(රංජන් කස්තුරි)
සුරාබදු බලපත්‍රලාභි ඇතැම් සමාගම් ද රටට බදු ආදායම් අහිමි කරමින් වංචනික ලෙන නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
මෙම වංචාව හේතුවෙන් රට පුරා මේ වන විට නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය සියයට 300කින් පමණ ඉහළ ගොස් තිබෙන බව ද රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය.
ලෝක සෞඛ්‍ය සංවිධානය සිදු කළ සමීක්ෂණයකට අනුව 2004 වසරේ සිට 2016 වසර දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ මත්වතුර කර්මාන්තය සියයට 95කින් පමණ වර්ධනය වී තිබෙනවා. ඒ අතර නීත්‍යානුකූල මත්වතුරවල වර්ධනය තිබෙන්නේ සියයට 50යි. නීති විරෝධී මත්වතුර කියන්නේ අපි දන්න කැලේ කොළේ බඩවැටියේ පෙරන ඒවා නොවෙයි. සුරාබදු බලපත්‍ර හිමි අයත් නීති විරෝධී මත්වතුර නිෂ්පාදනය කරනවා. ව්‍යාපාරිකයන් විවිධ උපක්‍රම භාවිත කරමින් සුරාබදු ආදායම වසන් කරනවා.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක කියන්න දෙයක්ද උන්නැහේ පෙට්රෝල් මිල ඉහල ගිය විදිහට අපිට ගෙදර පෙට්රෝල් හදා ගන්න පුලුවනිනම් අපි එකත් හදා ගන්නවා. වාහන තිබෙන මිනිහාට තමයි පෙට්රෝල් මිලේ අමාරුව බොන මිනිහාට තමයි අරක්කු මිලේ අමාරුව.වැලයන පැත්තට මැස්ස ගහන්න. කැමති කෙනෙකුට ගහක් මැදගන්න ඉඩදෙන්න.