(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

කොළඹ නුවර පාරේ ධාවනය වෙමින් තිබූ මගී බස් රථයක ගමන් ගත් යුද යුධ හමුදා සෙබලෙකු කලිසම්සාක්කුවේ දමාගෙන සිටි රුපියල් 1500 ක් සහිත මුදල් පසුම්බිය සහ ඔහුගේ ජංගම දුරකථනය සොරාගත් බව කියන පොලිස් කොස්තාපල්වරයකු සැකපිට  අත්අඩංගුවට ගන්නා ලදැයි පෑලියගොඩ මූලස්ථාන පොලිසිය පවසයි.

මේවා සොරා සොරාගන්නා ලද අවස්ථාවේ ම ඒවායේ අයිතිකාර යුධ හමුදා සෙබලා සැකකරුඅල්ලාගෙන පසුව පෑලියගොඩ මූලස්ථාන පොලිසියට භාරදී ඇතැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට අද 31 වෙනිදා පැවසීය.

පොලීසියට භාරදුන් සැකකරු පසුව අත්අඩංගුවට ගන්නා ලදැයි පොලිසිය කීය.

මෙම කොස්තාපල්වරයා සාමාන්‍ය ඇඳුමෙන් සැරසී ගොස් මෙම සොරකම සිදුකර ඇතැයි පොලීසිය සඳහන් කරයි.
අත්අඩංගුවට ගත් සැකකාර කොස්තාපල්වරයා කොළඹ ප්‍රදේශයේ පොලිස් ස්ථානයක රාජකාරි කරන අයෙකි.

පිටකොටුවේ සිට කඩවත දක්වා ධාවනය වෙමින් තිබූ බස් රථයක පසුගිය 15 වැනිදා ගමන් කරන අවස්ථාවේකොළඹ සුගතදාස ක්‍රීඩාංගණය  අසලදී   තමා සතු ජංගම දුරකථනය පැහැරගෙන පලා ගියේ ද මෙම සැකකාර කොස්තාපල්වරයා බව වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචි කාන්තාවක්පැමිණිල්ලක් කර ඇතැයි එම උසස් පොලිස් නිලධාරියා සඳහන් කළේය.

පෑලියගොඩ පොලිසිය විසින් මෙම සැකකාර කොස්තාපල්වරයා බැලුව පරීක්ෂණ සඳහ වැඩිදුර පරීක්ෂණ සඳහා ග්‍රෑන්පාස් පොලිසියට භාර දී ඇත.

මෙම සැකකාර පොලිස් කොස්තාපල්වරයා ගේ වැඩ තහනම් කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව පොලිස් ආරංචි මාර්ග වලින් දැන ගැනීමට ඇත.