
(අංජුල මහික වීරරත්න)
නැනෝ විද්‍යා උද්‍යානය ස්ථාපිත කිරීම සඳහා සහ කොළඹ විශ්ව විද්‍යාලයේ තාක්ෂණ පීඨය ස්ථාපිත කිරීම සඳහා වෙන් කර දී ඇති ඉඩම්වල අයිතිය පවරා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
නාගරික සංවර්ධන අධිකාරිය විසින් විද්‍යා හා තාක්ෂණ ආශ්‍රිත සංවර්ධන කටයුතු නංවාලීම සඳහා හා ඒ ආශ්‍රිත ආයතන ස්ථාපිත කිරීම පිණිස හෝමාගම, පිටිපන, මා හේනවත්ත ප්‍රදේශයේ පිහිටි ප්‍රමාණයෙන් හෙක්ටයාර 91.40ක (අක්කර 225 රූඩ් 3 පර්වස් 4.14) ඉඩම් ප්‍රමාණයක් අත්කර ගෙන ඇත.
එකී ඉඩම් වලින් ඉඩම් කොටස් 02ක් නැනෝ විද්‍යා උද්‍යානය ස්ථාපිත කිරීම සඳහා සහ කොළඹ විශ්ව විද්‍යාලයේ තාක්ෂණ පීඨය ස්ථාපිත කිරීම සඳහා ලබා දීමට නාගරික සංවර්ධන අධිකාරියේ කළමනාකරණ මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී තිබේ.
ඒ අනුව, නැනෝ විද්‍යා උද්‍යානය ස්ථාපිත කිරීම සඳහා විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය වෙත හෙක්ටයාර් 19.25ක් (අක්කර 47 රූඩ් 2 පර්වස් 10.8) සහ කොළඹ විශ්ව විද්‍යාලයේ තාක්ෂණ පිඨය ස්ථාපිත කිරීම සඳහා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙත හෙක්ටයාර් 7.18 ක් (අක්කර 17 රූඩ් 2 පර්වස් 37.74) අදාළ තක්සේරු වටිනාකම අය කිරීමට යටත්ව අයිතිය පවරා දීම සඳහා නාගරික සංවර්ධන, ඉදිකිරීම සහ නිවාස අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
2025 නොවැම්බර් මස 04
335
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2147
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1622
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
හෝමාගම ඉඩමක් කොළඹ විශ්ව විද්‍යාලයට