IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


’’හොරු අල්ලන්න ප්‍රමාද ඇයිදැයි හොරුන්ම අහනවා’’

(ආරියරත්න  රණබාහු)

හොරුන් අල්ලන්න මෙතරම් ප්‍රමාද ඇයිදැයි හොරුන්ම අපෙන් විමසුවත් එය ක්‍රමානුකූලව කරන ක්‍රියාවක් බැවින්  ඊට රජයට කිසිදු හදිසියක් නැතැයි අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය  කැස්බෑවේදි  පැවසුවාය.

කැස්බෑව නගර සභා ශ්‍රවනාගාරයේ පැවති   කැස්බෑව ආසනයේ  ජාතික  ජන බලවේගයේ කාන්තා  සමුළුව  අමතමින් ඒ බව පැවසු අගමැතිනිය එහිදී මෙසේද කීවාය .

හොරු අල්ලන්න ප්‍රමාද මොකද කියලා  හොරුම  අපෙන්  අහනවා.කලබල වෙන්න එපා.අපි මේ හොරා පොලිස් සෙල්ලම කරනවා  නෙවෙයි. .ඒගොල්ලෝ වගේ නාට්‍යයක් රඟ දක්වනවා නෙවෙයි

රටක් හදන්න අපි මේ උත්සාහ කරන්නේ. හොරු ඇල්ලීම මාධ්‍ය ඉස්සරහා කරන රඟනයක් නෙවෙයි.අපි ඒගොල්ලෝ වගේහොරු බොරුවට අල්ලලා බන්ධනාගාර රෝහලට යවල පසුව අත්සනක් වැරදුනා  කියලා එළියට යවන්න නෙවෙයි මේක කරන්නේ.

අපි මේක කරන්නේ හරියට නීතියට අනුවයි හරි දඬුවමකට ලක්  කිරීම අවශ්‍යයි. ඒවා නිවැරදි විදියට කළයුතුයි. ඒනිසා  අපට කලබලයක්  හෝ හදිසියක් නැහැ .ඒවා ක්‍රමානුකූලව කරගෙන යනවා.කට්ටියට හිරේ යන්න හදිසි උනාට අපට කරන්න දෙයක් නෑ. අපේ ගිවිසුම තියෙන්නේ   පරජය වු පක්ෂවලට හෝ පුද්ගලයන්ට උත්තර දෙන්න නෙවෙයි  ජනතාව සමඟයි.

මෙහිදී   හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුනාරච්චි මහතාද අදහස්  දැක්වීය 



අදහස් (12)

’’හොරු අල්ලන්න ප්‍රමාද ඇයිදැයි හොරුන්ම අහනවා’’

NIMAL Thursday, 31 October 2024 05:43 PM

හොරුන් අල්ලන්න මෙතරම් ප්‍රමාද ඇයි දැයි හොරුන්ම අපෙන් විමසනවා හරිණි අමරසූරිය කොළඹින් සහ අම්බිගා කඳුරටින් මෙවර මහමැතිවරණයේදී විශාල ඡන්ද ප්‍රමාණයක් ලබාගනු ඇත...!

:       0       0

Rupika Thursday, 31 October 2024 06:23 PM

එහෙම අහන එකේ වරදක් නැහැ. මොකද ඔහේලා විපක්ෂයේ සිටිද්දී සියලු හොරුන්ගේ තොරතුරු එකතු කර ෆයිල් හදා අවසන් කරගෙන නේද හිටියේ. ඉතින් ඒවා අධිකරණයට ඉදිරිපත් කර හොරු අල්ලන්න තිබුණා නේද කියනකොට කිව්වේ නම් නඩුවේ තීන්දුව ලියමින් කියලා තමයි පෙන්නුම් කළේ. එහෙම නේද මැතිණිය.

:       0       0

sukitha Thursday, 31 October 2024 06:25 PM

දේශපාලන උත්තර අපට එපා. හොරු ඇල්ලීමට මේ දක්වා ගෙන ඇති ක්‍රියාමාර්ග පැහැදිලි කරන්න යුතුකමක් තිබුණා.

:       0       0

nihal Friday, 01 November 2024 12:01 AM

ඉතාම ප්‍රශංසනීයයි... ජය වේවා...!

:       6       4

Gamini Friday, 01 November 2024 04:46 AM

අල්ලද්දී කෙඳිරි ගාන්න එපා කිව්වා මතකද?

:       0       6

Roni Friday, 01 November 2024 10:25 AM

මෙයත් දැන් ඉඳලා හිටලා පොඩි එකක් කියලා යනවා.

:       4       8

සෙනෙවිරත්න Friday, 01 November 2024 11:45 AM

ඔන්න ඔහොම තමයි යමක් කළ යුතු. අහගන්න, හදිසි වෙන්න එපා, මාලිමාවට ඡන්දෙ දුන් අය දන්නව යමක් කළ යුතු ආකාරය සහ ඊට ගතවන කාලය. ⁣

:       9       9

Iroshan Friday, 01 November 2024 01:21 PM

ඒකනම් එළකිරි කතාව. නීත්‍යානුකූල විදිහට කරන්න ඕනේ. නැත්නම් දේශපාලන පලිගැනීම් කියලා කියනවා. මේ රටේ එකෙක්වත් හොරකම් කරලා නෑ සේරම ඉන්නේ නියම මහත්වරු සෙට් එක. අල්ලන එක තමයි වැරදි. එල්ලුවොත් දේශපාලන පලිගැනීමක් කියනවා.

:       8       9

Gihan Friday, 01 November 2024 02:20 PM

සෙනෙවිරත්න, රෙදි සෝදන මැෂින් එක නියමයි..

:       5       7

Umara Friday, 01 November 2024 02:33 PM

අල්ලද්දී කෙඳිරි ගාන්න එපා හොඳේ...!

:       4       10

අමල් Friday, 01 November 2024 04:07 PM

නිවටයෙක් දැක්කාම එළුවෝත් රැවුල පානවා කියන්නේ මේකට තමයි...! මේ වගේ වැඩබැරි කයියනායකලා පත්වුණාම නාමල් වගේ කම්බ හොරුත් "පුලුවන්නම් අල්ලපන්" කියලා කෝචෝක් කරන්නේ ඒක හින්දයි !

:       5       9

Asanga thiththagalla gamage Sunday, 03 November 2024 10:36 AM

මෙයත් ඩයනා වගේලු නේද?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 689 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 329 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1116 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site