(සමන් පාලිත නානායක්කාර )
පවතින ධාරානිපාත වර්ෂාව සමඟ කදු නාය යාමේ අවදානමක් නිසා හපුතලේ ගල්කන්ද ප්‍රදේශයේ පවුල් 4ක පුද්ගලයින් 15 දෙනෙකු අද (03 ) පදිංචි නිවාසවලින් ඉවත් කළ බව හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් ගයානි කේ රණතුංග මහත්මිය කීවාය.
විශාල ගල්කුළු සමඟ පස් කඳු කඩා වැටී බෙරගල වැල්ලවාය මාර්ගයේ ගල් කන්ද ප්‍රදේශයෙන් අඩි 200 ක පමණ මාර්ග කොටසක් සම්පූර්ණයෙන් වැසී ගොස් ඇති බවද ප්‍රාදේශීය ලේකම් ගයානි කේ රණතුංග මහත්මිය කීවාය.
තවදුරටත් ගල් පෙරළීමේ අවදානමක් පවතින බැවින් අවදානම පහව යන තෙක් එම මාර්ගය වසා ඇති බැවින් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලීසිය රියැදුරන්ට දන්වයි .
විකල්ප මාර්ග ලෙස බෙරගල මන්තැන්න කිරවනාගම හරහා කොස්ලන්ද මාර්ගය හෝ ඇල්ල වැල්ලවාය මාර්ගය භාවිතා කරන ලෙස පොලිසිය රිදුරන්ට දැනුම් දෙයි.
පැවති වර්ෂාව සමග විශාල ගල් කුළු කිහිපයක් සමග පස්කඳු මෙම මාර්ගය මතට කඩා වැටි මුළුමනින්ම අවහිරවී ඇති බැවින් බැකෝ යන්ත්‍ර යොදා පස් කඳු ගස් හා ගල්කුළු ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස මාර්ග සංවර්ධන අධිකාරියට දැනුම් දුන් බවත් හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් ගයානි කේ රණතුංග මහත්මිය කීවාය.
මෙසේ නාය ගිය ස්ථානය පිළිබඳව පරීක්ෂණ වාර්තාවක් ලබා ගැනීම සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය වෙත දැනුම් දුන් බව හල්දුම්මුල්ල ආපදා සහන නිලධාරී වසන්ත කුමාර මහතා පැවසීය.
ආපදාවට ලක්ව ඉවත්කළ පුද්ගලයින් පහළොස් දෙනා වෙනුවෙන් අවශ්‍ය සහන සලසා දීමට කටයුතු කරන බව හල්දුම්මුල්ල ආපදා සහන නිලධාරී වසන්ත කුමාර මහතා පැවසීය.
මේ අතර ඉදිකරමින් පවතින බෙරගල වැල්ලවාය මාර්ගයේ ගල් කන්ද ප්‍රදේශයේ අලුතින් ඉදිකර ඇති පැති බැමි කිහිපයක්ම නාය යාම හේතුවෙන් එම ස්ථාන වලින් වාහන ගමනාගමනය දැඩි අවධානම් බවද ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
හපුතලේ ගල්කන්දේ නාය අවදානමක්:පවුල් 4ක් ඉවතට