(කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත)
බෝගම්බර සිපිරි ගෙයි සිට සිය භාර්යාව සමග සම්බන්ධවී විදෙස් සංචාරක බෝකර්වරයෙක් ලෙස රගපාමින් අම්බලන්ගොඩ තිදෙනෙකුගෙන් වංචා සහගත ලෙස මුදල් ගිණුමට දමා ගත්තේ යයි කියන එම රක්ෂිත බන්ධනාගාර ගතව සිටින සැකකරුගේ බිරිය අද (2) පස්වරුවේදී සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවට ගත් බව අම්බලන්ගොඩ පොලීසිය කියයි.
මේ සැකකාර යුවළම නුවර පදිංචිකරුවන් බවත් මේ වංචාව සිදු කිරීමට හවුල් යයි සැකකෙරෙන කාන්තාව නුවර සිට අම්බලන්ගොඩට ගෙන්වා ගෙන සැකපිට පශ්න කිරීම සදහා අත් අඩංගුවට ගත් බව ද පොලීසිය කියයි.
මේ සැකකාරියගේ සැමියා මත්ද්‍රව්‍ය නඩුවක් සම්බන්ධයෙන් බෝගම්බර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාරගතව සිටින බවත් ඔහු එහි සිට ජංගම දුරකතන ඔස්සේ තමා විදෙස් සංචාරක බෝකර් වරයකු බව හදුන්වා දෙමින් තමා ළග සිටින විදෙස් සංචාරකයන් නවාතැන් ගැනීම සදහා අම්බලන්ගොඩ සංචාරක වයාපාරිකයින්ට ලබාදීමට යයි කියමින් තිදෙනෙකුගෙන් කොමිස් ලෙස මුදල් ඔහුගේ භාර්යාවගේ බැංකු ගිණුමට දමාගෙනඇති බවත් පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මයිනයි, පිනයි වගේ...!
දැන් ජෝඩු ජෝඩු තමයි ලංකාවේ හොරකම් කරන්නේ. සමහරු ආදායම් මාර්ග තිබෙන අතරේ වංචාව. අපේ මිතුරෙකු මරණාසන්න ලෙඩෙකුට වෛද්‍ය උපකරණයකට පිටරට සිට යවපු සල්ලි නෑදෑයෙක් යටිමඩි ගහලා තවම අදාල මුදල් ලැබුණේ නැති බව කියලා මුහුණු පොතේ විස්තර දමලා තවත් සල්ලි ගරාගත් බව පසුව හසුවුණා. ඒ හොර ජෝඩුවත් අඹුසැමියෝ...!