(ඩයනා උදයංගනී)
හෝමාගම ක්‍රිකට් ක්‍රීඩාංගණය තමන් තවමත් හදවතින් අත්හැර නැතැයි කැබිනට් ප්‍රකාශක තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ, උසස් අධ්‍යාපන, තාක්‍ෂණ හා නවෝත්පාදන අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
රටේ අනාගතයට මෙම විශාල ක්‍රීඩාංගණය අවශ්‍ය නම් රජයේ හෝ ක්‍රිකට් පාලක මණ්ඩලයේ මුදල් සතයක්වත් නොමැතිව වෙනත් රටක හෝ ආයතනයක ආධාර ලබාගෙන එය ඉදිකිරීමේ හැකියාව තමන්ට තිබෙන බව ද ඇමතිවරයා සඳහන් කළේය.
තමන් එම ක්‍රීඩාංගණය ඉදිකිරීම සඳහා ඉඩම් නිරීක්‍ෂණයට ක්‍රිකට් පාලක මණ්ඩලයට ආසන 40,000ක් ඇති පිට්ටනියක් ඉදිකිරීම සඳහා ඉඩමක් ඉල්ලූ නිසා බව කී ඇමතිවරයා ඒ සම්බන්ධයෙන් අනවශ්‍ය විවේචන ඉදිරිපත් වූ නිසා එය තාවකාලිකව නවත්වන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා පැවසූ බව ද කීවේය.
කොරෝනා වසංගතයක් තිබියදී රජයේ මුදල් වියදම් කර පිට්ටනි හදන්න යන බවට චෝදනා එල්ල වුවත් මෙය හදිසියේ ඉදිකරන්නක් නොවන බව ද ඇමති බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
ඇමතිවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද(29) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.
COMMENTS
අපේ හදවතෙත් බලාපොරොත්තුවක් තියනවා ඔයාව මේ පාර පාර්ලිමේන්තු නොයවන්න..
මූලිකත්වය දියයුතු පිළිවෙල ගැන ආර්ථික විද්‍යාවේ කොතැනකවත් සඳහන් වෙලා නැද්ද ආචාර්යතුමා..?
කට බොරු කීවත්, දිව බොරු කියන්නේ නැහැනේ. ලැජ්ජා නැතිද හලෝ.. මෙහෙම හොරකම් කරන්න. මේ ඔබ හොරා කන්නේ රටේ ජනතාවගේ මුදල්. රටේ දුප්පත් මිනිස්සුන්ගේ සල්ලි හොරකම් කරපු දේශපාලුවන් මැරෙන්න කලින්ම පණුවන් ගහයි.. ප්‍රවේශමෙන්.. මේ ගැන අහලා දැන් හොඳ වුණත් වැඩක් නැහැ.
ඔය අදහස අතහැරලා අගනගරවල පාක් ටිකක් හදලා දුන්නා නම් කොච්චර හොඳයිද? නගර ජනාකීර්ණ වෙන කොට තට්ටු නිවාස ඉදි වෙනකොට යන්න එන්න කිට්ටුව පාක් එකක් තිබුණා නම් හොඳයි කියලා පදිංචි කරුවන්ට හිතෙන්නේ නැද්ද?
මා මෙතැන දේශපාලනය කතා කරන්නේ නැහැ. කොයි කාගේත් හරි වැරැද්ද තමයි විවේචනය කරන්නේ. ඒකත්, වැදගත් විදිහට. මේ කොරෝනා වසංගතය අස්සේ ක්‍රිකට් ක්‍රීඩාංගණ? .. මේක මේ වෙලාවට සුදුසු නැති විකාර අදහසක් ලෙස අගමැතිතුමා සිතන්නට ඇති. වැඩේ හබක් ... බන්දුල ඇමැතිතුමා කරන්නේ රෝමය ගිනි ගනිද්දී වීණා වාදනය කරනවා වගේ වැඩ. අනෙක, තවම දිනලා ඉන්නේ ජනපතිතුමා විතරයි. මේ අය ඔක්කොම එතුමා තාවකාලිකව පත්කළ අය බව මෙතුමාට අමතක වෙලා වගෙයි. ඒ නිසා ප්‍රථමයෙන් මහා මැතිවරණය දිනන්න. ඊට පසුව මෙවැනි දේ කරන්න. මේ ටිකවත්, වටහා ගන්න බැරි කෙනෙකුට තමයි බාරධූර ඇමතිකම් දීලා තියෙන්නේ. අනේ ! මන්දා..
අපේ රටට තවත් ක්‍රිකට් ක්‍රීඩාංගන අවශ්‍ය නැති බව ක්‍රිකට් ක්‍රීඩකයොත් කියනකොට මොකටද තවත් ක්‍රීඩාංගන? වෙනත් රටක හෝ ආයතනයක ආධාර ලබාගෙන යමක් ඉදිකිරීමේ හැකියාව තමන්ට තියෙනවනම්, රටේ තරුණ පරපුර ගැන අබමල් රේණුවකවත් කැක්කුමක් තියෙනවනම් වෙනත් ගොඩක් වැඩ තියෙනවා. Vocational Training Center එකක් වගේ. මෙරට දියුණු කරන්නනම් මේ රට පාලනය කරන කම්බ හොරු , දුෂකයෝ නැති කරන්න ඕනේ. එහෙම නැතුව කරන සංවර්ධන අඩිය නැති බාල්දියට වතුර දානවා වගේ.
ඌරා අසුචි නොකා ඉඳීවිද...?
අරමුදලක් එකතු කරන්න පටන් ගන්න. මාත් කීයක් හරි දෙන්නම්... වැඩේ යද්දී තව කීයක් හරි දෙන්නම්...
කොමිෂන් ගන්න ඕනෙ නේ...
එකපාරක් රුපියල් 2500 කින් පවුලකට මාසයක් ජීවත්වෙන්න පුළුවන් කිව්වා... රට ලෝකේ වටේටම ණය වෙලා... තිබෙන අවස්ථාවේ රටේ තිබෙන ක්‍රිකට් පිට්ටනි ටික නඩත්තු කරගන්න මුදල් නැතිවෙලා ඉන්න අවස්ථාවේ අලුතෙන් ජාත්‍යන්තර ක්‍රිකට් පිට්ටනි හදන්න කතාකරනවා.. මොලේ හොඳ නැද්ද?
මෙච්චර කියලත් මේ මනුස්සයාට තේරෙන්නේ නෑනේ...
මේකත් ගිය ආණ්ඩුවෙන් පටන් ගත්ත එකක්. ඒ නිසා ඔබ වැරදිකරු නෙමෙයි.
දකුණු අප්‍රිකාවේ මැන්ඩෙලාගේ පිළිම අපිට මෙහෙ ඕන නැහැ.. එයා ඉන්නකම් කත් ඇද්දේ දෙමළ කොටින් එයාගේ ජනප්‍රිය යාලුවා ඩෙස්මන්ඩ් ටුටු සමඟයි..
හදවත = සල්ලි ... නේද?
මොහු ඇත්තටම මිනිසෙක්ද?
ඔබගේ පුද්ගලික මුදලින් ඉදිකරන්න... මහජන මුදල් ගන්නේ නැතුව..
හෝමාගම ඉඳලා පැය භාගයකින් යන්න පුළුවන් එස්.එස්.සී., ඛෙත්තාරාම, සරවණමුත්තු ක්‍රීඩාංගණවලට... ගාල්ලට පැයයි. තියන ඒවගෙත් මැච් නොගහද්දී තව හදන්නේ හොරකම් කරන්නද? තමන්ගේ නම ගහගන්නද? මොලේ නරක්වෙලාද කොහේද?
අනේ මගේ ගුරුතුමෝ, ඔබත් මේවගේ තීරණ ගන්නවනේ... අපේ රටට දැන් ප්‍රධාන වුවමනාවක්ද, ground එක..? කෝ ඔබ තුමා අපිට කියල දුන්න economics? දැන් ඔබතුමාගේ සහ මිරිස් කුඩු මන්ත්‍රී තුමාගේ දැනුම එකයි වගේ...
ඔබගේ හැකියාව ඕනෑවටත් වඩා රටට ප්‍රදර්ශනය කරලා තියෙන්නේ...
අනේ මේ රුපියල් 2500 කින් මාසයක් ජීවත් වෙන්න පුළුවන් කියපු තඩියා නේද?
සරත් සිල්වා මහතා, මේකත් ගිය ආණ්ඩුවෙන් පටන් ගත්ත එකක්නම්, වැඩේ වැරදිනම්, බන්දුල ගුණවර්ධන මහතා නැවත මේ ගැන කතාකරන්න පටන් ගන්න අවශ්‍ය නෑ. නමුත් බන්දුල ගුණවර්ධන මහතා නැවත මෙය පටන් ගන්න හැදුවා. පොඩ්ඩක් හිතන්න. මෙරටට මෙහෙම වෙලාතියෙන්නේ දේශපාලකයින් කරන දහදුරා වැඩ සමහර මිනිස්සු අනුමත කරන නිසා නේද?
ක්‍රිකට් ක්‍රීඩාංගණ වෙනුවට ජාත්‍යන්තර තත්වයේ මෝටර් රථ ධාවන පථයක් ඉදිකරනවා නම් ඒ ආශ්‍රිතව විවිධ සංචාරක ව්‍යාපාර බිහිකළ හැකිවෙනවා. මුළු මහත් ලෝකයම උනන්දුවන දෙයක් එ්ක. ක්‍රිකට් ගසන්නේ රටවල් කීයද? අරන් හැදුවත් වටිනවා. ඒ අවට සමාජ ශාලා, කැසිනෝ, ඩිස්නිලන්තය වැනි විනෝද අවස්ථා, වෙනකක් තබා සත්ව උද්‍යාන අඩිය වුණත් පිහිටුවා විශාල මුදලක් රටට ලබාගත හැකියි. අපේ රටේ අසිරිය බලන්න.. අලි බලන්න, පුරාවස්තු බලන්න එනවට වඩා තරුණ තරුණියන් මෙන්ම ක්‍රීඩා ලෝලින්ද, ධනවත් සංචාරකයින්ද මෙමගින් රටට ගලා එනවා. ඒ සමගම රටපුරා 5G තාක්ෂනය පිහිටුවා, වෙළඳ සැලින් බඩු මිලදී ගන්න විට බිල්පතට එකතුවන පාරිභෝගික බද්දක් හඳුන්වා දී අදායම් බදූ දෙපාර්තමේන්තුව හා බැඳුනු බිල්පත් යන්ත්‍ර ක්‍රමයක් අනිවාර්ය කර, ඕනෑම ජාත්‍යන්තර වෙළඳ ජාලයකට රට තුළට පැමිණීමට අවසර දීමෙන් රජයටත්, රටටත් විශාල අාදායමක් ලබා ගත හැකියි. ක්‍රිකට් යනු අධිරාජ්‍යවාදී රටවල්වල ඇති දැනට ඉතා ටික දෙනෙක් අතර ඇති ක්‍රීඩාවක්. එයිනුත් රටවල් බොහොමයක් දුගී රටවල්...
ටියුෂන් මාස්ටර්ලා නොදන්නා දේකුත් නැහැ. දන්නා දේකුත් නැහැ.
තෑන්ක් යු සර්. කුලියාපිටියේ වොක්ස්වැගන් කාර් එකක ගිහින් හෝමාගම ක්‍රීඩාංගනයේ මැච් එකක් බලලා, වරාය නගරේ රෑට කෑම කාලා යන විදියට රෑට දියුණුකරාට..., මගේ හද පිරි මෙව්වා එක...
අපේ පරණ ගුරා රටම හිඟමනේ එරිලා ඉන්න වෙලාවේ ඩොලර් මිලියන 40 කාලා විනාශ කරන්න හදනවා. එයාගෙන් ඉගෙන ගත්ත එවුන්ටත් හෙන වදිනවා මේ කරන්න හදන අපරාදෙට. මෙයාල රංචුව එකතු වෙලා මේක කොහොම හරි හදනවා. කොමිස් කුට්ටියට. අනික දැන් ක්‍රිකට් මැච් බලන්න එන ප්‍රේක්ෂකයෝ අඩුයි... ලෝකේ පුරාම ඉන්දියාවේ හැර. එහෙම එකේ වයිමා තවම ඡන්දෙන්වත් දිනන්න කලින්ම ජරාව කන්න පටන් ගත්තම කොහොමද දිනුවොත්..? අර විරිත්තන ගම්මන්පිල කවටයත් එදා මාධ්‍ය සාකච්ඡාවේදී කිව්වා සම්පූර්ණ ප්‍රධානයකින් හදනවා කියලා. මේ අයට හරියට බොරු කියාගන්නවත් බැහැ පෙරේතකම වැඩිකමට...
ගවයන්ට ගව භාෂාවෙන් කතා කරන්න නොදන්නා මිනිස්සු ඉන්න රටක් මේක.
මහා ගසාකෑමේ ක්‍රීඩාංගණය කියලා නම දාන්න ඕන..
පශ්චාත් උපාදි පිනට ලැබුනට මොලේ කඳුලක් නැති බව පේනවා. සමහර හිටපු මන්ත්‍රීවරු කෑම උයාගෙන ලොරිවල නැගල කෑම බෙදනකොට චුටි දරුවෝ පිඟන් , බාල්දි අරගෙන සිඟමනේ යනවා වගේ පාරේ සිටපු හැටි නොදැක්ක මේ වගේ මන්ද බුද්ධිකයන් පාර්ලිමේන්තුවට එවීමෙන් කරන්නේ අනාගතයක් පේන තෙක් මානයේ නොදකින එම චුටි දරුවන්ට කරන උපහාසයක්. තරුණ තරුණයින් නිසි කාලය ඇවිල්ලා තියෙන්නේ මේ කුරුවල් වෙච්ච හාදයෝ පාර්ලිමේන්තුවට නොඑවන්න . පාසලකට වහලක් , බීමට පිරිසිදු වතුර ටිකක් , පිරිසිදු වැසිකිළියක් හදන්න උදව්වූ නොවුණු කිසිම කෙනෙක් පාර්ලිමේන්තුවට එවන්න එපා ළමයිනේ. අපේ රටටත් , මුළු ලෝකයේම තියන රටවලටත් ඇතිවෙලා තියන අහේනිය , දුක , අවිනිශ්චිතතාවය දැකලා තේරුම් ගෙන මෙම මැතිවරණය පිළිබදව හරි හැටි කල්පනා කරලා කතිරය ගසන්න.
මේක කොමිස් ඉල්ලමක්... අතහරින්න ලෝභයි. දුෂ්කර පළාත්වල මිනිස්සු ඔයවල් උඩින් කොටයක් හරහට දමාගෙන ගමන් යනවා. සමහරු ඔයට වැටිලා මැරෙනවා. එතෙන්ට පාලමක් දැම්මොත් ඒ පළාතම දියුණු වෙනවා. නමුත් කොමිස් එක මීට වඩා අඩු නිසා මේ ගොල්ලෝ ඒවාට උනන්දුවක් නැහැ. තියෙන පිට්ටනි මදිද..?
මෙයාම තමයි රුපියල් 2500/- මාසයක් ජීවත් වෙන්න පුලුවන් කිව්වේ... ඒ නිර්ණායකයම තමයි හැම දේකටම පාවිච්චි කරන්නේ. කවුරු ආචාර්ය උපාධි දුන්නද දන්නෑ.
මෙයාගේ ගෙදරින්ද දන්නේ නෑ ණය ගෙවන්නේ? හොරා කන්න තමයි හැම දේම. කුණු වෙච්ච ගඳ ගහන මජර ක්‍රමයක් කරතියා ගෙන මිනිස්සු තමයි වග කියන්න ඕනෑ.
මේකේ කොමිස් එකේ ඇඩ්වාන්ස් එකක්වත් අරන්ද? කව්ද හිඟන්නෙකුට ඩොලර් මිලියන 30 (රුපියල් කොටි 600) ක් දෙන්නේ...?
අම්මගේ අප්පාගේ සල්ලි වලින් එ්ක හදන්න... මීට වඩා හොඳ දෙයක් නැහැ කියන්න.
හදවතක් කොහෙද තියෙන්නේ?
හදවත ඉල්ලා නොලැබුණු විටදී... - දහසක් සිතිවිලි මා හදතුළ කැළඹේ!
අත අරින්න එපා. දිගටම ඔය පිළිවෙත ගෙනියන්න. කොහොමත් දේශපාලුවෝ කලේ මෙරට සුරා කෑම මිස පොදු ජනයාට හා අනාගත පරපුරට සෙතක් සැලසෙන වැඩක් නොවේ. තම තමන්ගේ මානසික විකුර්ති භාවය අනුනට පෙන්වීම පමණි.
ඔය හදවත වෙන්න ඇති අර රිලවෙකුට කන්න හිතුණා කියලා ජාතක කතාවක තියෙන්නේ... නේද?
මේ ලෝක ව්‍යවසනයක් වෙලා තියෙන කොරෝනා අස්සේ ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉදිකිරීමේ කතාව මොන තරම් අනුවණ කතාවක්ද? මේ දේශපාලුවන්ගේ මොලේ හිස්ද? අනික ට්‍රිලියන 9ක ණය කන්දක මේ හිරකරලා තියෙන ලෝකේ තියෙන අන්ත දුගීම දුප්පත් රටක්... දැන්වත් මහජනතාවගේ ඇස් ඇරිලා මේ වගේ අයව පාර්ලිමේන්තු නම් යවන්නම එපා. එහෙම වුණොත් රටට අබ සරණයි.
මේ වගේ දේශපාලන උන්මත්තකයෝ හරි නම් ගෙදර යවන්න ඕන. නමුත් මේ රටේ කවදාවත් ඒක වෙන්නේ නැහැ. කාලයක් හරක් කතාවක් කිව්වා රුපියල් කීයකින්ද මාසයක් ඉන්න පුළුවන් කියලා? පිස්සු නැත්නම් මේ වගේ වෙලාවක ප්‍රවීන ක්‍රීඩකයෝ ඔක්කොම එපා කියද්දී ඕක හදන්න යාවිද ? අනිවාර්යයෙන්ම මේක යට ලොකු කොමිස් කුට්ටියක් ඇති.
මුස්ලිම් ජනපදකරණය වේගවත් කිරීමට නියමයි බන්දුල ගුණවර්ධනගේ කොන්ත්‍රාත්තුව.
ක්‍රීඩාවත් එක්තරා දේශපාලනයක්.... රටවල් අතර යුද්ධ වෙනුවට ක්‍රීඩා මගින් තම තමන්ගේ ශක්තිය උරගා බලන ක්‍රමයක්. යුද්ධ කරලා මිනිස්සු මැරෙනවට වඩා ක්‍රීඩාව ශාරීරිකව හා මානසික සෞඛ්‍යයට හොඳයි. නමුත් ක්‍රිකට් ක්‍රීඩාංගණ විතරක් පුංචි රටේ අසමබරව වැඩි වුණොත් වෙන්නේ නිකම්ම භූමියත්, ජවයත්, සංස්කෘතියත් සමග බ්‍රිතාන්‍යයට නතුවීමයි. ක්‍රීඩා අමාත්‍යාංශය හෝ වෙනයම් අමාත්‍යාංශ ක්‍රීඩාවේද ඒකාධිපතිත්වය ඇති නොවීමට වගබලා ගන්න ඕනේ. හැමෝම ක්‍රිකට් විතරක් ගහන්න කැමතිත් නැහැ, හැමෝගෙම දක්ෂතාත් විවිධයි. හැමෝම ක්‍රිකට් ගහන්න හදන්නේ වෘත්තිමය අගයක් තියෙන හින්දයි. පුද්ගලයෙක් යමක් කරන්නේ ජීවත් වෙන්න. ජීවත් වෙන්න බැරි දෙයක් කවුරුත් දිගටම කරන්නේ නැහැ. කරන්න බැහැ. රටක් හැටියට 21 වෙනි සියවසයේ රටේ අනන්‍යතාව තියාගෙන ලෝකයට මුහුණ දෙනවද? එහෙම නැත්නම් යටත් විජිත මානසිකත්වයෙන් නැවතත් කටයුතු කරනවද? නැද්ද? කියන එක හිතන්න වෙනවා.
හරි ඉතින් මේවගේ දේශපාලකයෝ ක්‍රිකට් වලදී අපේ සුපිරි ක්‍රීඩකයෝ කියන දේවල් අහන්නේ නෑ වගේ, ඉදිකිරීම් වලදී ඉංජිනේරු උපදෙස් අහන්නේත් නෑ. ඒ වගේම කිසිම දේකදී අදාළ වෘත්තීයවේදීන්ගේ අදහස් ගන්නේ නෑ. ඉතින් රට දියුණු වෙයිද?
ක්‍රීඩාංගනය හදලා ගෙදර අය එක්ක ක්‍රිකට් ගැහුවනම් හරි.
රටකින් ණයට ගත්ත ගානෙනුත් ගානක් සාක්කුවට දාගන්නයි බලන්නේ.
ඔව්, ඉතින් නිකන් ඉඳලත් බැහැනේ... රටට වැඩක් වුණත්, නැතත් ලොකු කොමිස් කුට්ටියක් එන වැඩකට අත ගහන්නත් එපෑයැ.
ඇයි මට විතරක්...? මගේ නම දාලා බෝඩ් කෑල්ලක් මහජන මුදලින් ගහලා හත්මුතු පරම්පරාවම මුදු හතින්ම ගොඩ යන්න ගැහිල්ලක් ගහනවාට මෙරට වැසියන් මෙතරම් විරුද්ධයිද? මම නේද 2500න් ජාමේ බේරගන්න හැටි ආර්ථික විද්‍යානුකූලව මේ ජනතාවට ඉගැන්නුවේ..? කෙලෙහි ගුණේ කෝ?
රටකින් කියන්නේ චීනෙන්ද 12% පොලියට?
හදනවා නම් ඔබතුමන්ගේ පුද්ගලික මුදල් යොදවා හදන්න.. වෙන රටවල් වලින් ණයට නම් ගන්න එපා..
රටක් දියුණු කරන්න බැහැ මේ වගේ බොරු සෝබන සුදු අලි නැතුව...
ඔබතුමා කබඩි හා සුමෝ ප්‍රවර්ධනයට සැලසුමක් හදන්න ඔබට ගැළපෙන්නේ එයයි.
ඔබේ හදවත ගලක්ද?
අපොයි, අත අරින්න එපා, ලොකුම ලොකු පාඩුද?
ගම්බද දුප්පත් දරුවන් සිටින පාසැල විශාල ගණනකට මිටර් 100ක්වත් දුර දිවීමට ප්‍රමාණවත් ක්‍රිඩා පිටි නැත.. මේ ගැනත් සිතන්න..
අනේ බුදු මැතිතුමෝ, ඔය ජාතික අපරාධය ගතින් තාවකාලිකව අත හැරියා වගේම සිතිනුත් අතහැරලා දාන්න. තෙරුවන් සරණයි!
හොඳ ගැහිල්ලක් ගහන්න හිතාගෙන ඇති... ඒකයි හදවතේ නලියනවා ඇත්තේ...
ක්‍රිකට් ක්‍රීඩාව දන්නා අය කියනවා නම් අපිට අලුත් ක්‍රීඩාංගන ඕනේ නැහැ කියලා සර් මොන බම්බුවකට අලුත් ක්‍රීඩාංගණ හදන්න යනවාද? මේ ගැන අපිට විශාල සැකයක් තිබෙනවා කොමිස්වත් වැඩකරනවාද?
ඕක හදන කොන්ත්‍රාත්තුව අත්සන් කරලා, මඩිය පුරෝගන්නකන් මෙයාලගේ "හදවත" පිරෙන එකක් නැහැ...!!! රටපුරාම තියෙන ක්‍රිකට් පිටිවල හැමදාම ක්‍රිකට් ගහනවා වගෙයි මේ කයිවාරුව..! අනේ මෙහෙමත් මෝඩයින්...
ආසනයේ දුප්පත් මිනිසුන් වෙනුවෙන් නිවාස ඉදිකරන්න..
ඔය මුදල් (ඩොලර් මිලියන 40 ) වියදම් කරලා වී අලෙවි මණ්ඩලේට අවශ්‍ය වී ගබඩා ටිකක්, එළවලු, පලතුරු කල් තබාගත හැකි ශීතාගාර ටිකක හදන්න ඔබතුමාට හිතෙන්නේ නැද්ද? ගබඩා පහසුකම් නැති නිසා දැනට වී අලෙවි මණ්ඩලයට මිලදී ගන්න පුළුවන් රටේ වී නිෂ්පාදනයෙන් 10%ක් පමණි. එ්ක රටට මාසයකටවත් කන්න මදිය...
ක්‍රිකට් ක්‍රීඩංගණයෙන් ගසා කෑමේ බලාපොරොත්තුව හදවතින් අත් හැර නෑ කියලා නේද ඇමතිතුමෝ කියන්නේ...? නිකං වේලෙන්න ක්‍රිකට් ක්‍රීඩාංගණ හදනවට වඩා 40000කට ඉගන ගන්න පුළුවන්... ඉංග්‍රීසි මාධ්‍යයෙන් උගන්නන ඉස්කෝල 20ක් ඔය මුදල්වලින් හැදුවා නම් කොහොමද? ඔබතුමා පිටරටින් ආධාර හැටියට ගන්නවා කිව්වනේ. නැතිනම් හෝමාගමට විශ්ව විද්‍යාලයක් හදලා ඔය උසස් පෙළින් පස්සේ පාරට වැටෙන 10 දාහකට ඉගැන්නුවා නම් මොකද? මහත්තයෝ ඔබතුමාට සල්ලි හොයන්න පුලුවන්නම් ක්‍රිකට් ක්‍රීඩාංගණ නැතිව කරන්න තව කොච්චර වැඩ තියෙනවද? රටේ ඉන්න 50%කටත් වැඩි දුප්පත් අන්ත අසරණ ජනතාව ගොඩදාල දීපල්ලා. නුඹලාව පාර්ලිමේන්තු යැව්වේ ඒකටයි. අවුරුදු 72ක් තිස්සේ වල පල්ලටම රට යන්නේ මේ වැනි තක්කඩි දේශපාලුවන් නිසායි.