(පුෂ්පකුමාර ජයරත්න )
අත්අඩංගුවට ගෙන සිටින පාර්ලිමේන්තුවේ හැන්සාඩ් දෙපාර්තමේන්තුවේ සේවය කළ ජ්‍යෙෂ්ඨ නිලධාරියා මාස තුනක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට කුරුණෑගල පොලීසියේ විශේෂ පොලිස් කණ්ඩායමකට අද (20) ආරක්ෂක අමාත්‍යාංශයෙන් අවසර ලැබී තිබේ.
ජාතික තව්හීත් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම්ගේ ත්‍රස්තවාදී කටයුතු සඳහා ආධාර අනුබල දීමේ චෝදනාවට පාර්ලිමේන්තුවේ හැන්සාඩ් දෙපාර්තමේන්තුවේ සේවය කළ මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරියා අත්අඩංගුවට ගැණිනි.
හදිසි නීති රෙගුලාසි යටතේ මහනුවර අලවතුගොඩ මාවතුපොළ අංක 60 දරණ ලිපිනයෙහි පදිංචි මොහොමඩ් නවුෂාඩ් ජලාල්දීන් නමැත්තා එසේ රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශයෙන් අවසර ලැබී ඇත.
පසුගිය පාස්කු ඉරිදා දින මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ ජාතික තව්හීත් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම් සමඟ සමීප සබඳතා පවත්වමින් එම සංවිධානයේ කටයුතු සඳහා ආධාර අනුබල ලබාදීමේ චෝදනාව යටතේ සැකකරු පසුගිය 18 දා අත්අඩංගුවට ගනු ලැබීය.
සැකකාර පාර්ලිමේන්තු නිලධාරියා පාර්ලිමේන්තු සේවයේ යෙදී සිටියදීම ජාතික තව්හීත් ජමාත් ත්‍රස්තවාදී සංවිධානය සමග එහි ප්‍රබල සාමාජිකයකු ලෙස කටයුතු කර ඇති බව පොලිස් විමර්ශන වලදී අනාවරණය වී තිබේ.
සැකකරු පාර්ලිමේන්තු රැකියාවට යාම සඳහා තාවකාලිකව නවාතැන් ගෙන සිටි රාජගිරියේ නවාතැන්පොළක් සහ අලවතුගොඩ පදිංචි නිවෙස පරීක්ෂාවට ලක් කිරීමේදි තව්හීත් ජමාත් සංවිධානයේ කටයුතු සඳහා සම්බන්ධ ලිපි ලේඛණ රැසක්ද හමුවූ බව පොලිසිය පවසයි.
සැකකරු රැකියාවේ නිරතව සිටියදීම ත්‍රස්ත නායක සහරාන් සමග එක්ව එම සංවිධානය ප්‍රවර්ධනය කිරීමෙහි නිරතව සිට ඇතැයි ද අකුරණ සහ ඒ අවට පෙදෙස් සම්බන්ධීකරණය කිරීමේ කටයුතු අලවතුගොඩ පිහිටි ඔහුගේ නිවසේ සිට මෙහෙයවා ඇතැයිද මේවනවිට අනාවරණය වී තිබේ.
මෙම ත්‍රස්තවාදී සංවිධානය සම්බන්ධයෙන් මෙතෙක් හෙළිනොවූ වැදගත් තොරතුරු රැසක්ම ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදි ඉදිරියේදීඅනාවරණය කරගත හැකිවනු ඇති බව කුරුණෑගල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති වසන්ත කිත්සිරි ජයලත් මහතා ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තත්වය ඇත්තටම නරකයි.
ඔය මනුෂ්‍යයා රටේ ජනතාවට කුපිත නොවී ඉන්නැයි කියා පල්ලි තුනෙන් එකක් අඩු කරලා පාර්ලිමේන්තුවේ ඔය වැඩේ කරන්න සහරාන්ට උදව් කළා නම්...
ජනපති, අගමැති කතානායක සමග පාර්ලිමේන්තුවේ නැතිනම් බලය යන්නේ කාටද?
අප ජාතිවාදීන් නොවන්නෙමු. අපගේ මෙම අදහස් වැරදි ලෙස වටහා නොගන්නා ලෙසද ඉල්ලා සිටින්නෙමු. මෙවන් වැදගත් භාරදූර රැකියාවක් කරන පුද්ගලයින්ගේ පැටිකිරිය නිකමටවත් ආරක්ෂක අංශවලින් සොයා නොබලන්නේද? පාර්ලිමේන්තුවේ හැන්සාඩ් දෙපාර්තමේන්තුවේ සේවයකරන වගකීම් සහිත නිලධාරියෙකුට රටේ "ප්‍රතිමූර්තිය සූක්ෂම ලෙස විනාශ කිරීමට හැකියාවක් නොතිබේද " ? රටේ වැදගත් වගකීම් සහිත මෙවන් රැකියාවක් කරන අතරතුර තමාගේ රටට ද්‍රෝහිවීම නොහොත් දේශද්‍රෝහීවීම බරපතල වරදක් නොවේද? මෙවන් දේශද්‍රෝහීන්ට දඬුවම මරණය හැර වෙන කිසිවක් නොමැති බව දන්වන්නෙමු. රටේ ඕනෑම පුරවැසියෙකුට රාජද්‍රෝහියකු වීමේ අයිතියක් ඇත. නමුත් කිසිඳු පුරවැසියෙකුට තමන් උපන් රටට ද්‍රෝහියකු වීම නොහොත් දේශද්‍රෝහියකු වීමට කිසිදු අයිතිය නොමැත. එවන් ද්‍රෝහීන්ට හිමිවිය යුත්තේ මරණයයි. වෙන කිසිඳු දඬුවමක් මෙම පාහරයන්ට අදාළ නැත...
නිලධාරියා විතරද අත්අඩංගුවට ගන්නේ. තරස්තවාදීන් සමග ළඟම සබදතා පවත්වපු දේශපාලකයෝ යහතින් සිටියදී පොඩි එවුන් ගත්තට වැඩක් නැහැ.
තවමත් මේ පරික්ෂා කිරීම් අත්‍යවශ්‍ය ස්ථාන අතහැර සිදුවේ. පාර්ලිමේන්තු සේවකයන්ට නිල නිවාස සපයන බත්තරමුල්ලේ නිවාස සංකීර්ණයක් කිසිදු සෝදිසියකට ලක් කොට නැත. මේ නිවාස සංකීර්ණයේ ගෙවල් ගොඩේ සැඟවී ඕනෑම අපරාධයක් සංවිධානයට ඉඩ ඇත. සාමාන්‍ය අපිට පෙනෙන දේ වගකිව යුත්තන්ට පේන්නේ නැද්ද ?
ජාතික වීර යෙක් වෙන්න තිබ්බ අවස්ථාව
ලංකාවේ සියලුම මර්මස්තානවල ඔවුන් මුල් බැසගෙන ඉන්නවා. සියලුම රාජ්‍ය ආයතනවල ප්‍රධාන තැන්වලද ඔවුන් ඇති.
තත්වය හිතනතරම් යහපත් නෑ. මේ පිලිකාව හැමතනටම පැතිරිලා තියෙන බවයි පෙනෙන්නේ. පිලිකාව ඇතිවුන තැන ගැටිත්ත විතරක් සම්පූර්මනයෙන්ම අයින් කලත් අවදානවම අහවර වෙන්නේ නෑ. තව තැනකින් ටික කලක් ගියාම මතුවෙන එක වලක්වන්න අමාරුයි. මේ රෝගයේ සන්කීර්න බව සියලුදෙනාම අවබෝද කරගෙන දීර්ගකාලින ප්‍රතිකාර කලයුතුයි. අවදානයෙන්ම සිටිය යුතුයි.
අපරාදේ, දියවන්නාවේ බෝම්බෙ තිබ්බට පස්සෙ අල්ලන්න තිබුණේ...!