IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


හිනා වෙන්න එපා. විපතක්නේ වෙලා තියෙන්නේ

ට්‍රැක්ලන්තේ අලුත්ම තත්වේ ගැන කතා කරන්න ගියොත් ඉතින් ආණ්ඩු පෙරලිලා මොන මොන දේවල් සිද්ද වුණත් ට්‍රැක්වාසීන්ගේ කිසි වෙනසක් නෑ. අව්වට වේලි වේලි, වැස්සට තෙමි තෙමි සුපුරුදු පරිදි ජීවිතය ගෙවාගෙන යනවා.

පහුගිය කාලේ ඉතින් රස්නේයි කිය කිය කෑ ගහපු අයට කට උත්තර නැති වෙන්නම හේදිලා යන්නම දුන්නනේ වැස්සක්. වැහි පිට වැහි වැටුණත් ට්‍රැක්වාසීන්ගේ ආතල් නවත්තන්න කාටවත් බෑ. මොන තරම් ඛේදනීය තත්වයකදී වුණත් ෆුල් ජොලියේ ඕන දේකට මූණ දෙන්න පුළුවන් හැකියාවක් ට්‍රැක්වාසීන්ට තියනවා. පසුගිය කාලේ නන්නත්තාර වෙන්නම ගං වතුර ආපු ට්‍රැක්වාසීන් මේං බොලේ ටික්ටොක් එකේ ටික්ටොක් දානවා ජලක්‍රීඩා කර කර. සමහරු ටයර් වතුරට දාලා නැව් නැගපු කපිතාන් වගේ ගං වතුරේ එහේ මෙහේ යනවා. කෙල්ලෝ කොල්ලෝ භේද නැතුව ගංවතුරේ බැහැගෙන ජාතික ක්‍රීඩා කරනවා. මෙච්චර වෙලත් කවුද කියන්නේ ලෝකේ සතුටින්ම තියන රට ලංකාව නෙමෙයි කියලා. ආර්ථිකයෙනුත් බැටකාලා කාළගුණයෙනුත් බැටකාපු ට්‍රැක්වාසීන් සැලෙන්න තියා හිතලාවත් නෑ. තව තියනවා නම් ප්‍රශ්න ඉදිරියට වරෙව් කියන් පපුව ඉස්සරහට දාන් යන ජාතියක් තමා ට්‍රැක්වාසීන් කියන්නේ.

දැන් දැන් ඉස්සර වගේ දේශපාලනය පක්ෂ නිසා ට්‍රැක්ලන්තේ ලොකුවට වලි එහෙමත් නෑ. හරිම හුරතල් විදිහට බුකියේ කමෙන්ට් දාන් රණ්ඩු වෙනවා ඇරුණම ෆේස් ටු ෆේස් ගිහින් ඇණකොටා නොගන්න තරමට ට්‍රැක්වාසීන් පරිණතයි. එහෙන් මෙහෙන් එහෙම අයත් ඇති. හැබැයි බහුතරය ආතල් එකට රණ්ඩු වෙනවා මිසක් ගහ මරාගන්න යන්නේ නෑ. ඇත්තටම වෙලාවකට හිතාගන්න බෑ ට්‍රැක්වාසීන් පාලකයන්ගෙන් ආතල් ගන්නවද එහෙමත් නැත්තන් පාලකයෝ ට්‍රැක්වාසීන්ගෙන් ආතල් ගන්නවද කියලා. කොහොමෙන් කොහොමෙන් හරි එක දෙයක් හොඳටෝම තේරුනා. මොන පක්ෂේ ආණ්ඩු කරත් ට්‍රැක්වාසීන් නම් ඒකෙන් ආතල් ගන්නවා.

කවුරු කොහොම ආණ්ඩු කරත් ඒ රට කරවන ඇත්තොන්ට අනිත් අයගේ සහය නැත්තන් ඒක කරන් යන්න අමාරුයි. බිත්තර අඩු කරා කියලා හුරේ දාන්න කලින් ඒ පැත්ත බලලා මේ පැත්ත බලද්දි මේං බොලේ ආයිත් වැඩි වෙලා. හාල් හිඟයක් මවලා හාල්වල ගාණත් වැඩි කරන්න දගලනවා. මේවා අහලා හයියෝ කියලා ඔළුවේ අතගහගත්තු උන්දැලා අත පහත දාන්නත් කලින් පොල් ගෙඩියත් ගණන් ගිහින්. ඒ විතරක් නම් මදැයි උම්බල කඩත් ගණන් ගිහින්. තෙල් අඩු වුනාම ත්‍රීවිල් මහත්තුරුන්ට ගාණන් අඩු කරන්න බෑලු. තෙල් වැඩි වෙනකොට වැඩි කරගෙන කරගෙන ගිහින් අඩු වෙද්දි එක රුපියලක්වත් අඩු නෑ. පාං පිටි ගණන් අඩු වුනාම බේකරි නිෂ්පාදකයන්ට කෑම වල ගාණ අඩුකරන්න බෑලු. අනිත් අමුද්‍රව්‍ය මිලයිලු. හැබැයි තිරිඟු පිටි වැඩි වෙන්න වැඩි වෙන්න නම් හෝ ගාලා වැඩි කරා. ඊට හපන් බස්වල ගාස්තු අඩුකරපු විදිහ. මහජනතාවට කිසිම සහනයක් නැති විදිහට අඩු කරා. අවම ගාස්තු 27 යි. රුපියල් තුනක් දුන්නම ඉතුරු 3 ක් දෙන කොන්දොස්තර මහතෙක් හිටියොත් අපිටත් කියන්න. මේ දවස්වල ලංකාවේ තියන ඔක්කොම රුපියලේ දෙකේ කාසි ටික ළඟ තියන් ඉන්නේ කොන්දොස්තර මහත්තුරු. කඩේකට ගියත් ටොපියක් දීලා එවනවා මිසක් ඉතුරු 2 , 5 නම් ලැබෙන්නෙම නැති තරම්. මේ හැමදේකින්ම තැලිලා පොඩිවෙන්නේ අහිංසක මහජනතාව.

ඒ මදිවට බණ කියන්න ඕන අය දේශපාලනයට ගිහින් රඟපාන්න ඕන අය සින්දු කියන්න ගිහින් සින්දු කියන අය රඟපාන්න යනවා. නලුවෝ ගිහින් දේශපාලනය කරන්න. මේ දවස්වල ට්‍රැක්ලන්තේ ඔක්කොම කණපිට. එක දෙයක් හොඳින් මතක තබා ගත යුතුයි. ගුරුවරු , ගායකයෝ, නළු නිළියෝ කවදාවත් දේශපාලනයට යන්න එපා. ඇයි අහන්න එපා . යන්න නම් එපා. තමන්ගේ මතේ රහසක් විදිහට තියා නොගත්තොත් අන්තිමට දේශපාලනෙත් නෑ . රසිකයොත් නෑ.

ජයනි සිතාරි අල්විස්.

 



අදහස් (0)

හිනා වෙන්න එපා. විපතක්නේ වෙලා තියෙන්නේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 440 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16887 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 664 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site