(ඩයනා උදයංගනී)
විදුලිබල ක්ෂේත්රයේ උද්ගතව ඇති අර්බුදකාරී තත්ත්වයට විසඳුමක් ලෙස හදිසි විදුලි මිලදී ගැනීම් ලෙස ලබන වසරේ මැයි මාසය දක්වා බලාගාර දෙකකින් විදුලිය මිලදී ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
වර්තමානයේ ඇතිවී තිබෙන විදුලිබල අර්බුදය විසඳීම සඳහා ගත යුතු කෙටි, මධ්‍ය හා දිගු කාලීන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පත්කර ඇති අමාත්‍ය කමිටුව මගින් නිර්දේශ කර ඇති පරිදි මෙම විදුලිය මිලදී ගැනීමට නියමිතය.
බලාගාර දෙකකින් විදුලිය මිලදී ගැනීමට එම කමිටුව නිර්දේශ කර ඇති අතර මේ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස අනුමැතිය හිමිව ඇත.
ඒ අනුව කෙරවලපිටියේ ස්ථාපිත කර ඇති බත්තල මත ඉදි කරන ලද මෙගාවොට් 200ක බලාගාරය මඟින් ලබන ජුනි මාසයේ සිට ඉදිරි මාස 6ක කාලයක් සඳහා විදුලි ඒකකයක් රුපියල් 26යි ශත 20 බැගිනුත්, ගාල්ලේ ස්ථාපිත කර ඇති බත්තල මත ඉදිකරන ලද මෙගාවොට් 200 ක බලාගාරය මගින් ලබන සැප්තැම්බර් මාසයේ සිට ඉදිරි මාස 9 ක කාල සීමාවක් සදහා විදුලි ඒකකයක් රුපියල් 26 යි ශත 20 බැගිනුත් මිලදී ගැනීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහා බැංකුවෙන් කාපු කැවිල්ල කා ගෙන කා ගෙන යනවා.අතට අහුවෙන හැම එකම කන එකයි දුක ..මේ කන කෑමට රටක් ඉතිරි වෙයිද මන්දාා ...
රටගිනිගත් වෙලාවේ එයාගේ මඩිය පුරවා ගන්න ඕනෙනේ..
කෝ මංගල, චම්පික? රවී ඉදිරිපත් කරනකොට විරෝධය පල කරනවා. නමුත් අගමැති ඉදිරිපත් කරනකොට නිහඬයි. රවීගෙන් කරන්න බැරි නිසා අගමැති දාලා කරගත්තා. මෙහෙම තමයි මහ බැංකුවටත් වුනේ. අනික විෂය භාර ඇමති.... අගමැතිත් නොවේ.
මේ ප්රශ්නය මෙතරම් දුර දිග යන්නේ වැඩ නොදන්නා කට්ටිය ඇමතිකම් දරනකොට... මේ සම්බන්ධව, දැක්කේ නැත්ද? රටට කරපු විනාශය.. ආරක්ෂක ඇමති ඉන්නේ ආරක්ෂාව දෙන්න නෙමේලු. එහෙනම් හොරා කන ඔවුන්ව ආරක්ෂා කරන්න වෙන්න ඇති. අපේ රට කවදාවත් දියුණු වෙන්නේ නැහැ තවත් ප්රපාතයටම... තමයි වැටෙන්නේ. රට බාරව වැඩ කරන අයට ඔලුවක් නැහැ. හිතන්න ක්‍රමයක් නැහැ. ඉපදෙන කොට තිබුණු මොලයම තමයි... ඒවා වර්ධනය වෙලා නැහැ. මන්දගාමියි...
රවියගේ මඩිය තවත් තරවෙයි.
පින කියන්නේ ගන්න ගන්න අමාත්‍යංශයෙන් හොඳට හම්බු කරගන්න ලැබෙනවා ...!!! හරි නම් කරලා තියෙන හොරකම් වල හැටියට හිරෙයි ඉන්න ඕනේ...!!! එ්ත් ඉතින් මේ ලංකාවනේ ...!!!
සතොසට, ලොතැරයියට දුන්නේ කුඩු වෙන්න...// බැංකුවට දුන්නෙත් ඇඩ්රස් නැති වෙන්න ....// මේ ඔක්කොම කළ මට විදුලිය මහකජ්ජක්ද..// බලා ගනිව් විදුලියට දෙන්නෙත් කරන්ට් නැතිවෙන්න..//
අපේ මන්ද බුද්ධික නැතිනම් හොර මගඩි පාලකයින්ට කොච්චර කිව්වත් වැඩක් නෑ. නොමිලේ බැරිනම් සහන මිලකට සුර්ය පැනල නොදෙන්නේ ඇයි? මුන්ගේ මඩිය තර වෙන්නේ නැති නිසා නේද? එක වරක් පෞද්ගලික අංශයෙන් විදුලිය ගන්න වැය වන මුදලින් මේක කරන්න පුළුවනි. නොකරන්න හේතුව පැහැදිලියි නේද.