IMG-LOGO

හාම්පුතාගේ පැත්තට කතා කළැයි කුළුගෙඩියකින් ගසා දෙදෙනකු මරලා

(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

හොරණ  අරමනාගොල්ල කර්මාන්ත ශාලාවක නේවාසිකාගාරයක් තුළ දී පුද්ගලයන්  දෙදෙනෙකුගේ හිසට කුලුගෙඩියකින් පහරදී ඝාතනය කර තවත් පුද්ගලයකුට බරපතළ තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට  ගත් සැකකරු හොරණ අධිකරණයට අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 29  දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස මහේස්ත්‍රාත් චානිමා විජේබණ්ඩාර මහත්මිය නියෝග කළාය

මෙලෙස රිමාන්ඩ් භාරයට පත් කරන ලද්දේ මකුලෑව බුල්නෑව පදිංචි වසන්ත ජයසිංහ 34 නමැත්තා ය.

ඉකුත් 15 වැදි දින ආයතනයෙන් ප්‍රමාණවත් පරිදි වැටුප් නොගෙවීම සම්බන්දව සැකකාර පුද්ගලයා ආයතන හිමිකරුට දොස් පැවරීමේදී  ඊට එරෙහි ව එම පුද්ගලයන් දෙදෙනා සහ බරපතල තුවාල ලැබූ පුද්ගලයන් දෙදෙනා කථා කිරීමත් සමඟම බහින් බස් වීමෙන්  පසු  මෙම ප්‍රහාරය එල්ල කර ඇති බව පොලිසිය අධිකරණයට දැන්වීය.

පහර දීමට යොදා ගත් කුළුගෙඩියේ මිට  කොටස් දෙකකට වෙන් වී තිබී හමුවූ බව පොලිසිය අධිකරණයට දැන්වීය .



අදහස් (10)

හාම්පුතාගේ පැත්තට කතා කළැයි කුළුගෙඩියකින් ගසා දෙදෙනකු මරලා

සෙනෙවිරත්න Sunday, 17 May 2020 03:24 PM

හාම්පුතාත් ඉවරයක් කලා නම් පඩි බාගෙත් නැතිව ගෙදරට වෙලා නිකන්ම ඉන්න තිබුන රජතුමාගෙ පන්දාහ අරගෙන...

:       818       762

ධම්ම Sunday, 17 May 2020 05:30 PM

අරක්කු මේ තරම් සැරද..?

:       6       48

Prabha Sunday, 17 May 2020 06:41 PM

වෙරි හිදෙනකොට කරපු මෝඩකම තේරෙන්න ඇති.

:       0       8

Sarasi Monday, 18 May 2020 01:12 AM

අන්තිම හේතුව පඩිය නේද අහිංසක දුප්පත් මිනිසුන් කි දෙනෙක් විනාශ කළාද?

:       0       5

janahitha Monday, 18 May 2020 11:34 AM

හේතුව නම් මුට්ටියයි... අල්ලපු තරමට වැඩිපුර පුරවාගෙන නාගත්තා උන් සහ එසේ නා ගැනීමට නොදන්නා එකාගේ වියරුව පමණි..

:       55       0

Pradeep Monday, 18 May 2020 02:32 AM

පවතින වාතාවරණය යටතේ කුඩා ව්‍යාපාරිකයනුත් අසරණයි. වැටුපෙන් භාගයක් දෙන එකත් ලොකු දෙයක්.

:       0       24

latha Monday, 18 May 2020 07:14 AM

ඔහුගේ ඔලුවටත් කුළු ගෙඩි පාරවල් දුන්න නම් තේරෙයි වැඩේ.

:       0       2

chinthana Monday, 18 May 2020 09:54 AM

තමන් වෙනුවෙන් කතා කර මියගිය අයගේ පවුල්වලට හා තුවාල ලැබුවන්ට හාම්පුතා හොඳට සලකාවි.

:       0       0

ගමරාල Monday, 18 May 2020 10:09 AM

ලංකාවෙ සමහර දේශපාලන පක්ෂවල ගම්මට්ටමේත් මෙවැනි මානසික තත්වයන් තිබෙනවුන් සිටිනවා. උන් කැමති උන් අදහන පක්ෂය රජකිරීමයි. කවුරු හෝ තමාගේ පක්ෂයට විරුද්ධ අයෙක් සිටිනවා නම් මේවගේ වැඩ කරන බවත් පේනවා. සැම ගමකම දහම් පාසැල් තියෙනවා. හැමදාම බණ කියනවා බණ අහනවා නමුත් මෙවැනිවුන්ට තේරෙන්නේ නැහැ සබ්බේ තසන්ති දණ්ඩස්ස කියන බුදුවදන.

:       0       0

de silva Monday, 18 May 2020 04:15 PM

සමහර මිනිස්සු හදන්නේ අනුන්ගේ හිසට කුළුගෙඩියෙන් ගසා හෝ තම මතය , තමන් අදහන අගම අනුන්ගේ හිසට දමන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 29 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 617 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 340 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site