IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


හමුදා සෙබළාගේ සාක්කුවට විද්ද කොස්තාපල් දැලේ

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

කොළඹ නුවර පාරේ ධාවනය වෙමින් තිබූ මගී බස් රථයක ගමන් ගත් යුද යුධ හමුදා සෙබලෙකු කලිසම්සාක්කුවේ දමාගෙන සිටි රුපියල් 1500 ක් සහිත මුදල් පසුම්බිය සහ ඔහුගේ ජංගම දුරකථනය සොරාගත් බව කියන පොලිස් කොස්තාපල්වරයකු සැකපිට  අත්අඩංගුවට ගන්නා ලදැයි පෑලියගොඩ මූලස්ථාන පොලිසිය පවසයි.

මේවා සොරා සොරාගන්නා ලද අවස්ථාවේ ම ඒවායේ අයිතිකාර යුධ හමුදා සෙබලා සැකකරුඅල්ලාගෙන පසුව පෑලියගොඩ මූලස්ථාන පොලිසියට භාරදී ඇතැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට අද 31 වෙනිදා පැවසීය.

පොලීසියට භාරදුන් සැකකරු පසුව අත්අඩංගුවට ගන්නා ලදැයි පොලිසිය කීය.

මෙම කොස්තාපල්වරයා සාමාන්‍ය ඇඳුමෙන් සැරසී ගොස් මෙම සොරකම සිදුකර ඇතැයි පොලීසිය සඳහන් කරයි.
අත්අඩංගුවට ගත් සැකකාර කොස්තාපල්වරයා කොළඹ ප්‍රදේශයේ පොලිස් ස්ථානයක රාජකාරි කරන අයෙකි.

පිටකොටුවේ සිට කඩවත දක්වා ධාවනය වෙමින් තිබූ බස් රථයක පසුගිය 15 වැනිදා ගමන් කරන අවස්ථාවේකොළඹ සුගතදාස ක්‍රීඩාංගණය  අසලදී   තමා සතු ජංගම දුරකථනය පැහැරගෙන පලා ගියේ ද මෙම සැකකාර කොස්තාපල්වරයා බව වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචි කාන්තාවක්පැමිණිල්ලක් කර ඇතැයි එම උසස් පොලිස් නිලධාරියා සඳහන් කළේය.

පෑලියගොඩ පොලිසිය විසින් මෙම සැකකාර කොස්තාපල්වරයා බැලුව පරීක්ෂණ සඳහ වැඩිදුර පරීක්ෂණ සඳහා ග්‍රෑන්පාස් පොලිසියට භාර දී ඇත.

මෙම සැකකාර පොලිස් කොස්තාපල්වරයා ගේ වැඩ තහනම් කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව පොලිස් ආරංචි මාර්ග වලින් දැන ගැනීමට ඇත.



අදහස් (3)

හමුදා සෙබළාගේ සාක්කුවට විද්ද කොස්තාපල් දැලේ

විජිත් Tuesday, 31 January 2023 07:51 PM

දේශබන්දු සිවිල් පිට පොකට් ගහනවාලු.ඇත්ත වෙන්න ඇති දැන් දැන් ...ජරාව හම්බවෙන්නෙත් නැහැනේ.ගෝටාගෙන් ඉඳලා හිටලා කීයක් හරි ලැබුනොත් විතරයි. අපි ළඟ මිනිහාට " දෙන්න " ගොඩක් දේවල් පිරි ඉතිරි තියෙනවා, එත් කෝ අවස්තාවක් ?කමක් නැහැ දේශබන්දු බබෝ චන්දෙන් පස්සේ ඒවා දෙන්නම් මහපාරේදීම.

:       1       0

සමන් - ඕමානය Tuesday, 31 January 2023 08:28 PM

හත් දෙයියනේ, පොලිසිය පිරිහිලා තියන තරමක්!!! පොලිසියේ රාජකාරි ලැයිස්තුවට දැන් පික් පොකට් ගැහිල්ල, කුඩු විකිණීම, නිදහන් හැරීම, ගංජා වගාව, හොරකම ආදියත් එකතු කරලා වගේ!!!

:       0       2

Perera Wednesday, 01 February 2023 09:27 AM

පොලීසියෙ ඉන්න හොරු , මධාවි , මංකොල්ල කාරයො අල්ලන්න වෙනම පොලීසියක් හදන්න වෙයි වගේ.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 287 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 190 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site