(විමුක්ති එස් රුද්‍රිගු)
ඇමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවේ තවත් හමුදා නිලධාරියෙකුට සම්බාධක පනවා ඇත.
ලෝකයේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ දූෂණ සම්බන්ධයෙන් වගවීම ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් මෙම සම්බාධක පැනවූ බව එරට රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබේ.
ඒ අනුව හිටපු හමුදා ප්‍රධානියෙකු වන ප්‍රභාත් බුලත්වත්ත මහතාට සහ ඔහුගේ පවුලේ අයට ඇමෙරිකා එක්සත් ජනපදයට ඇතුළු වීම වළක්වා ලමින් සම්බාධක පනවා තිබේ.
2008 වසරේදී මාධ්‍යවේදී කීත් නොයර් මහතා සම්බන්ධ සිදුවීම මුල්කොට ගනිමින් මෙසේ සම්බාධක පැනවූ බව ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව පෙන්වා දී ඇත.
COMMENTS