
(අජිත්ලාල් ශාන්තඋදය)
තාත්තලා ගත්ත උපක්‍රම අපට තෝරාගන්න බැරි වෙයි. ඒ සටන් මේ කාලයට ගැලපෙන්නේ නෑ. ස්මාට් ෆෝන් එකත් එක්ක ගැට ගැහිච්ච ලෝකයක් අද තියෙන්නේ. ඒ ලෝකය ඇතුලේ අපට අලුත් සටනක් කරන්න යැයි රෝහණ විජේවිර මහතාගේ පුත් උවිඳු විජේවීර මහතා පැවැසීය.
සේවා, කෘෂි සහ නිෂ්පාදන ආර්ථිකය නිසි කළමනාකරණයකට ලක් කරලා මේ ආර්ථික ගැටලුවට විසඳුම් ලබාගෙන රට ගොඩ ගන්න පුලුවන්. ඒවා කරන්න පුලුවන් මිනිස්සු මේ රටේ ඉන්නවා.
නිල්, කොළ, රතු විදියට නැත්නම් ටොයියෝ, බයියෝ ජෙප්පෝ කියලා දැන් මේ රට බෙදිලා ඉන්නවා. මේ පක්ෂ තුල අඩුවැඩි වශයෙන් හොඳ මිනිස්සු ඉන්න පුලුවන්. මේ බෙදීම රටට හොඳ නැහැ. නරක මිනිස්සු එකතුවෙලා මේ රට විනාශයට ඇදගෙන යනවා. නරක මිනිස්සුන්ට එකට එකතුවෙන්න පුලුවන් නම් එක පක්ෂයකට ලඝු නොවූ හොඳ මිනිස්සුන්ට එකට එකතු වෙන්න පුලුවන් වේදිකාවක් තිබිය යුතුයි.
හැම පක්ෂයකම ඉන්න හොඳ මිනිස්සුන්ට එකට එකතුවිය හැකි වේදිකාවක් ලෙස තමයි අපි දෙවන පරපුර නිර්මාණය කරන්නේ.
දෙවන පරපුරට අවශ්‍ය ප්‍රතිපත්ති මතවාදය යම් ප්‍රමාණයකට නිර්මාණය කරලා තියෙනවා. දෙවන පරපුර හැටියට ප්‍රතිපත්ති ප්රකාශනයක් ගෙනයනවාට වැඩිය අපි හිතන්නේ ජාතික චින්තනයක් ගොඩ නගන්න. මේ රටට උවමනා ජාතික චින්තනයක්. ඊට අවශ්‍ය සම්පත්, ආගමික නායකයන්, විද්වතුන්, බුද්ධිමතුන්, තරුණයන් එකතු කරමින් මේ ජාතික චින්තනය පෝෂණය කරන්න ඕනෑ වැඩපිළිවෙල අපි නිර්මාණය කරගෙන යනවා. ඒකට අපිට මිනිස්සු ඕනෑ. අපේ බලාපොරොතතුව තවත් උවිඳු විජේවීර චින්තනයක් හදන්න නෙවෙයි. අවුරුදු හැත්තෑතුනක් තිස්සේ අපි අරයගේ චින්තනය, අරයගේ දැක්ම කියන ඒවා පස්සේ ගියා. නමුත් අපිට ජාතික චින්තනයක් නැතිවුණා. අපිට ඕනෑ පක්ෂ දේශපාලනයක් නෙවෙයි ජාතික චින්තනයක්. ජාතික දැක්මක්. ඒක මේරටේ මිනිස්සුන්ට දිය යුතුයි.
කුරුවිට පැවැති හමුවකදි උවිඳු විජේවීර මහතා මේ බව පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොද අදහසක් පළමුව තමන් තමන්ට මෙන්ම උපන් රටට අවංකව සැමට ආදර්ශමත් නිහතමානි පුරවැසියකු වෙන්න පුතේ.
හුඟක් කල් ඉඳන් වරින්වර ඉස්මතු වූ මාතෘකාවක්. ඒත් මේ රටේ හොඳදෙයක් කරන්න ඉඩකඩ, වහලුන් හා අවස්ථාවාදීන් අහුරා දමනවා. හොරු කැමති මගෝඩි වැඩ කරන අයට....
පුළුවන් නම් කාලකන්නි ජෙප්පෝ ටික විනාශ කරන්න. ඔය කාලකන්නි ඉන්නකන් ලංකාවේ කිසිවෙක් ආයෝජනය, කර්මාන්ත, ව්‍යාපාර කරන්නේ නැහැ.
තාත්තගෙන් පුතාට ගිය දේශපාලනය අවසන්... ඔයා හොඳ රස්සාවක් කරලා ජීවත් වීමයි වඩාත් සුදුසු. අප්පගෙ පුතාට ආපු කිසිම දේශපාලනයක් සාර්ථක වෙලා නැහැ.. වෙන්නෙත් නැහැ. අලුත් දේශපාලනයක් ඕනෑ නම් ඒක මිනිස්සු හදාගනීවි...
තාත්තාගේ තොප්පිය ගලවලා ආවොත් සලකලා බලන්න පුළුවන්...
මොහු දෙස අවධානයෙන් බලා සිටිනවා. ගිනි පෙනෙල්ලෙන් බැට කෑ මිනිසුන් හැටියට දැන් අපි හරිම බයෙන් ඉන්නේ. එක එක පක්ෂවලට බෙදිලා අපේම මිනිසුන් කුලල් කා ගන්නවා. පක්ෂ, පුද්ගලයින් බදාගෙන පටු පරමාර්ථ උදෙසා රටට වින කරනවා. රටට ආදරය ඇති මිනිසුන් එකතු විය යුතුමයි. ඒ කොතැනද කියා තවම කියන්න බෑ...
කරදර වෙන්න එපා... අපි අපේ වැඩේ කරගෙන යන්නම්... දැන් මුළු රටම ජනතා විමුක්ති පෙරමුණේ අනුරකුමාර සමගයි. ඔබ වැනි රාජපක්ෂලාට ගැතිකම් කරන ඩබල් ගේම් කාරයින්ට ඉතිහාසයෙන්ම පාඩම් උගන්වාවි. ඔබේ පියාටත් අපහාසයක්, නින්දාවක්. ඔබට රාජපක්ෂලාගේ හොර, කළු සල්ලි කොපමණ ලැබුණාද..?
වීරවංශටත් වඩා පහත් වුණු බලු වංශ කෙනෙක් වෙලා...!
පුතේ අඩුම 1985 වසරේවත් ඉපදුණු පරම්පරාව මැරෙනකම් ඉන්න වෙයි. ඔයාලගේ කතා අහන්න. තවම ඉක්මන් වැඩියි. ස්තුතියි ලස්සන කතාවලට...
ස්මාර්ට් ජංගම දුරකතන දැන් පාවිච්චි කළාට ඒවාට අවශ්‍ය ඉන්ටර්නෙට් අපි ඇතුළු සෑමදෙයක්ම අපි මුදලට ගන්න ඕනේ. ඒවගෙන් පොහොසත් වෙන්නේ වෙනත් රටවල්. හැබැයි ලංකාව ගොඩගන්න නම් කරන්න තියෙන්නේ අහසින් වැටෙන වතුරින් ගොවිතැන් කිරීම සහ හිරු එළියෙන් සහ සොබාදහමෙන් වැඩගැනීම... එතකොට ලෝකය නිකන්ම අපි ලඟට එනවා.
මිනිස්සුන්ට විකල්ප නැහැ කියලා මේ වගේ අපතයෝත් එක්ක එකතු වෙන්න තරම් මොලේ අමාරු නැතුව ඇති කියලා හිතනවා. පුතාගේ තාත්තත් හොඳටම කරා කැරලි දෙකක් ගහලා. දිනා දුන්දේ කෙසේවෙතත් 60000ක් මරා ගත්තා. බස් ගිනි තිබ්බා. රටම ගිනි තිබ්බා. තවත් නම් මේ වගේ සීනිබෝල කයිවාරුකාරයින්ට නොරැවටිය යුතුයි...
හොඳ මිනිසුන් කිව්වේ කථාවෙන්ද... හොඳ මිනිසුන් කිව්වේ ක්‍රියාවෙන්ද... ඔක්කොම කැටයම් වැඩ කාරයන් නේද... එබැවින් පුතේ ආදර්ශය උතුම් නොවේද...?
මෙන්න සැබෑ දියසෙන් කුමාරයා... වඩින්න වඩින්න.
88/89 ප්‍රශ්න නිසා විජේවීර කියන බ්‍රෑන්ඩ් එක මාකට් කරන්න බැහැ.
පක්ෂෙන් තමන්ට ගෙයක් දුන්නෙ නෑ කියල අඬපු පොඩි එකෙක් රට හදන්න ඇවිත්.
අනේ මේ, ජාතික චින්තනය ගැන ඔයාට කලින්, ඔයාට වඩා හොඳට කතා කරපු, නලින් ද සිල්වාගේ සෙට් එක තාම ඉන්නවනෙ ඒගොල්ලො කතා කරයි ඒක. ඔයාගේ වීරවංශ ඉන්නෙත් නලින් සර් එක නේ, ඉතින් ඔයාටත් තියෙන්නේ වීරවංශ මාර්ගයෙන් හරි ආණ්ඩුවට කොක්ක ගහලා, ආණ්ඩුවෙන් විසිකරන කටු ටික සූප්ප සූප්ප ඉන්නයි. හැබැයි ඉතින් ඒක කරන්ඩ පුළුවන් වෙන්නේ කොච්චර කාලයකටද කියන එක නම් ෂුවර් නෑ.
තාත්ත රටට කල විනාශය ඇති. තමන් හැදුනේත් රටේ බදු මුදලින් මිස දෙමව්පියන් උපයපු දේකින් නොවේ. තවත් පව් නොදී රැකියාවක් කරගෙන ජීවත් වෙන්න බලන්න. විජේවීර කියන නමවත් අපට අප්‍රියයි.
තාත්තලා ගත්තේ උපක්‍රම නොවේ. තාත්තලා ගත්තේ ප්රචන්ධත්වය. එදා කැලේට යන්න නැතුව, නෙල්සෝන් මැන්ඩෙලා වගේ අහිම්සාවාදීව සහ ප්‍රජාතන්ත්‍රවාදීව සටන් කළා නම්, අද බලයට එවින් රටට යමක් කරන්න තිබුන. නමුත් එදා හිටපු නායකයෝ නොවේ අද ජ වි පෙ එකේ ඉන්නේ. මේ රට ගොඩනගන්න පුළුවන් ජ වි පෙ පමණයි.
හොඳ මිනිස්සු හඳෙන් තමයි ගෙනෙන්න වෙන්නේ. රටේ අමාරු අවස්ථාවක ඩොලර් ටික රටට නොඑවන් මිනිස්සු ඉන්න රටේ කොහෙන්ද ළමයෝ හොඳ මිනිස්සු හොයන්නේ? ළමයි ස්විට්සර්ලනෙතේ තියාගෙන කොල්ලෝ කැට හොලෝල එකතුකරන සල්ලි ඩොලර් කරලා ළමයින්ට යවන ජෙප්පෝ ඉන්න රටක කොහෙන්ද හොඳ මිනිස්සු.
උවිඳු විජේවීර තෝරගත්තේ දේශපාලනය නම්, ඔහුට ගමනක් ඇත්තේ ජේවීපීය (ජාතික ජන බලවේගය) තුලය කියා මට හැඟෙ.
ඇයි අර ජනබලවේගය තියෙන්නේ.
ඔව් අපි සූදානම්
තාත්තා හදපු පක්ෂෙ අනුර අලියාගේ වල්ගෙ එල්ලලා... පෙරටුගාමී නායකත්වය සමග පක්ෂය නැවතත් ගොඩගන්න...
නන්දසේනගෙ නැට්ටෙ එල්ලුන තවත් තවත් රූකඩයෙක්..
මහින්දගේ අතකොලුවක්... ජවිපෙ ඡන්ද කඩන්න පිටරටින් ගෙන්වපු.... ඕවට රැවටෙන්නේ නැහැ අපි... ඊළඟපාර ජවිපයටම තමයි...
ලංකාවේ මිනිස්සු වහල්කමින් මිදෙන්න තව කල් යයි
හොඳ මිනිස්සු එකතුකරගෙන නරක වැඩක් කරන්න වගේ යන්නේ. ආචාර්ය උපාධියක් තියෙන මිනිහෙක් වගේ හිතුවානම් හොඳයි නේද ?
අනේ මේ ළමයාට ගොඩක් මඩ ගහන්නේ ජෙප්පෝ.
ඔබතුමාගේ පියා කළා වගේද?
තනියම තමයි ඉන්න වෙන්නේ...
ජෙප්පන්ට එකතු වුණොත් හීන් කෙඳිරියක් එක්ක අතුල යන්න පුළුවන්. මේ රටට ඔබලාගේ දේශපාලන න්‍යාය, කොමියුනිස්ට් ක්‍රමය හරියන්නේ නැත. මේ රටේ ආණ්ඩුක්‍රමයක් නැත...