(සුජිත් හේවාජුලිගේ)
දිවයින පුරා බොහෝ රෝහල්වල ගොඩගැසී ඇති හඳුනා නොගත් මළසිරුරු වහාම ඉවත් කිරීමට පියවර ගන්නැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සෞඛ්‍ය සේවා ප්‍රධානීන්ට නියෝග කළේය.
ඇතැම් හදුනා නොගත් මළ සිරුරු විවිධ අධිකරණ තීන්දු හේතුවෙන් රෝහල්වලින් ඉවත් කිරීමට නොහැකිවී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.අධිකරණ තීන්දු හේතුවෙන් එසේ ඉවත් කිරීමට නොහැකිවී ඇති හඳුනා නොගත් මළසිරුරු සම්බන්ධයෙන් සොයා බැලීමක් කර ඒවා කඩිනමින් ඉවත් කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නැයිද ඇමැතිවරයා උපදෙස්දී ඇත.
හඳුනා නොගත් මළ සිරුරු හේතුවෙන් බොහෝ රෝහල් මෘත ශරීරාගාරවල විශාල තදබදයක් මතුව ඇතැයි රෝහල් ප්‍රධානීහු පවසති.
මේ අතර රෝහල්වල අබලන් වී පවතින මෘත ශරීරාගාර වහාම පිළිසකර කිරීමට පියවර ගන්නැයිද රඹුක්වැල්ල මහතා සෞඛ්‍ය සේවා ප්‍රධානීන්ට වැඩිදුරටත් උපදෙස්දී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනික් රටවල බාරකාරයන් නොමැති අභිරහස් කුමන්ත්‍රණ වලින් තොර මළ සිරුර දවසකට පසු පුළුස්සා දමනු ඇත.
මේකෙ හැටියට නම් මේක ලංකාව නෙවෙයි.. විශාලා මහනුවර.