
(යොහාන් භාසුර)
රුපියල් කෝටි 1150 ක මූලික ව්‍යාපෘතියක් ලෙස හම්බන්තොට වරාය තුළ නවීණ මුහුදු යාත්‍රා නිපදවීමේ අංගනයක් පිහිටුවීම සඳහා සී හෝර්ස් යොට්ස් පුද්ගලික සමාගම සහ හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය පසුගියදා ගිවිසුමට එළඹිණි.
මෙම ව්‍යාපෘතියේ මූලික ආයෝජනය ඇමරිකානු ඩොලර් මිලියන 58 ක් හෙවත් රුපියල් කෝටි 1150 ලෙස ඇස්තමේන්තු කර ඇති අතර එහි නිෂ්පාදන කටයුතු 2022 මුල් භාගයේදී ආරම්භ කිරීමට නියමිතය.
මෙම ව්‍යාපෘතිය තුළින් සෘජු රැකියා අවස්ථා 200 කට වැඩි ප්‍රමාණයක් ද වක්‍ර රැකියා අවස්ථා 300 ක් බිහි වෙතැයි අපේක්ෂා කරයි.
හම්බන්තොට වරාය ප්‍රධාන විධායක නිලධාරි ජොන්සන් ලියු සහ සී හෝර්ස් සමාගමේ සභාපති අලි හුසේන් ඩිඩී යන මහත්වරු එම අංගනය සම්බන්ධ ගිවිසුමට අත්සන් තැබූහ.
තරුණ හා ක්‍රීඩා සහ ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ සහ ශ්‍රී ලංකාවේ මාලදිවයින මහ කොමසාරිස් ඕමාර් අබ්දුල් රසාක් යන මහත්වරු ද ගිවිසුමට අත්සන් තැබීමේ අවස්ථාවට සහභාගී වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුද යකෝ ඔය මැද ඉන්න හොර නාම්බා , ඔය හදන හැම නැවකින්ම කුට්ටියක් ඔය යකා ගනියි
නැව් ගිලින්න වගේ මේ සූදානම් වෙන්නේ
ගැහිලි කප්පිත්තෙක් මැද්දේ ඉන්නවා
අම්මපා නාමල් මොන ඉටිගෙඩියක් දැනගෙන ඔතන කතා කරනවද?
රජයේ වියදමින් වරායට එන ලොරි කන්ටේනර් ස්කෑන් කරන යන්ත්‍ර පිහිටුවලා ස්කෑන් කරන එක වාහනයකින් ඩොලර් 10 බැගින් යහපාලක ඇමතිලා දෙදෙනෙක් ලබා ගත්ත වැඩේ වගේද?