(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )

රිමාන්ඩ්  බන්ධනාගාර  ගත කරනු ලැබ සිටින   ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක නීතිඥ  නාමල් රාජපක්ෂ මහතා විශේෂ ආරක්ෂක විධිවිධාන සහිතව පාර්ලිමේන්තුවට මීට ස්වල්ප මොහොතකට පෙර  කැඳවාගෙන එනු ලැබීය.

ඔහු පාර්ලිමේන්තුවට රැගෙන එනු ලැබුවේ බන්ධනාගාර බස් රථයකිනි.

රාජපක්ෂ මහතා අනතුරුව පාර්ලිමේන්තු සභා ගර්භයට පැමිණ අසුන් ගත්තේය.

ඔහු පාර්ලිමේන්තු  පරිශ්‍රයට පැමිණියේ උදේ 9.20ට පමණය.

කතානායකවරයාගේ ඉල්ලීම  මත ඔහු පාර්ලිමේන්තුවට රැගෙන ආ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස්  සේනක පල්ලෙතැන්න මහතා පැවසීය.

නාමල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තු රැස්වීම් වලට සහභාගි වීමට අවස්ථාව සලසා දෙන්නැයි  ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ  කතානායකවරයාගෙන් පසුගියදා ඉල්ලීමක් කළේය