(ඩයනා උදයංගනී සහ සමන් පාලිත නානායක්කාර)
හදිසියේ රොගී වූ දින දෙකක් වයසැති බිළිඳියක ඉන්ධන ගැටළුව හේතුවෙන් රෝහල්ගත කිරීමට ප්‍රමාද වීම නිසා මියගොස් ඇතැයි හදිසි මරණ පරීක්ෂණයේදි තහවුරු වූ බව දියතලාව හදිසි මරණ පරීක්ෂක ඩී. එම්. දිසානායක මහතා පවසයි.
මෙසේ අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්වී ඇත්තේ හල්දුම්මුල්ල සොරගුනේ රදාකඳුරේ බිළිඳියකය.
ප්‍රමාණවත්ව කිරි උරා නොබීම හේතුවෙන් සිරුර කහ පාට ගැන්වීම නිසා දරුවා රෝහල්ගත කිරීමට පියා තීරෝද රථයක් සෙව්වද ඉන්ධන හිඟය නිසා ත්‍රී රෝද රථයක් සොයාගැනීමට අපහසු වී ඇත. මේ නිසා බිළිදිය රෝහල්ගත කිරීමට පැයකට අධික කාලයක් ප්‍රමාද වූ බව හදිසි මරණ පරීක්ෂණයේදී සාක්කි දෙමින් පියා පවසා ඇත.
ප්‍රමාණවත් කාලයක් තිබියදී රෝහල්ගත කෙරේ නම් දරුවා බේරාගත හැකිව තිබූ බව පියාට වෛද්‍යවරු පවසා තිබේ.
පෙට්‍රල් ලීටරයක් සොයා ගැනීමට නොහැකිව වීම නිසා දියණිය මිය ගිය බවට පියා සාක්ෂි ලබාදී තිබේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාපවේවා දේශපාලක හැතිකරේටම..!!!
තෙල්ටික හරියට සපයන්න බැරි කාලකණ්ණි ඉන්න රටක මෙවැනි දුක්මුසු පුවත් අසන්න ලැබීමත් දුකක්...!
හරිම සංවේදී පුවතක්... වෛද්‍යවරයා ලියන ලද ට්විටර් සටහනේ අවසාන කොටස කියවන ඕනෑම කෙනෙකුට කඳුළු එනවා නොඅනුමානයි.
නිවන් සුව ලැබේවා .... මෙවන් රටක යලි නූපදීවා...!!!
කාලකණ්ණින්ගේ පව ගෙවෙන්නේ නොදරුවන් මතින්...
සාපවෙනවා මේ රට මේ තත්වයට පත්කරපු හැමෝටම...!
රටේ තත්වය ඉතා අසාධ්‍යයි. රෝහල් වල බෙහෙත් නැතිව කීදෙනෙක් මරණයට කැපවෙලා ඉන්නවාද? ඒත් අපිට මේ දවස්වල පැය 24 ම රූපවාහිනියේ පෙන්වන්නේ රටේ මේ තත්වෙට වගකිවයුතු දේශපාලුවන් තමන්ගේ විනාශ වුණු ගෙවල් බලන්න ගිහින් නාහෙන් අඬන එක විතරයි.
මේ කාලකන්නි දේශපාලකයින්ට සාපවෙන්න ඕන... මේ ඉන්ධන සහ ගෑස් ප්‍රශ්නයට... නමුත් මෙතන මේ බිළිඳු මරණයට පෙට්‍රල් ප්‍රශ්නේ කෙලින්ම සම්බන්ධයක් නැහැ කියලයි මට හිතෙන්නේ 1) මේ වගේ තත්වයක ඉන්න බිළිඳෙක් රෝහලෙන් ගෙදර යැව්වේ ඇයි? 2) පෙට්‍රල් නැතිබව හොඳින්ම දන්නවා නොවැ ඔය දියතලාව පැත්තේ නෙමෙයි... ලංකාවේ ඕනතැනක් ඔය තත්වයේ ඉන්න අම්මා කෙනෙක් දරුවත් එක්ක පාරට ආවා නම් වාහනයක් නොනවත්වා ඉන්න තරම් තිරිසන්නු තාම මේ රටේ නැහැ කියලා හිතනවා... මේ මට හිතෙන හැටි...!
මේ පණ්ඩිත වදන් මුහුණු පොතට හොඳයි. හැමදේම කරන්නේ දේශපාලුවන් නම් දොස්තරලා මොකටද? එවන පෙට්‍රල් ටික හංගන්නේ දේශපාලුවන් නොවේ. සිමෙන්ති හංගන්නේ දේශපාලුවන් නොවේ...
මෙවැනි අවස්ථාවක කළයුතු මූලික ප්‍රථමාධාර ගැන නොදැනීම... අපේ රටේ අධ්‍යාපනයේ ද වරදක් ඇති බව මට සිතේ...
මේ එක දරුවෙක් විතරයි. ඉදිරියේදී මේ වගේ තවත් දේවල් සිදුවෙන්න පුළුවන්.