IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


හඳුන්නෙත්ති මහජනතාවට අමාත්‍යාංශයේ දොර අරියි

(අංජුල මහික වීරරත්න)

වසර හතරකට පසු කර්මාන්ත අමාත්‍යාංශයේ  මහජන දිනය අද ඇරැඹිණි.

කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ අදහසකට අනුව මහජන දිනය නැවතත් ක්‍රියාත්මක කරන බව අමාත්‍යාංශය පවසයි.

2020 වසරේදී අවසන් වරට ක්‍රියාත්මක කළ අමාත්‍යාංශයේ මහජන දිනය වසර 4කට පසුව නැවත ක්‍රියාත්මක කිරීම විශේෂත්වයකි. 

සෑම සඳුදා දිනකම උදෑසන 9 සිට දහවල් 1 දක්වා මහජන දිනය පැවැත්වෙන අතර ජනතාවට තම ගැටළු විසඳා ගැනීම සඳහා විෂය බාර අමාත්‍යවරයා , අමාත්‍යාංශ ලේකම් ඇතුළු අනෙකුත් නිලධාරීන් හමුවීමේ අවස්ථාව හිමිවන බව අමාත්‍යාංශය පවසයි.

අද  පැවැත්වූ මහජන දිනය සඳහා ක්ෂුද්‍ර පරිමාණ - සුළු පරිමාණ - මධ්‍ය පරිමාණ හා මහා පරිමාණ කර්මාන්තකරුවන්, ව්‍යවසායකයින්, විශ්‍රාමික රාජ්‍ය නිලධාරින් ඇතුළු විශාල පිරිසක් ගැටලු වලට විසඳුම් සොයා පැමිණි බවද අමාත්‍යංශය කියයි.



අදහස් (3)

හඳුන්නෙත්ති මහජනතාවට අමාත්‍යාංශයේ දොර අරියි

swene Tuesday, 26 November 2024 11:32 AM

මේක හොඳ වැඩක්. හැබැයි ඇතැම් ප්‍රකාශ වල වගකීම අඩු බව පෙනෙනවා. එය රජයට පාඩුවක්. කල්පනාකාරීව කතා කිරීම හොඳයි කියල හිතනවා.

:       0       3

විදුර Tuesday, 26 November 2024 02:37 PM

හුඟක් අය පටන් ගත්තේ මේ විදියට එත් පස්සේ ලචෝරු වෙනවා. බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා ?

:       3       0

Kamal Koyrala Tuesday, 26 November 2024 03:38 PM

හොඳ ක්‍රියාවක් මහජන පැමිණිලි සළකා බලා ඔවුන් යම් අසාධාරණයක් වී ඇත්නම් එසේ කළ නිලධාරින්ට ක්‍රියාමාර්ග ගත යුතුයි

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 636 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 307 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site