
(විමුක්ති එස් රුද්‍රිගු)
මෙම වසරේ පළමු කාර්තුවේදී ශ්‍රී ලංකාව සියයට 5.1 ක ධනාත්මක ආර්ථික වර්ධන වේගයක් ළඟා කරගෙන ඇතැයි ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම වාර්තාවක දැක්වේ.
එහිදී පළමු කාර්තුවේදී සමස්තයක් ලෙස කර්මාන්ත ආර්ථිකය කටයුතු සියයට 1.1කින්, කර්මාන්ත ආර්ථික කටයුතු සියයට 7.2කින් සහ සේවා ආර්ථික කටයුතු සියයට 3.4 කින් ධනාත්මකව වර්ධනය වී ඇතැයි එම වාර්තාව පෙන්වා දෙයි. ස්ථාවර මිල යටතේ 2025 වසරේ පළමු කාර්තුවේදී රුපියල් මිලියන 3,476,664 ක් ලෙස වාර්තා වූ මෙරට දළ දේශීය නිෂ්පාදිතය මෙම වසරේ පළමු කාර්තුවේදී රුපියල් මිලියන රුපියේ මිලියන 3,652,503ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ එම වාර්තාවේ දැක්වේ.
එසේම පවත්නා මිල ගණන් යටතේ පසුගිය වසරේ පළමු කාර්තුවේදී රුපියල් මිලියන 8,253,485 ක් වලස වාර්තා වූ මෙරට දළ දේශීය නිෂ්පාදිතය මෙම වසරේ පළමු කාර්තුවේදී රුපියල් මිලියන 9,164,652 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි එම වාර්තාව පෙන්වා දෙයි.
පවත්නා මිල ගණන් යටතේ කෘෂි කර්මාන්තය, කර්මාන්ත සහ සේවා ආර්ථික කටයුතු මෙම වසරේ පළමු කාර්තුවේදී මෙරට දළ දේශීය නිෂ්පාදිතයට පිළිවෙළින් සියයට 7.3ක, 27.2ක සහ 54.2ක දායකත්වයක් ලබාදී ඇත. එසේම භාණ්ඩ හා සේවා මත අයකරන බදු මෙම වසරේ පළමු කාර්තුවේදී මෙරට දළ දේශීය නිෂ්පාදිතයට සියයට 11.3 ක දායකත්වයක් ලබාදී තිබේ.
ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත වාර්තාවලට අනුව මෙම වසරේ පළමු කාර්තුවේදී ශ්‍රී ලංකාව සියයට 5.1 ක සැළකිය යුතු ආර්ථික වර්ධන වේගයක් ළඟා කරගෙන ඇතත් මැද පෙරදිග අර්බුදය හේතුවෙන් මෙම වසරේදී මෙරට ආර්ථික වර්ධන වේගය පෙර වසරට සාපේක්ෂව මන්දගාමී වනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පුරෝකතනය කර ඇත.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එම පුරෝකතනයට අනුව මෙම වසරේදී මෙරට ආර්ථික වර්ධන වේගය සියයට 3 ක් වනු ඇති අතර එය ලබන වසරේ සියයට 3.2ක් ඉහළ යනු ඇති බවත් 2028 වසරේදී නැවතත් සියයට 3.1ක් දක්වා ආර්ථික වර්ධනය වේගය පහළ යනු ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd