
(රවින්ද්‍ර ලියනගේ)
දන්කොටුව කටුකෙන්ද මහවත්ත ප්‍රදේශයේ රජයේ ගොවිපලක අයිති ඉඩමක වැලි කපා අතහැර දැමු ජලය පිරුණු වළක මාලු ඇල්ලිමට ගිය සහෝදරයන් දෙදෙනකු දියේ ගිලි මරුමුවට පත්ව ඇති බව දන්කොටුව පොලිසිය කියයි.
දියේ ගිලි මිය ගොස් ඇත්තේ කටුකෙන්ද මහවත්ත පදිංචි බ්රැන්ක්රාස් ග්‍රේෂන් ප්‍රනාන්දු (44) නැමති තිදෙරු පියකු හා අවිවාහක ඔලිවර් රවින්ද්‍ර කුමාර් ප්‍රනාන්දු (37) නමැති අයිය මලෝ දෙනෙකි.
මියගිය දෙදෙනා ඇතුලු සිව් දෙනකු ජලය පිරු වලේ මාලු ඇල්ලිමට දැලක් වටකර තිබේ. පසුව එදින සවස 6.00 ට පමණ මිතුරන් පස් දෙනකු එළා තිබු මාලු දැල ගොඩට ගැනිමට වළට බැස ඇත. ඔවුන් පස් දෙනකුගෙන් දෙදෙනකු දියේ ගිලි අතුරුදහන් වි තිබු අතර අනිකුත් අයලුන් දිවි බේරාගෙන ගොඩට පැමිණ ඇති බව පොලිසිය කියයි.
අතුරුදහන් වු දෙදෙනා සේවිමට අනිකුත් පිරිස උත්සහ කළද එය ව්‍යර්ථ වි ඇත. පසුව නාවික හමුදා කිමිදුම්කරුවන් පැමිණ අතුරුදහන් වි සිටි දෙදෙනා ගොඩට ගැනිමට කටයුතු කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd