
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පොලිස් අත්අඩංගුවට ගත් තම ස්වාමියා සොයා පොලිස් රිමාන්ඩ් සිරමැදිරිය අසල ගිය සුනඛයකු සම්බන්ධ සිද්ධියක් බුලත්සිංහල පොලිසියෙන් වාර්තා වේ
බුලත්සිංහල මෝල්කාව පාරේ නිවසක පවුල් ආරවුලක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවකු පොලිස් සිරමැදිරිය තුළ රඳවා තබා ඇත.
ඊට විනාඩි කිහිපයක් ගතවෙද්දී සිරමැදිරිය අසල සුනඛයකු වැතිරී සිටින අයුරු දුටු පොලිස් නිලධාරීන් සුනඛ එළවා දැමීමට උත්සහා කළත් සුනඛයා කාටත් හොර රහසේ යළි යළිත් සිර මැදිරිය අසලටම පැමිණ ඇත.
පසුව සොයා බැලීමේදී ඊට මද වේලාවකට පමණ පෙර පොලිස් සිර මැදිරියට දමන ලද බුලත්සිංහල මෝල්කාව පාරේ නිවසක පදිංචි පුද්ගලයා නිවසේ ඇති දැඩි කළ "බිංදු" නොමැති සුනඛයා බවට පොලිසියට දැන ගන්නට ලැබිණි.
බුලත්සිංහල මෝල්කාවේ සිට කිලෝමීටරයකට අධික දුරක් ගෙවා ජීප් රථය පසුපස පැමිණ තිබූ මෙම සුනඛ යා සිර මැදිරිය ඉදිරිපිට රැඳී සිටි මින් එහි යකඩ කූරු අතරින් තව ස්වාමියා දෙස බලමින් සිටින අයුරු දුටු පොලිස් නිලධාරීන්ගේ හදවතට ද යම් වේදනාවක් ගෙන ආවේය.
පොලිස් නිලධාරීන් සුනඛයාට විවිධ ආහාර ලබාදීමටද ලබාදීමට ද කටයුතු කළේය.
පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චමින්ද සිල්වා මහතා නිල කාමරයට පැමිණීමෙන් අනතුරුව මේ බව සැලකර ඇති අතර ස්ථානාධිපතිවරයාගේ උපදෙස් මත පොලිස් නිලධාරීන් සිරමැදිරිය දොර විවෘත කිරීමත් සමගම වහා සිය ස්වාමියා අසලට දිව ගිය බිංදු සුනඛයා ස්වාමියාගේ කකුල් දෙකට තම ඉදිරි ගාත් දෙක තබා නඟුට වන්නට වූ අතර එම අවස්ථාවේදී සිරමැදිරිය තුළ සිටි ස්වාමියා අතින් හිස පිරිමදින්නට විය
මද වේලාවක් ගත වෙද්දී පොලිස් නිලධාරීන් එම පුද්ගලයා ස්ථානාධිපතිවරයා වෙත යොමු කිරීමට කටයුතු කිරීමේදී සුනඛයාද ඔහු පසුපස යමින් නිල කාමරය ඇතුළු විය.
අනතුරුව ස්ථානාධිපතිවරයා එම පුද්ගලයාට දැඩි අවවාද කර ඔහුව පොලිස් ඇප මත මුදා හරින ලෙස පොලිස් නිලධාරීන්ට නියෝග කෙරිණි.


COMMENTS
හරියට දුක හිතුණා ඒ කතාව අහන කොට . කොටින්ම මටත් හැඟීම් බර උනා . සත්තු කොච්චර අව්‍යාජද
උතුම් ක්‍රියාවක්...!
මට හිතෙන විදිහට බිනූ නිසයි ඇප දුන්නේ..!
බල්ලා එළියේ ... බලුරජා ඇතුළේ...!
සත්තු බොරු කරන්නේ නෑ .බොරු කරන්නේ මිනිස්සු .මොකද මිනිස්සුන්ට සංකීර්ණ අවශ්‍යතා තියෙන්නේ අපි හැමෝටම ආදරණීය සුරතලෙක් කවදාක හරි ඉඳලා තියනවා .කොහොම උනත් මේ ස්ථානාධිපතිතුමා ඇතුළු නිලධාරී මණ්ඩලය බුද්ධිමත්ව ක්‍රියා කරලා තියනවා
පොලිස් ස්ථානාධිපතිතුමට අපගේ ගෞරවය. හරිම හැන්ගීම් බර සිදුවීමක්. බින්දු ඇවිත් තියෙන්නේ ඇප දෙන්න.
බොහෝ මිනිසුන්ට බල්ලන්ට තිබෙන උසස් ගතිගුණ නැහැ.
ඔය කූඩුව ගාව හිටගෙන ඉන්න සුරුට්ටු සිංහල ඌරු තඩියව කූඩුව ඇතුලට දාලා ඒකේ ඉන්න මිනිහවයි බල්ලාව්යි වහාම නිදොස් කරපිය
කළගුණ දන්න බල්ලෙක්? අදහන්ඩ වටිනවා. ඒකටත් එක්ක අපේ ගුණමකු පාලකයෝ ?
පාර්ලිමෙන්තුවෙ ඉන්නෙ පාදඩයො. . බල්ලො හිටිය නම් අපිට මෙහෙම වෙන්නෙ නෑ..