
(ඉන්දිකා රාමනායක)
නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයින් හට නීත්‍යානුකූලව සේවයෙන් ඉවත්වීම සදහා ලබාදී ඇති පොදු සමාකාලය තුළ ත්‍රිවිධ හමුදා සාමාජිකයන් 18,202ක පිරිසක් සේවයෙන් ඉවත්වීමට ඉදිරිපත් වී සිටින බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
මෙම පිරිසෙන් යුද හමුදා සාමාජිකයන් 16,174 දෙනෙකු, නාවික හමුදාවේ 1,061 දෙනකු , ගුවන් හමුදාවේ 967 දෙනකු සිටින බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරයි.
යුද හමුදාවේ පිරිස අතර නිලධාරීන් 32ක් සිටින බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රවී හේරත් මහතා සඳහන් කරයි.
නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයින් හට නීත්‍යානුකූලව සේවයෙන් ඉවත්වීම සදහා ලබාදී ඇති පොදු සමාකාලය තුළ 16,000කට අධික යුද හමුදා සාමාජිකයින් පිරිසක් සේවයෙන් ඉවත්වීමට රෙජිමේන්තු මධ්‍යස්ථාන වෙත ඉදිරිපත් වී සිටින බව හමුදාව පවසයි.
මෙම පිරිස අතර නිලධාරීන් 32ක් සහ සෙසු නිළයන් 15,891 දෙනෙකු සිටින බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රවී හේරත් මහතා සඳහන් කරයි.
පසුගිය නොවැම්බර් 15 සිට දෙසැම්බර් 31 වන දින දක්වා මෙලෙස පොදු සමාකාලයක් ප්‍රකාශයට ඇති අතර අද (15) දිනය වන විට මසක කාලය තුළ පමණක් මෙම පිරිස ඉදිරිපත්ව සිටි බව හමුදා ප්‍රකාශවරයා කියා සිටියේය.
මෙම පිරිසෙන් නිලධාරීන් 21 දෙනකු සහ සෙසු නිළයන් 15,619 ක පිරිස නිශ්කාශන කටයුතු අවසන් කර හමුදා සේවයෙන් ඉවත්ව ඇති බවද හමුදා ප්‍රකාශකවරයා කීය.
තවත් නිලධාරීන් නිලධාරියෙක් සහ සෙසු නිළයන් 151 දෙනකු සේවයෙන් ඉවත් වීම නිශ්කාශන කටයුතු අවසන් වනතෙක් රෙජිමේන්තු මධ්‍යස්ථාන වල රඳවා සිටින බවද හමුදා ප්‍රකාශකවරයා සඳහන් කළේය.
හමුදා සේවය හැරගොස් විදේශව සිටින හමුදා සමාජිකයන්ට ට මෙම පොදු සමාකාලය තුළ නීතියාණුකූලව ඉවත් වීම සදහා අවස්ථාව හිමිව වු අතර, එලෙස විදේශ ගත වු නිලධාරීන් 10 දෙනකු සහ සෙසු නිළයන් 91 දෙනකු ඔවුන්ගේ ළගම ඥාතින් හරහා රේජිමේන්තු මධ්‍යස්ථාන වෙත අවශ්‍ය ලියකියවිලි ඉදිරිපත් කර හමුදා ඉවත් වී ඇති බවද හමුදා ප්‍රකාශතවරයා වැඩිදුරටත් පැවසීය.
මෙම පොදු සමාකාලය දෙසැම්බර් 31 වැනි දින දක්වා ක්‍රියාත්මක වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හමුදාවෙ මෙි තරමි පිරිසක් ඉවත් යන්නෙ ඇයි .ඒ පිලිබදව වගකිට යුතු බලධාරින් සොයා බැලිය යුතු වුවත් කවුරැවත් ඒ ගැන හොයා බලන්නෙ නැහැ .මොකද ඒ අය දන්නව සාමාන්‍ය අයවලුන්ට තියන ගැටලු .ඔවුන් මානසිකව පීඩා විදිමින් තම සේවය කරත් ඒක ඇතුලෙ ඉන්න ජ්‍යෙෂ්ඨ අයවලුන්. ඔවුන්ට නිදහසේ තම රාජකාරිය කරගෙන යන්න දෙන්නෙ නැහැ .ඒක තමයි මූලිකම දේ .මේ ගැන නිසි බලධාරින් සොයා කටයුතු කලහොත් සෙබලුන් මෙි තරමි සේවය හැර යන්නෙ නැහැ