IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


හොර අරක්කු නිෂ්පාදනය සියයට 300කින් වැඩිවෙලා

(රංජන් කස්තුරි)

සුරාබදු බලපත්‍රලාභි  ඇතැම් සමාගම් ද රටට බදු ආදායම් අහිමි කරමින් වංචනික ලෙන නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය කරන බව මුදල්  රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

මෙම වංචාව හේතුවෙන් රට පුරා මේ වන විට නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය සියයට 300කින් පමණ ඉහළ ගොස් තිබෙන බව ද රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය.

ලෝක සෞඛ්‍ය සංවිධානය සිදු කළ සමීක්ෂණයකට අනුව 2004 වසරේ සිට 2016 වසර දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ මත්වතුර කර්මාන්තය සියයට 95කින් පමණ වර්ධනය වී තිබෙනවා.  ඒ අතර නීත්‍යානුකූල මත්වතුරවල වර්ධනය තිබෙන්නේ සියයට 50යි. නීති විරෝධී මත්වතුර කියන්නේ අපි දන්න කැලේ කොළේ බඩවැටියේ පෙරන ඒවා නොවෙයි. සුරාබදු  බලපත්‍ර හිමි අයත් නීති විරෝධී මත්වතුර නිෂ්පාදනය කරනවා. ව්‍යාපාරිකයන් විවිධ උපක්‍රම භාවිත කරමින් සුරාබදු ආදායම වසන් කරනවා.



අදහස් (3)

හොර අරක්කු නිෂ්පාදනය සියයට 300කින් වැඩිවෙලා

Bamunuarachchi Monday, 31 October 2022 05:03 PM

ඕක කියන්න දෙයක්ද උන්නැහේ පෙට්රෝල් මිල ඉහල ගිය විදිහට අපිට ගෙදර පෙට්රෝල් හදා ගන්න පුලුවනිනම් අපි එකත් හදා ගන්නවා. වාහන තිබෙන මිනිහාට තමයි පෙට්රෝල් මිලේ අමාරුව බොන මිනිහාට තමයි අරක්කු මිලේ අමාරුව.වැලයන පැත්තට මැස්ස ගහන්න. කැමති කෙනෙකුට ගහක් මැදගන්න ඉඩදෙන්න.

:       0       4

Samarakoon Monday, 31 October 2022 06:27 PM

කැමති කෙනෙකුට ගහක් මැදගන්න ඉඩදෙන්න කියන්නේ මොන ගහක්ද? කිව්වා නම් හොඳයි, නැත්නම් කියාවි පොල් ගහක් විතරයි මදින්න කිව්වේ කියලා... ගහක් මදින්න දුන්නොත් කොහොමද මිනිසුන්ට විෂ පොවන්නේ? හොර අරක්කු වටලා සාක්කුවට කීයක්වත් ගන්නේ කොහොමද? ඇත්තටම හොර අරක්කු වැඩිවීම සියයට පන්සීයක් කියලා හිතෙනවා. මොකද සමහරක් අය දවසට හත් අට වරක් නැටුම් තෙල් ගන්න ගමේ ෂෙඩ්වලට යනවා... තවත් කෙනෙක් කියනවා හතර හමාර වෙනකොට කාලක්‍රියා නොකළොත් ඇඟට අමාරුයි කියලා කාලක්‍රියා කළාට පස්සේ ඒ ඇමතුම එකක් වෙනවා... හරියට මහ රජ්ජුරුවන් වගේ...

:       0       3

BamunuarachchiTuesday, 01 November 2022 07:11 AM

කැමති කෙනෙකුට ගහක් මැදගන්න ඉඩදෙන්න කියන්නේ මොන ගහක්ද?කියලා අහන්න එපා. ගම්වල ඉන්න, තල්, පොල්, කිතුල්, රා බීපු හා බොන මිනිස්සු දන්නවා ගහක් මැද ගන්නවා කියන්නේ මොකක්ද කියලා. ඕක කෙල මොලෙන් ඇනලාම කියලා දෙන්න ඕනේ නැහැ. අනික සමරකෝන් ඔබ ඔය කියන විදිහට නොවෙයි රටේ දේවල් සිද්ද වෙන්නේ. බොහොම ඉස්සර ඔබට මතකද අපේ පාසල් පොතක තිබුනා රොමාගේ වාසනාව කියලා කතාවක් ඒ කතාවේ හැලිඅරක්කු ගැන කියවුනා මතකද? හැලිඅරක්කු දැන් කසිප්පුවෙලා ඒ කොහොම උනත් ඔබකියන විදිහට මිනිස්සු මැරෙනවානම් අද අපේ ජනගනය බොහොම අඩුවෙලා නමුත් වෙන්නේ අනික් පැත්ත. බාවිතය වැඩිවෙලා නිසා ජනගහනයත් වැඩිවෙලා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 208 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 167 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site