IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


හොර කච්චේරියක් වටලයි

(ජේ.ඒ.එල් ජයසිංහ)

මහනුවර පුරවරයට සහ රටටම ව්‍යාජ රියැදුරු බලපත් ,ව්‍යාජ උප්පැන්න සහතික ,ව්‍යාජ ජාතික හැඳුනුම්පත් ,ව්‍යාජ අධ්‍යාපන සහතික තොග පිටින් සකසා මුදලට විකුණූ ජාවාරම්කරුවෝ තිදෙනෙක් මහනුවර පොලිස් මූලස්ථානයේ නිලධාරින් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.

මහනුවර කොට්ඨාස අපරාධ විමර්ංශන අංශයේ පොලිස් කණ්ඩායමකට ලද තොරතුරක් මත මෙම මහා ජාවාරම අනාවරණය කරගෙන තිබේ.

මෙම ජාවාරම මෙහෙය වූ පුද්ගලයන් අනුරාධපුර ප්‍රදේශයේ අභයපුර, හූරීගස්වැව ,මීගලෑව පදිංචිකරුවන් බවත් ඔවුන් මෙම ව්‍යාජ ලේඛන සකසා ඒවා මහනුවර සහ වෙනත් පළාත්වලට මුදලට අලෙවි කර ඇති බවත් පොලිස් පරීක්ෂණවලදී අවාවරණ කරගෙන ඇත.

සැකකරුවන් ව්‍යාජ ඔප්පුවක් සකසා එය නුවර ප්‍රදේශයට ලබාදී තිබියදී ඒ පිළිබඳව මහනුවර පොලිස් මූලස්ථානයේ විශේෂ පොලිස් කණ්ඩායමකට තොරතුරු ලැබී ,මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අනුරුද්ධ බණ්ඩාරනායක මහතාගේ අධීක්ෂණ මත වැඩි දුර විමර්ශන සිදුකර සැකකරුවන් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කරගෙන ,අනුරාධපුර ප්‍රදේංශයට ගොස් සැකකරුවන් තිදෙනකු සහ ඔවුන් සැකසූ ව්‍යාජ ඉඩම් ඔප්පු , ව්‍යාජ වාහන රියදුරු බලපත් , සහ ව්‍යාජ උප්පැන්න සහතික අත්අඩංගුවට ගෙන තිබේ.

 



අදහස් (1)

හොර කච්චේරියක් වටලයි

sam Wednesday, 08 January 2025 03:00 AM

ජීවිතාන්තය දක්වා හිරේ දාන්න. මුන්ට ඇප දුන්න ගමන් රටෙන් පනී

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 563 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 279 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1081 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site