
(විමුක්ති එස් රුද්‍රිගු)
ඝාතනයට ලක්වූ හමාස් දේශපාලන අංශයේ නායක ඉස්මයිල් හනියේ නැවතී සිටි නෙෂාට් ආගන්තුක නිවසේ බෝම්බ ඇටවීමේ සිදුවීමට සැකපිට 24 දෙනකුට වැඩි පිරිසක් ඉරාන ආරක්ෂක අංශ විසින් අත් අඩංගුවට ගනු ලැබ ඇතැයි නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත වාර්තා කළේය.
එලෙස අත් අඩංගුවට ගත් පිරිස අතර ටෙහෙරාන් නුවර ඔහු නවාතැන්ගත් නෙෂාට් ආගන්තුක නිවසේ කාර්ය මණ්ඩල සාමාජිකයන්, ඉහළ පෙළේ ඉරාන බුද්ධි නිලධාරීන් සහ හමුදා නිලධාරීන් සිටින බව එම පුවත්පත සඳහන් කළේය.
ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකාය දැඩිව ආරක්ෂාව සැපයූ නෙෂාට් ගොඩනැගිල්ලට නවාතැන් ගැනීමට පැමිණි අමුත්තකු ඉරාන ජනපති දිවුරුම්දී පැය කීපයක් ගතවීමට මත්තෙන් ඝාතනයට ලක්වීම එරට ආරක්ෂක තත්වය දැඩිව උල්ලංඝනය වීමක් ලෙස ඉරාන රජය සලකන බවත් ඒ හේතුවෙන් ඉරානය මෙම සිදුවීමට දැඩිව ප්‍රතිචාර දක්වන බවත් නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත පැවැසුවේය.
හමාස් දේශපාලන අංශයේ නායක ඉස්මයිල් හනියේ පසුගිය බදාදා අලුයම 2 ට පමණ නෙෂාට් ගොඩනැගිල්ලේ ඔහු නැවැති සිටි ආගන්තුක නිවසට පැමිණි අවස්ථාවේදී බෝම්බයක් පිපිරීමෙන් ඝාතනයට ලක්විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කලින් කිව්වා ගුවන් ප්‍රහාරයකින් කියලා....ඊට පස්සෙ කිව්වා මාස ගානකට කලින් කාමරයට සවිකරලා තිබිච්ච බෝම්බයක් remote control එකකින් ක්‍රියාත්මක කරලා කියන මතයක් ප්‍රකාශ කලා....දැන් IRGC එකෙන් කියනවා short range airborne projectile එකකින් ලු ඝාතනය කරලා තියෙන්නෙ.... හරියටම ගහපු විදිය Mozart එකෙන් කියන්නෙ නැති නිසා... අපිට සත්‍ය දැනගැනීමට තියෙන අයිතිය උල්ලංඝනය වෙනවා හොඳේ.
හමාස් කියන්නේ ත්‍රස්ත සංවිධානයක් නේද ?ඉතින් මැරුවම මොකද මුන්ව