
(කාංචන කුමාර ආරියදාස )
හබරණ පුවක්පිටිය ප්‍රදේශයේ ගහක පැලක් මතක් දිවි ගෙවූ තුන් නිවුන් දරුවන් බිහිකළ මවට නව නිවසක් තනා භාර දීම අද (23 ) සිදු කෙරිණි.
මහනුවර හන්තාන සදගිරි සෑයේ විහාරාධිපති ගඟසිරිපුර ධම්මාලෝක හිමියන් ඇතුළු පිරිසක් මෙම පුණ්‍ය කටයුතුවලට මූලිකව වැඩකටයුතු කළේය.
මීට මාස දෙකකට පමණ ඉහතදී හබරණ පුවක්පිටිය ප්‍රදේශයේ මවක නිවුන් දරුවන් බිහිකළ අතර එම දරුවන් රෝහලෙන් රැගෙන යෑමට වන මැද තිබූ කටුමැටි නිවසක් පිළිබඳවත් ,දරුවන්ගේ පියා ගස උඩ පැලෙන් ඇද වැටී ආබාධිත තත්ත්වයේ සිටින බවත් පිළිබද පුවත මාධ්‍යයෙන් හෙළි කෙරිණි.
පුවතින් පසු දින දෙකක් ගතවෙද්දී නිවාස සංවර්ධන අධිකාරිය ජනමාධ්‍යට නිවේදනයක් නිකුත් කරමින් දන්වා තිබුණේ කඩිනමින් එම පවුලට නිවාස සංවර්ධන අධිකාරියෙන් නිවසක් ලබා දෙන බවය.
කෙසේ වෙතත් මාස කිහිපයක් ගත වෙද්දී එම නව නිවසෙහි ඉදිකිරීමක් හෝ ඒ පිළිබඳව නිවාස සංවර්ධන අධිකාරියේ නිසි අවධානයක් යොමු නොවුණු අවස්ථාවක හන්තාන සඳගිරි සෑය විහාරස්ථානයේ විහාරාධිපති ගගසිරිපුර ධම්මාලෝක හිමියන් දායකයන් සමඟ එක්ව මෙම තුන් නිවුන් දරුවන්ගේ පවුල පිළිබඳව අවධානය යොමු කොට කඩිනමින් නිවස ඉදිකිරීම් ආරම්භ කළහ
පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් නිවාසය ඉදිකිරිම සදහා ඉඩම් කැබැල්ලක් ලබාදීම සිදු කරන්නට විය.
අද උන්වහන්සේගේ සුරතින් නිවසේ යතුර ලබාදී මෙම පස් දෙනෙකුගෙන් යුත් මෙම පවුලට නව නිවස ලබාදුන්නේය. නිවස තනා දීම සඳගිරි සෑ විහාරයේ හා තමන්ගේ දායක දායිකාවන් එක්ව සිදුකල බවද ව උන්වහන්සේ මෙහිදී පැවසූහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම සත්ගුණවත් ක්‍රියාවට සම්බන්ධ වූ සියලුම දෙනාට බොහොම පින් .
නිවාස අධිකාරියේ පිංපඩි අපතයෝ කවදද කියපු විදියට වැඩක් කලේ. උන් කරන කල් බලන් හිටිනවා නම් ගහ උඩ පැලේ තමයි සදහටම
හොඳ වැඩක්
නිවසේ ආවරණය දාන්න ඇමැතිවරුන්ගේ ගෙවල් හදලා දෙන්න විතරයි.
අට මහා කුසල කර්මවල පළමු එක කඨින පිංකම කියලා දායකයින්ව අන්දලා කඨින මංගල්‍යයට මිලියන ගණන් වියදම් කරවන හාමුදුරුවන්ට හොඳ ආදර්ශයක්. කඨින පිංකම චාමෙන් කරලා, මුදල් ඔය වගේ වැඩකට යොදවනවා නම් කොතරම් අගෙයිද?