
(සමන් පාලිත නානායක්කාර)
හපුතලේ උඩ විහාරගලදී වෑන් රථයක් පාරෙන් ඉවතට පැන ගල් කන්දක අද (31) හැපීමෙන් එහි ගමන් ගත් දෙදෙනකු ජීවිතක්ෂයට පත්වී ඇති අතර තවත් දස දෙනකු පමණ බරපතල තුවාල ලබා රෝහල්ගත කළ බව හපුතලේ පොලීසිය කියයි.
හපුතලේ බෙරගල අතර බෑවුම් මාර්ගය ඔස්සේ වෑන් රථය ධාවනය වෙමින් තිබියදී මෙම අනතුර සිදුවී තිබේ.
හොරණ ප්‍රදේශයේ සිට අනුරාධපුරය ප්‍රදේශයේ සංචාරයක ගොස් ආපසු එමින් සිටි පිරිසක් රැගත් වෑන් රථයක් මෙසේ අනතුරට ලක්වී තිබේ.
අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
තුවාලකරුවන් හපුතලේ රෝහලට සහ දියතලාව මූලික රෝහලට ඇතුළත් කර තිබේ.
හපුතලේ පොලීසිය පරීක්ෂණ පවත්වයි.

2025 දෙසැම්බර් මස 18
577
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
285
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1087
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හපුතලේදී වෑන් රථයක් ගල් කන්දක ගැටී දෙකක් මරුට