IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


හයිටි ජනපති ධුරය අත්හරි

සන්නද්ධ කණ්ඩායම් අතරේ නිර්මාණය වූ බලඅරගලයක් අතරතුරේ, ප්‍රචණ්ඩකාරී විරෝධතා මැද හයිටියෙන් පලා ගිය එරට අන්තර්වාර ජනාධිපති ඒරියල් හෙන්රි, ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වුණු බව විදෙස් මාධ්‍ය පවසයි.

විදෙස් මාධ්‍ය මෙසේ පැවැසුවේ, ඒරියල් හෙන්රි ධුරයෙන් ඉවත් වීම සම්බන්ධයෙන් ගයනා ජනාධිපති ඉර්ෆාන් අලී මාධ්‍ය කළ ප්‍රකාශයක් උපුටා දක්වමිනි. විරෝධතා මැද හයිටියෙන් පලා ගිය ඒරියල් හෙන්රි මේ වනවිට ලතින් ඇමෙරිකාවට පැමිණ සිටී.

ගයානා යනු ලතින් ඇමෙරිකාවේ උතුරු අත්ලාන්තික් සාගරයට මුහුණලා පිහිටි කුඩා රාජ්‍යයකි. දේශපාලනික වශයෙන් සහ ආර්ථිකමය වශයෙන් අස්ථාවර වූ හයිටි රාජ්‍යය, කැරිබියානු දූපතකි. හයිටිය අතීතයේ ප්‍රංශ කොලනියකි.

අද වනවිට හයිටි රාජ්‍යයේ අර්බුද උත්සන්න වී ඇති අතර, සන්නද්ධ අපරාධ කල්ලි එරට රජ කරයි. පොලිසිය පවා එම සන්නද්ධ කල්ලි හමුවේ අසරණ වී ඇත. 

සන්නද්ධ කල්ලි පසුගිය සති කීපය පුරා හයිටියේ ප්‍රචණ්ඩකාරී විරෝධතා පවත්වන්නේ භාරකාර ජනාධිපති ඒරියල් හෙන්රිට ධුරයෙන් ඉවත් වන්නැයි බල කරමිණි.

2021 වසර වෙද්දී හයිටියේ ජනාධිපති ධුරය හෙබවූයේ, ජුවෙනල් මොයිස්ය. 2021 ජූලි 7 වැනිදා ඔහුගේ නිල නිවසේ දී ඝාතනය කරනු ලැබුණි. ඒ, ආයුධ සන්නද්ධ කල්ලියක් විසිනි. එම අවස්ථාවේදී, අග්‍රාමාත්‍ය ධුරය හොබවමින් සිටි ඒරියල් හෙන්රි, භාරකාර ජනාධිපති ධුරය බාර ගත්තේය. ඒ ඔහුගේ අභිමතය පරිදිය.

පසුගිය සති කීපයේ සිට සන්නද්ධ කණ්ඩායම්, ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කරන්නේ ඒරියල් හෙන්රි භාරකාර ජනාධිපති ධුරයෙන් ඉවත් විය යුතු යැයි බල කරමින් සහ සාධාරණ මැතිවරණයක් අවශ්‍ය බව පවසමිනි. 

හයිටියේ පෝට් ඕ ප්‍රින්ස් අගනුවර ජාත්‍යන්තර ගුවන්තොටුපොළ පවා තවමත් ඇත්තේ සන්නද්ධ සාමාජිකයන්ගේ ග්‍රහණයේය. හයිටියේ හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත් නෙකරුණි. ඒරියල් හෙන්රි හයිටියෙන් පලා ගියේ ප්‍රචණ්ඩ ක්‍රියා උත්සන්න වෙද්දීය. පසුව වාර්තා වූයේ ඔහු ලතින් ඇමෙරිකාවට පලා ගිය බවය.

 (ඒ.එෆ්.පී.)



අදහස් (6)

හයිටි ජනපති ධුරය අත්හරි

Lal Tuesday, 12 March 2024 01:14 PM

මේවා කියවන විටදී මතක් වෙන්නේ ජෙප්පෝ තමා

:       24       8

Dasa PTuesday, 12 March 2024 05:23 PM

මට නම් මතක් උනේ "අපි තමයි කලේ "කියන උදාන වාක්‍ය

:       0       1

Dasa P Tuesday, 12 March 2024 05:21 PM

අත් හැරියට නිල නිවසක් සමග පෙන්ෂන් එකක් ලැබෙයිද අපේ රටේ වගේ ?අත් හැරීම ගැන පොතකුත් ලියලා ගානකට විකුනන්න පුළුවන්

:       0       2

ඒරියල් හෙන්රි Tuesday, 12 March 2024 06:47 PM

ලාල්, ජෙප්පො හයිටිවලත් ඉන්නවද? පෙනෙන හැටියට ජෙප්පෙක් ලාල්ගෙ දෙපරැන්දේ ටින්කිරි ගාලද කොහෙද ??

:       0       2

පිටරටවැසියා Tuesday, 12 March 2024 06:51 PM

මදැයි, අපේ විරුවගෙ වර්ල්ඩ් රෙකෝඩ් එක කඩලා. දැන් පලව හැරපු ජනපතිලා ලෝකෙ වටෙන්ම ??

:       0       1

chandima Wednesday, 13 March 2024 03:48 AM

නිදිමතේ හැටියට පෙනුනේ ලංකාවේ වගේ

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 303 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 200 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site