(රංජන් කස්තුරි)
ජනපීඩන ආණ්ඩුවට ගෙදර යන්නැයි බලකරමින් මේ මස 6 වැනි දින රටපුරා හර්තාලයක් පවත්වන බව වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය කියයි.
රජ්‍ය,අර්ධ රාජ්‍ය, පුද්ගලික සහ වතු යන කේෂ්ත්‍රවල සියලු සේවක සේවිකාවේ එම වර්ජනයට එක්වන අතර රටපුරා හර්තාල් ක්‍රියාමර්ගවල නිරතවන බව ද ඔවුහු කීහ.
රටපුරා සෑම නගරයකම මෙන්ම සෑම ගම් ප්‍රදේශයකම ජනතා එදින පාරට බැස ආණ්ඩුවට එරෙහිව විරෝධතාවල නිරත වන බව ද ඒ සඳහා ක්‍රමවත් වැඩපිළිවෙළක් සකස්කර තිබෙන බව ද වාර්තා වෙයි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
හය වැනි දා රටපුරා හර්තාල්
ජගත් ලියනගේ Monday, 02 May 2022 07:25 PM
රාජ්‍ය බැංකු සහ පුද්ගලික බැංකුත් ඔය අරගලයට සම්බන්ධ කර ගන්න...
RenziMonday, 02 May 2022 11:33 PM
මෝඩ කතා කියන්න එපා. වර්ජන කරන තරමට රට කඩා වැටෙනවා ඒකෙන් පාඩු වෙන්නේ දේශපාලකයින්ට නෙමෙයි අපේ අනාගත පරම්පරාවට.මේ රටේ ඔය වෘත්තීය සමිති නිසා රටට වුණු හානි අපමණයි. බ්‍රිතාන්‍යයේ අගමැතිනි මාග්‍රට් තැචර් ඔක්කොම වෘත්තීය සමිති වල බලය කඩලා දැම්මා. එයාට යකඩ ගැහැණිය කිව්වේ ඒකයි. අපේ රටේ තමයි ලෝකේ වැඩිම නිවාඩු තියෙන්නේ. රජයේ සේවකයෝ අවුරුදු දෙකට වඩා ගෙදර ඉඳන් පඩි අරන් තවත් ස්ට්‍රයික් කරනවා. ගුරුවරු ඊට එහා.ඔක්කොම නිකම් ඉගෙන ගෙන රැකියා දියව් කියලා පෙළපාලි ගිහින් රස්සා අරන් කිසිම වැඩක් නොකර වැඩි පඩි ඉල්ලා ස්ට්‍රයික් කරනවා. වෙළෙන්දෝ, හෝටල් කාරයෝ හැම එකාම හොර කරනවා. උඩ ඉඳන් පහලට යනකම් හොරකම ඉතින් කොහේද රටක් හදන්නේ
යකාගෙ නීතිය Monday, 02 May 2022 08:12 PM
ඒ කියන්නේ මේ සතියේත් දරුවන්ට අධ්‍යාපනය තවත් දවසක් නැතිවෙනවා. මේ වැඩ වලින් වෙන්නේ උතුරට කිරි, කොළඹට කැකිරි තමයි.
සෙනෙවිරත්න Tuesday, 03 May 2022 12:34 AM
ඉගෙනගන්න බැරියැ පස්සෙ? ඉගෙනගෙන රටට වෙච්ච කරුමෙ පේනව නේද? හරියට තමන්ගෙ චන්ද අයිතිය වත් පාවිච්චිය නොදන්නා ජනතාවක් ඉන්න රටක් මේක.