනය හැදැරු බවට ව්‍යාජ උපාධි සහතිකද ඉදිරිපත් කොට තිබු බවත් කමිටු වාර්තාවේ සදහන්ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි එච්චරද? වංචාවට නීතිමය පියවර නැද්ද?
එවන්දේ සොයාබලා කටයුතු කරන එක නම් ඉතාමත් වටිනවා.
සාමාන්‍යයෙන් පත්වීමක් දුන්නාම අවුරුදු තුනක පරිවාස කාලයකට යටත් කරනවා එම කාලයේදී සුදුසුකම් ලබාගෙන නැත්නම් සේවය අවසන් කරන්න ඕන ඒක අධ්‍යාපන වේවා වෙනත් දෙපාර්තමේන්තුවක වේවා පාලන අංශය විසින් කලයුතු අනිවාර්‍ය රාජකාරියක් වෙනවා දැන් (විශේෂයෙන් පළාත් සභා ඇතිවුනාට පස්සෙ) අධ්‍යාපන සහතික පරීක්ෂා කරන්නෙ සේවා දිගුවක් ලබාදෙන අවස්ථාවේදි තමයි ඔය වරද වීමට ප්‍රභලම හේතුවක් වෙන්නේ අධ්‍යාපන කාර්‍යාලවල අටවාගෙන තිබෙන සුභසාධක සමිති ජාතියක් නිසා මාරුවී ගියාම ප්‍රථිලාභ අහිමිවන නිසා පත්වීම් දිනයේ සිට කිසිම පුහුනුවකුත් නොලබා විශ්‍ර්‍රාම ලබනතුරුම එකම ආයතනයේ රැදීසිටි නිළධාරින් නිසා සිදුවන අකටයුත්තක් කියන්න පුලුවන් .
මේ විදියට මුලු ලංකාවේම රජයේ සේවයේ ඉන්න අයගේ සුදුසුකම් පරික්ෂා කරන්න ඕනෑ ගොඩක් අය අධ්‍යාපන සුදුසුකම් වලට වඩා දේශපාලකයන්ගේ හෙන්චයියෝ නිසා රැකියා ගත්ත අය ඉන්නේ
කථානායකගේ සහතිකේ මාසෙන් ප්‍රශ්ණ කෙරුවට, අත්‍යාවශ්‍යම වන ගුරුවරුන්ගෙ සුදුසකම් සහ සහතිකවල ව්‍යාජ භාවය හොයාගන්න වසර විසිපහක්ම ගිහිල්ලා?
මෙවැනි අයවලුන් පන්නලා විතරක් හරියන්නේ නෑ නීතිය හමුවට පමුණුවන්න සුදුසු දඬුවම් ලබා දිය යුතුයි
කරුණාකරලා සියලුම පාසල් පරික්ෂා කරන්න
ඕනෑම ආයතනයක සේවයට බඳවා ගැනීමෙන් පසු ඉදිරිපත් කළ සියලු සහතික අදාළ ආයතන ලවා සත්‍ය බවට සහතික කිරිම අත්‍යාවශ්‍ය කරුණක්... ලිපි ගොනු භාර අයගේ වගකීම... ඒ වගකීම් පැහැර හැරපු නිලධාරීන්ට එරෙහිවත් කටයුතු කළ යුතුයි.