IMG-LOGO

හපුතලේ දී දුම්රිය ඇන්ජිම ගිනි ගනියි

(ප්‍රසාද් රුක්මල් සහ සමන් පාලිත නානායක්කාර)

බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ අංක 1006 දරන පොඩිමැනිකේ දුම්රියේ එන්ජිම හපුතලේ දුම්රිය ස්ථානය අසලදී අද (3) හදිසියේ ගිනිගැනීමකට ලක් වූ බව පොලීසිය පැවසීය.

හපුතලේ  දුම්රිය ස්ථානයේ කාර්ය මණ්ඩලය සහ ලංකා ඛනිජ තෙල් නීති ගත සංස්ථාවේ ගිනිනිවිම් ඒකකයේ නිලධාරීන් පැමිණ, පොලීසිය ප්‍රදේශවාසීන් සමග එක්ව වහා ගින්න නිවා දැමූ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

බදුල්ල දුම්රිය ස්ථානයෙන් පෙරවරු 8.50 ට කොළඹ කොටුව බලා ගමන් ආරම්භ කළ පොඩිමැණිකේ දුම්රියේ  මගීන් විශාල පිරිසක් ගින්න ඇති වනවිටත් දුම්රිය තුළ සිටි අතර, ගින්නෙන් කිසිවෙකුට හෝ අනතුරක් සිදු නොවූ බව දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශයකු පැවසීය.

පොඩිමැනිකේ දුම්රිය එන්ජින් දෙකකින් සමන් විත නව දුම්රිය කට්ටලයක් වන අතර දුම්රිය දියතලාව දුම්රිය ස්ථානය පසුකර හපුතලේ දුම්රිය ස්ථානයට ලගා වෙමින් තිබියදී එක්වරම  එහි පසුපස එන්ජිම මෙසේ ගින්න හටගෙන තිබූ බවද දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළේය.

හපුතලේ ලංකා  කනිජ තෙල්  නීති ගත සංස්ථාවේ ගිනිනිවිම් ඒකකයේ නිලධාරීන් හපුතලේ පොලිසිය, දුම්රිය සේවකයන්  එකවී  දුම්රිය එන්ජිමේ ගින්න ගිනිනිවිම් රථ යොදා ගනිමින් නිවා දැමීමට සමත් වූහ .

දුම්රිය එන්ජිම පිළිසකර කිරිමෙන් අනතුරුව පැය කීපයක් ප්‍රමාද වී යලි පොඩිමැනිකේ දුම්රිය හපුතලේ සිට කොළඹ කොටුව බලා ගමන් ආරම්භ කල බවත් දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි .

(ඡායාරූප: සමන් පාලිත නානායක්කාර)

 



අදහස් (5)

හපුතලේ දී දුම්රිය ඇන්ජිම ගිනි ගනියි

Senewirathna Monday, 03 June 2024 01:14 PM

ඔය දුම්රිය ඇංජිමත් හපුතලේ කන්ද දැකලා බඩ දනවා කියල කියනවා ඇතිනේද

:       12       17

හේමචන්ද්‍ර Monday, 03 June 2024 04:00 PM

රියැදුරා එහෙම කියනවා ඇති...!

:       3       5

Don perea Monday, 03 June 2024 10:27 PM

ඉන්දියන් කසි කබල් .කිසිම රටකට ගන්නේ නැති කුණු ගොඩවල්

:       0       0

Perera Tuesday, 04 June 2024 12:59 AM

මේ දවස් වල අප කාගේත් පස්ස ගිනි අරන් තමයි තියෙන්නේ

:       0       0

Vithana Tuesday, 04 June 2024 04:43 AM

මේක දුම්රියේ ජේවීපී වෘත්තීය සමිති කාරයන්ගේ කඩාකප්පල්කාරී ක්‍රියාවක් වෙන්න බැරිද? එයාලා තමයි දන්නේ හරියටම ගලවන්න ඕන ඇනේ.

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 380 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 543 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 227 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site